(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂයේ කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉන් කොටසක් එජාපයටත්, කොටසක් සමඟි ජන බලවේගයටත් ඡන්දය දෙන අතර තවත් පිරිසක් ඡන්දය නොදීමටත්, කළකිරුණු අය පොදුජන පෙරමුණට කතිරය ගැසීමටත් හැකි බව ද විජයවර්ධන මහතා සඳහන් කළේය.
ජනතාව ඉදිරියේ පච වී ඇති ආණ්ඩුව පරාජය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එක්ව මහ මැතිවරණයට තරඟ කළ යුතු බව ද හිටපු මන්ත්‍රීවරයා කීවේය.
මේ වන විට පක්ෂය කොටස් දෙකකට බෙදීමෙන් අර්බුදයක් මතුව තිබෙන බව කී රුවන් විජයවර්ධන මහතා එහි වාසිය ලැබෙන්නේ රටට, ජනතාවට හෝ එම දෙපාර්ශවයටම නොව රාජපක්ෂවරුන්ට බව ද සඳහන් කළේය.
එබැවින් නාමයෝජනා දිනට පෙර හෝ යම් එකඟතාවක් ඇතිකරගැනීමේ අරමුණින් සාකච්ඡා පවත්වාගෙන යන බව කී හිටපු මන්ත්‍රීවරයා එකමුතුව ඇතිවන තැනක් වේ නම් ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට දෙපාර්ශවයම සූදානම් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කීවේය.
වෙන්ව තරඟ කළ ද මැතිවරණයෙන් පසු හෝ එක්ව ඉදිරියට යාමට දෙපාර්ශවයට හැකි බව ද කී මන්ත්‍රීවරයා නමුත් වඩා වැදගත් වන්නේ මැතිවරණයට පෙර එකමුතුවී ජනතාව වෙනුවෙන් හඬක් නගා ආණ්ඩුවට අභියෝගයක් වීම බව ද ප්‍රකාශ කළේය. රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට ජනතා විරෝධී ගමනක් යමින් සිටින ආණ්ඩුව පරාජය කිරීමට නම් එදා මෙන්ම අදද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම එක්ව කටයුතු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

( ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරැදියි. සජිත් මෙය තේරුම් ගතයුතුයි.
එහෙම වෙන්නේ නැහැ රනිල්ට කැමති නැති එජාප පාක්ෂිකයන් කොහොමත් සජිත් පිලට කතිරේ ගහනවා. එජාපයෙන් වෙන පක්ෂ වලට ගියපු රනිල් විරෝධීන් අනිවාර්යයෙන් සජිත් පිලට එකතු වෙනවා. රනිල් පිලේ හිටියොත් ඔබලාටත් කොහොමත් ගෙදර යන්න වෙනවා. රටේ ජනගහනයෙන් 95%ක් රනිල් විරෝධීන් බව අමතක කරන්න එපා...
දෙකට කැඩෙන්නේ නැහැ. පක්ෂයේ සියයට 95ක් සජිත් සමග. ඡන්දයකදිත් සජිත් සමග... සජිත් වෙනම ඉල්ලද්දී..., ඉල්ලන සියල්ලම ගෙදර යවන්න ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා..
යූ.එන්.පී පාක්ෂිකයින්ට ඕනෑ අලියා ලකුණ... ලකුණ ජාතික ප්‍රශ්නයක් කරගනිමින් ජාතික සේවයට ජනතාව රට නගාසිටුවන හැටි පේනවා... මේ නිසා තමයි කලකිරුණු පාක්ෂිකයා මොකටවත් නොදී එ් තුන්වන පාර්ශවයකට දෙන්නේ අලීන් කීයටවත් පොහොට්ටුවට දෙන්නේ නැහැ.
අපෝ, කතාකරලා වැඩක් නැහැ. අපිට කිසිම සංවර්ධන කටයුත්තක් සිදු වුනේ නැහැ.
සජිත් වෙනම ඡන්දය ඉල්ලුවොත් එජාපය වෙනම ඉල්ලනවලු අලියාගෙන්...එහෙම වුණොත් අලියාගෙන් ඉල්ලන සියල්ල ගෙදර යාම ස්ථිරයි. රනිල් සහ 10දෙනෙකු ඇතුළු ගෝලයන් පිරිසකට අකැමැත්තට ලක්වෙලා අවසන්...
රනිල් සහ කොළඹ හතේ කට්ටිය වහාම යායුතුයි. සජිත් ඇතුළු බහුතර එජාපයට, පාක්ෂිකයින්ට ඉඩදී...
