( තිළිණි ද සිල්වා
කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යාමෙන් ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දැමීමත් සමඟ එම නගරවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.
එම ප්‍රාන්තවල සිටින සියලු පුද්ගලයින් අනිවාර්යය නිරෝධායනට ලක්කිරීමට ඉතාලි රජය තීරණය කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 104,000කට අධික පිරිසක් ඉතාලියේ වාසය කරන අතර ඉන් 60 % කොරෝනා වෛරසය පැතිර යමින් පවතින එම ප්‍රදේශයේ වාසය කරන හෙයින් අදාළ ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද ඉතාලියේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පැවසීය.
එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් කාර්යාලය හරහා අධීක්ෂණ කටයුතු සිදු කරන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එහි වෙසෙන ලාංකිකයින්ට යම් සහයක් අවශ්‍ය නම් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ (0039)-06-884-0801 හෝ (0039)-06-885-4560 යන සාමාන්‍ය දුරකතන අංකයන් වලට අමතන්නැයිද රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.
උතුරු දිග ඉතාලියේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දමා එහි සියලු පුද්ගලයින් අනිවාර්යය නිරෝධායනට ලක්කිරීමට ඉතාලි රජය පෙරේදා (08) තීරණය කෙරිණි.
ඒ අනුව පුද්ගලයින් මිලියන16ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට ලක් කෙරෙන අතර ලබන අප්‍රේල් මුල් භාගය දක්වා කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශවලට පැමිණීම හෝ ඉන්පිටව යාම තහනම්කර ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.වසා දැමුණු ඉතාලියේ උතුරු ප්‍රදේශ අතරට ලාංකිකයින් බහුතරයක් වෙසෙන මිලාන් නගරය සහ ලෝක සංචාරක ආකර්ශනයක් සහිත වැනීසිය ද ඇතුළත් වේ.
නිරෝධායන කාල සීමාව තුළ සියලුම පාසල්, අධ්‍යාපන ආයතන වසා දැමෙන අතර සියලුම ක්‍රීඩා තරගාවලි, ආගමික හා සංස්කෘතික උත්සව ආදිය පැවැත්වීම තහනම් කර ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ රට ලෙස සැලකෙන ඉතාලියේ වෛරස ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 233ක් දක්වා ඉහළ ගොස් ඇත.එය චීනයෙන් බැහැරව කොරෝනා ආසාදිත වැඩිම මරණ සංඛ්‍යාව යැයිද විදෙස් මාධ්‍ය සදහන් කර සිටී. මේ අතර ඉතාලියේ ඊයේ (08) දිනය වන විට වෛරස ආසාදිතයින් 5883 දෙනෙකු වාර්තා විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිතර අත්දෙක සබන් දමා සෝදමින් පොදු ස්ථාන වලදී හැකි පමණ අනිත් පුද්ගලයින්ගෙන් ඇත් වෙමින් විශේෂයෙන්ම අනෙකාගේ කිඹුහුම් වලින් බේරෙමින් ( කෙනෙක් කිබුහුමක් ඇරියවිට මුණ වසාගෙන අඩි දහයක්වත් ඇතට දුවන්න ) මුදල් වල විෂබීජ අඩංගුවිය හැකි නිසා ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරමින් සිටින්නේ නම් මේ රෝගය වැළඳීම ගැන බිය විය යුතු නැත. ගෙදරට අමුත්තෙක් පැමිණි විට ඔහුට ප්‍රථමයෙන් අත සබන් දමා සෝදා ගන්න උපදෙස් දී හදිසි කිඹුහුමකදී මුහුණ ආවරණය කරගන්න යමක් අතට දෙන්න. විටමින් සී බහුල අහාර නිතර අනුභව කරන්න. වෙළඳපොළට හෝ වෙනත් කාර්යය වලට ගෙදර සියල්ලම නොයා එක තරුණ සහ නීරෝගී පුද්ගලයෙක්ව යොදාගන්න. ඉතාලිකාරයෝ කලබලෙන් අහර ද්‍රව්‍ය මිලදී ගන්නා බැවින් හිගයක් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන්ම කුඩා ළමයි ඇති පවුල් මේ ගැන සැලකිලිමත් වන්න. දුරකථන මගින් පමණක් නිතර මිතුරන් සමග සම්බන්ධතාව පවත්වා ගන්න.
කවදාවත් ෆෝන් උස්සන්නේ නැති එම්බසිය මෙන්න නොම්මර දෙකක්ම දීලා. ලෙඩේ හැදුනම අපි කතා කරන්න ඕනේ පවුලේ දොස්තරටද නැත්නම් එම්බසියටද? බොහෝ අයට අපේ එම්බසිය ගැන ඇත්තේ අප්‍රිය හැගීමකි.
එම්බසියට අපි වෙනදා වගේ බ්ලා... වසන්ත වගේ තැරව්කරුවෙක් හරහාද මේ වැඩේටත් ඉදිරිපත් වෙන්න ඕන..?
ඉතාලියේ සිටින වයසක අයට මේ වයිරසය අසාදනයවී, මරණයට පත්ව ඇති බව ලොවට රහසක් නොවේ. එ්ත්, ඉතාලි සුනඛයින් වත් කුලප්පු වූ නොවූ මේ කොරෝනාවට ඉතාලියේ ලැගුම්ගෙන සිටින අනාථ සුනඛයින් කුලප්පුවී උඩුබිරීම, ඉතාලි ජනතාවට තබා ඒ රටේ සුනඛයින්ටත් අදහාගත නොහැකි කරුණකි... ඔවුන්, ඔවුන් ගැන බලා ගනීවි, ලෝකෙටම කොඩිවිනයක් වූ කාලකන්නි!
දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්... ලෝකයේ රටවල්වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80% ක් ජීවත් වන ප්‍රදේශයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් මානව සංහතියම අනතුරේ... අනවශ්‍ය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සඳහා අප සූදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමූහිකව මෙයට මුහුණ දුන් නිසා අද වනවිට යම්කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමුහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි...