කොරෝනා වෛරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් සමඟ කුවේටය පැවැත්වූ සියලු ගුවන් ගමන් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට කුවේට් බලධාරීන් තීරණය කර ඇතැයි එරට පළවන ඇරැබ් ටයිම්ස් පුවත්පත ඊයේ (08) වාර්තා කළේය.
ඒ අනුව පෙරේදා දින (06) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය , ඉන්දියාව, ලෙබනනය, සිරියාව සහ ඊජිප්තුව යන රටවල් 7 වෙත සහ එම රටවලින් පැමිණෙන ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමට කුවෙට් සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල් හතේ සති දෙකකට වැඩි කාලයක් ගතකළ විදේශීය ශ්‍රමිකයින්ට ද කුවේටය වෙත ඇතුළු වීම තාවකාලිකව තහනම් වනු ඇතැයිද ඇරැබ් ටයිම්ස් වාර්තා වේ සඳහන් වේ.
කෙසේ නමුත් අදාළ රටවලින් පැමිණෙන කුවේට් ජාතිකයින් සති දෙකක නිරෝධායන කාලයකට යටත්ව රටට ඇතුළු කර ගන්නා බවද එරට රජය සඳහන් කර සිටී. මේවන විට කුවේටයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වී ඇත.
මේ අතර කොරෝනා වෛරස් රෝගය සීඝ්රයෙන් පැතිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවෙට් රාජ්‍යය වෙත සිදු කරන ගුවන් ගමනද් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම ගුවන් සේවා කියා සිටී. ලබන 12 වැනිදා දක්වා අදාළ ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුවේටයේ රෝගීන් 58ක් ඉන්නවා. ලංකාවේ කොහෙද කොරෝනා රෝගීන් ඉන්නේ? මැද පෙරදිග මුස්ලිම් රටවල් මේවගේ තීරණ ගන්නකොට අපි වගේ දුප්පත් රටවල් පහතට දමන්නමයි බලන්නේ...
විහිළුවක් වගේ මේක. ලංකාවට කුවේට් එකේ අය ගන්න එක තමයි නතර කරන්න ඕනෑ. අපේ රටේ කවුරුත් නැහැ තවම... අපි වෙන රටක හිටියත් අපි අපේ රටට ආදරෙයි.
දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්. ලෝකයේ රටවල් වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80%ක් ජීවත්වන ප්‍රදේශයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් මානව සංහතියම අනතුරේ... අනවශ්‍ය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සදහා අප සූදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමූහිකව මෙයට මුහුණ දුන් නිසා අද වනවිට යම් කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමූහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි...
අපේ රටේ කට්ටියම මෙහෙ එන්න එපා කියනකොට කුවේට් අය කිව්වාම මොකද්ද වෙන්නේ..? ඒ රටවල් වලටම ගිහිල්ලා හම්බ කරලා එ් ගොල්ලන්ටම බනින එක අපේ සංසාරගත පුරුද්දක් වෙලා දැන්... අපේ කට්ටිය නම් කවදාවත් හදන්න බෑ...