( නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සැකසීම මෙම සතියේදී අවසන් කරන බව එහි ජ්‍යෙෂ්ඨයෙක් ලංකාදීපයට අද (9) පැවැසීය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නාමයෝජනා කමිටුව දිස්ත්‍රික් නායකයන් කැඳවමින් නාමයෝජනා පත්‍ර සකස් කරමින් සිටින බවද හෙතෙම කීය.
මහ මැතිවරණය සදහා තම සන්ධානය ලබන සතියේ සඳුදා හා අඟහාරුවාද දින දෙකෙහි නාමයෝජනා බාරදෙන බවද ඔහු පැවසීය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාමයෝජනා පත්‍රයෙන් සියයට 30 ක කෝටාවක් ලබාදිය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයෝ පිරිසක් පක්ෂ නායකත්වයට දැනුම්දී තිබෙන බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි පුතා බදුල්ලෙන් එනවා කියන්නේ ඇත්තද ?
පොරොන්දු උන අන්දමට අධිකරණයේ නඩු තියෙන අයට නාමයෝජනා නොදී ඉන්න බැරිවෙයි එහෙනම්. චෝදනා තියෙන කට්ටියමනේ තේරුම් සභාවේ ඉන්නෙත්. පරණ බීමක් අලුත් බෝතලේක දාන්න යනවා වගෙයි පෙනෙන්නේ.
බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ගේ අයටත් නාමයෝජනා දෙයි වගේ. රටට වැඩක් කරන්න පුලුවන් උගත්, බුද්ධිමත්, හරිහමන් උදවිය මේ රටේ ඕනෑතරම් ඉන්නවා. පවුල් පිටින් දේශපාලනේට ඇවිත් හොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් බඩවඩා ගන්න හදන උන්නේ ඉන්නේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාමයෝජනා දෙන්න අවශ්‍යම නැහැ...
හොරුන්, තක්කඩියන් අතරට, තමුන් විද්වතුන් යයි කියා ගන්නා වන්දිභට්ටයින්ගේ නමක් දෙකක් දාලා ඉදිරිපත් කළාම රටම ලණුව කනවා. අන්තිමට හොරු ටිකක්ම පත්වෙනවා.