(මුදිතා දයානන්ද )
2016 වසරේ සිට වසර තුනකදී පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල්වලින් රුපියල් මිලියන 496ක් අඩුවෙන් ගෙවා ඇති බව පොලිස් ත්‍යාග අරමුදල් සම්බන්ධයෙන් කළ විශේෂ විගණනයකදී ආනාවරණය වී තිබේ.
2015 පොලිස් නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරන නඩු අනුව රජයට ගෙවනු ලබන දඩ මුදල් වලින් 60%ක් පොලිස් ත්‍යාග අරමුදලටත් 20 % අයෝජනවලටත් යෙදවිමට නියමිත විය.
2015 දෙසැම්බර් 07 දිනැති පොලිස් නියෝගය අනුව 2016 සිට දඩ මුදල්වලින් 70%ක් පොලිස් ත්‍යාග අරමුදලටත් 10ක් අයෝජනවලටත් යෙදවිය යුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එහෙත් 2016 සිට පොලිස් ත්‍යාග අරමුදලට වෙන්කළ යුතු මුදලින් 2016දී මිලියන 192ක්ද, 2017දී මිලියන 234ක්ද, 2018දි මිලියන 64ක්ද අඩුවෙන් තක්සේරු කර ඇති බව එම වාර්තාවේ දැක්වේ. එය 2016 හා 17 වසරවලදි 2015ට පෙර ගෙවූ 60% සීමාවට ද වඩා අඩු වී ඇත.
2016දී පොලිස් කොට්ඨාස 37ක් වෙත නිකුත් කරන ලද ත්‍යා මුදලින් රුපියල් මිලියන 76ක් ආපසු පොලිස් මූලස්ථානය වෙත යොමුකර ඇති බවද සඳහන්වේ. රථ වාහන ස්ථානීය දඩමුදල් වලින් 40%ක් පොලිස් ත්‍යාග අරමුදලට එකතු විය යුතු වුවද එය සාමාන්‍ය ආදායම් ලෙස ගිණුම් ගතව ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි බං අපි කියන්නේ කෙලින්ම අපි දෙන කීයක් හරි අරගෙන අපිව යවපල්ලා කියලා... කොහෙද නුඹලා වැඩියෙන් ගන්න හිතාගෙන උසාවි දානවනේ... දැන් බලන්න වැඩියෙන් තියා අපි දෙන්න හදපු ටිකවත් නුඹලාට නෑනේ... අප්‍රමාණ සන්තෝෂයි.
යහපත් ක්‍රියාවකට පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු තෑගිමුදල් ප්‍රමාද නොවී ගෙවිමෙන් දැනට සේවය කරන අයගෙන් අවංක ටිකදෙනාවත් රැකගන්න පුළුවන් වෙනවා. පාරේ ගමන් කරන වාහන නවතා ගැන කපාගන්න අය බලු වලිගය වගේ වෙනස් කරන්න බැහැ...