(බිඟුන් මේනක ගමගේ )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා පක්ෂග්‍රාහී හා අගතිගාමී ලෙස මැතිවරණ ප්‍රචාරණයෙහි නිරත වන බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
ආයතන සංග්‍රහය අනුව රෝහල් අධ්‍යක්ෂවරයා දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකු වුවද එක් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරමින් කටයුතු කරන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කළ එම පැමිණිල්ලේ සඳහන් වේ.
වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා මහමැතිවරණයේදී නාමයෝජනා ලබාගැනීමේ අරමුණෙන් විවිධ රැස්වීම් පවත්වා ඇතැයි ද එහි ප්‍රචාරණ කටයුතු සඳහා තම මුහුණු පොත භාවිත කර ඇතැයි ද එහි සඳහන් වේ.
ඒ අනුව ආයතන සංග්‍රහයේ 1.1, 1.2.3 හා 1.3 උපවගන්ති උල්ලංඝණය වන අයුරින් වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා ක්‍රියා කර ඇතැයි ද එම සංවිධානය චෝදනා කරයි.
වීරබණ්ඩාර මහතා ප්‍රචාරණ කටයුතු සිදුකළ බවට සාක්ෂි හැටියට ඔහුගේ මුහුණු පොතේ සටහන් හා ඡායාරූප ද සිය පැමිණිල්ල සමග මැතිවරණ කොමිසමට යොමු කිරීමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි පහුගිය කාලේ කුරුණෑගල අම්මලා ගෙන්නාගෙන ජෝගි නැටුවේ... පරීක්ෂණ කරන්න එන්න කිව්වාම අම්මලා කවුරුත් ගියේ නැහැ... සමහර අම්මලා ගැබ් අරගෙන... මොන පක්ෂයටද වැඩ කලේ කියලා කවුරුත් ආයේ කියන්න ඕනේ නැහැනේ. තමන්ගේ වෘත්තියේ නම්බුව වත් ආරක්ෂා කරන්න දන්නේ නැති මිනිස්සු පාර්ලිමේන්තු ආවම රටට මොන කලක් යාවිද කියලා දෙයියෝ තමයි දන්නේ...
මේ අය ඔක්කොම එකතුවෙලා ජනාධිපතිවරණයේදී සිංහලයා හොඳටම රවටලා ගොනාට ඇන්දුවා. මේවායේ ඵලවිපාක අවුරුදු 2ක්, 3ක් යනකොට කාටත් දැනෙයි.
අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාත් කරන්නේ මේ වගේ වැඩක්...
මුහුණු පොතේ පින්තූර බැලුවොත් ඔය පක්ෂ, විපක්ෂ දෙකටම කඩේ යන ගොඩක් රාජ්‍ය නිලධාරීන් අල්ලා ගන්න පුළුවන්...
බිබිල රෝහලේත් සමහර වෛද්‍යවරුන් කරන්නේත් මේ වගේ වැඩක්.. මේ ඔක්කොම GMOA කල්ලිය...