පක්ෂ, පාට කුමක් වුණත් අපේ ගමේ රනිල්ට කැමති මනුස්සයෙක් හොයාගන්න නැහැ. පසුගිය ජනපතිවරණයෙන් පස්සේ මගතොටේ දේශපාලනය කතාකරන තැන්වලදී රනිල්ට කැමති කිසිම කෙනෙක් මට හමුවී නැහැ. පක්ෂය රනිල් යටතේ අවුරුදු 25 -30 දිගටම පැරදුණු නිසා... අරටු බැහැපු එජාප සාමාජිකයින්ට රනිල් නයාට අඳුකොල මෙනි. රාජපක්ෂ පවුල සහ පොහොට්ටුවේ නායකයින් නම් රනිල්ව ආරක්ෂා කරනවා. හේතුව රනිල් ඉන්නකම් ඒ ගොල්ලන්ට ගේමක් නැති නිසා...
පක්ෂය ගැන ඔහොම හිතුණාට රට ගැන ඔහොම නොහිතෙන එකනේ මහත්තයෝ අවුල...!!!
රනිල් සමග ඉන්නකම් පක්ෂයට අනාගතයක් නැති බව පාක්ෂිකයන් දන්නවා. පාක්ෂිකයින්ගෙන් 90%ක් සජිත් සමගයි. පුළුවන් නම් රනිල්ට තනියම ගිහින් වැඩ පෙන්නන්න කියන්න.
මේ පාර අපිට සජිත් අගමැති කරන්න ඕන නෑ. රනිල් ඇතුළු පක්ෂයට අරක් ගත්තු රාජපක්ෂලා සමග ඩීල් ගහන බහිරවයින් ටික පන්නලා දාලා 2025 යූඑන්පී ආණ්ඩුවක් හදන්නයි ඕනෑ..
එන ඡන්දෙන් මෙයා ගෙදර...
1975හේ ආසන හතට බැහැලා තිබුණු වෙලාවේ මැයි දින පෙළපාලියට එක්සත් ජාතික පක්ෂයෙන් ලාහට ගෙම්බෝ එකතු කරගත්තා වගේ ටික දෙනෙක් ආවේ... සිරිකොතේ කිසිවෙක් සිටියේ නැත. කොහොමහරි ජයවර්ධන 1977 ඡන්දයේදී පක්ෂය ගොඩ ගත්තා. නමුත් ඊට පස්සේ ආපු සත්තු ඇවිල්ලා එක කාලම දැම්මා... දැන් අතුගාලම දාන්නේ නැතිව එකතුවෙලා ප්‍රබල විරුද්ධ පක්ෂයක් හදා ගනිල්ලා... එතකොට තමයි රටට හොඳක් වෙන්නේ....
රටේ පැරණිම පක්ෂ 2, යූ.ඇන්.පී. යත්, ශ්‍රීලනිපත් 2ම ඉවරයි. ඡ්යෙෂ්ඨයින්ගේ බල තණ්හාව මීට හේතුවයි. පච දේශපාලනය ඉවත් කර රට වෙනුවෙන් ක්‍රියාකරන දේශපාලකයින් ඉදිරියට ගැනීම ජනතාවගේ ප්‍රබල වගකීමක්... මෙවර මැතිවරණය ඊට හොඳ අවස්ථාවක්... පක්ෂය මොකක් වුණත් හැකිතාක් අවංක, බුද්ධිමත් අයට මනාපය දෙන්න.
එජාපයෙන් බලපෙරේතයින්, දූෂිතයන්, ක්ලබ්කාරයින් පන්නා දමා... නියම සමාජ සේවකයන් තෝරාගෙන වැදගත් පක්ෂයක් හදාගන්න මෙය අනගි අවස්ථාවක්... විනයක් නැතුව රට හදන්නත්, පක්ෂයක් කරගෙන යන්නත් බැහැ. දැන් සිදුවුනේ, ලෝකෙම්ම විහිළුකාරයින් සමග එකතු වෙලා කුමන්ත්‍රණයක්... ඡන්දෙ දිනන්න නෙමෙයි. දැන් පැරදුණත් පස්සේ හොඳ වෙයි..
පවතින රජය පචවුණා නම්, හිටපු රජය පහතට වැටුණා. යූ.එන්.පීය අත්වල ලේ තවරාගත්ත පක්ෂයක්...
ලෝකෙම නායකයන් කොරෝනා වෛරස් එකෙන් තමන්ගේ රටේ මිනිස්සු බේරාගන්න දඟලනවා. පක්ෂවල නායකයන්, සලකුණ, කොටින්ම පක්ෂ දේශපාලනය තමයි ඔහේලගේ ඔලුවේ තියෙන්නේ. ඕවා ප්‍රශ්නද හලෝ..?
ඉතින් අනේ දෙවියනේ ඕගොල්ලෝ දෙකට බෙදෙන්නකෝ? හතරට බෙදුනත් අපිට හරි සංතෝෂයි.
අපි සියලුදෙනා ගරු රනිල් මැතිතුමා සමගයි. ලෝකයා ඉල්ලන පරිණත නායකත්වය ගරු රනිල් මැතිතුමායි.
කවුරුන් කෙසේ කීවත් රට විනාශ කළ සහ පාවාදුන් අය අතරේ ප්රශ්නයකි.. මෙය.