මන්ත්‍රී නාමල්ගේ අප්‍රේල් වැටුප අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය අපේ‍්‍රල් මස මන්ත්‍රී වැටුප මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතිය වෙත අද (17) පරිත්‍යාග කර තිබේ. 17 April 2019
කුවේටයේ ගෘහ සේවයට ගිය 26 ක් යළි ලංකාවට කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර, කරදර විඳි කාන්තාවෝ 26 දෙනෙක් අද (17) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 17 April 2019
21 දෙනෙක් ජනාධිපති නීතීඥ ධුරය ලබති ජනාධිපති නීතීඥවරුන් වශයෙන් නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. 17 April 2019
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් නීතිඥයකු ඇතුළු 3 ක් අත්අඩංගුවට අයිස් නැමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යැයි කියන නීතිඥවරයකු ඇතුළු තිදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (17) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 April 2019
මධූෂ් සමඟ සිටි තවත් හයදෙනෙක් දිවයිනට පාතාල නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හෝටලයේදී අත්අඩංගුවට ගෙන රදවා සිටි පිරිසෙන් තවත් පුද්ගලයන් හය දෙනෙක් එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (17) දිවයිනට පැමිණි බව පොලිසිය කියයි. 17 April 2019
මහියංගනයේ මහ අනතුරකින් 10 ක් මරුට මහියංගණය - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි. 17 April 2019
ජල විදුලිය නිපදවීම සියයට 10 දක්වා අඩුවෙයි ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තවමත් අඩුම මට්ටමක පවතින හෙයින් ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 10 % පමණ දක්වා අඩුවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 16 April 2019
ලන්ඩන් ගුවන්තොටේ දී අත්අඩංගුවට ගත් ලාංකිකයන් මුදාහරී බි්රතාන්යයේ ලන්ඩන් - ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය සතියේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා පොලිස් අත්අඩංගුවෙන් මුදාහැර ඇති බව එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 16 April 2019
ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ඉන්දියාවෙන් ලංකාවට ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි එරට ටයිම්ස් නව් ප්රවෘත්ති සේවය වාර්තා කර සිටී. 16 April 2019
යුරෝපයට පනින්න ගිය ශ්‍රී ලාංකිකයන් තුර්කියේදී අත්අඩංගුවට තුර්කිය හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයින් 558 දෙනෙකු තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ආනදෝලූ ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටී. 16 April 2019
රුපියල ඉහළ යයි මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත. 16 April 2019
මධ්‍යම පළාතේ දිරිය කතත් සැමියාත් ඝාතනය කෙරේ ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි. 16 April 2019
අවුරුද්දට පුතාගේ නිවසට ආ පියා කොස්ගසින් වැටී මරුට අවුරුද්දට තම පුතාගේ නිවසට පැමිණ කොස්ගෙඩියක් කැඩීමට කොස්ගසකට නැගි වියපත් පුද්ගලයෙකු ගසින් ඇද වැටී මියගොස් ඇතැයි නාගොඩ පොලිසිය පවසයි. 16 April 2019
ලන්ඩයේ දී අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව් දෙනා ගැන දැනුම් දී නෑ ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී. 16 April 2019
දුම්රිය දෙකක් පීලි පනී මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රිය හා අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (16) පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 16 April 2019
නෝත්‍රදාම් ගින්නෙන් යුරෝ මිලියන 150 ක අලාභයක් ප්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ වහලය පිහිටි ප්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් වහලය අයත් කොටස් ගින්නෙන් දැවී විනාශ විය. 16 April 2019
හිමිනමට පහර දුන් අයියා-මලෝ අත්අඩංගුවට බීමතින් විහාරස්ථානයට පැමිණ විහාරස්ථානයේ හිමිනමකට සහ ඇබිත්තියාට පහර දුන් අයියා මලෝ දෙදෙනෙකු අද (15) රාජාංගනයේදි අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය කියයි. 15 April 2019
දමා ගිය ටිකට්පතට හිමි දිනුම අයිතිකරුට බාරදෙයි දිනුමක් නැතැයි කියා විසිකර දමා ගිය ලොතරුයි පතට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව දුටු ලොතරැයි අලෙවිකරුවකු සිය අලෙවි නියෝජිතයා දැනුවත් කර අයිතිකරු සොයා තෑගි මුදල ලබාදුන් පුවතක් වාර්තා වෙයි. 15 April 2019
බිරිඳගේ කකුල් කැපූ සැමියා සොයා පරීක්ෂණ හාලිඇල උඩුකොහොවිලදී සැමියෙක් බිරිඳගේ දෙපා කපා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි . 15 April 2019
සුඩාන විරෝධතාකරුවෝ 20 දෙනා මියගියේ වැරදීමකින් සුඩානයේ විරෝධතාකරුවන් 20 දෙනකු මියගියේ විරෝධතාවය මර්දනය කිරීමේදි වැරදීමකින් වැදුණු වෙඩි ප්‍රහාර වලින් බව සුඩාන පොලිසිය පවසන බව රොයිටර් පුවත් වාර්තා කරයි. 15 April 2019
මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යංශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු යන විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ. 12 April 2019
අලුත් අවුරුදු උදාව ඉරිදා 2.09 ට අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 2.09 ට උදාවෙයි. 12 April 2019
යළි යුද්ධයකට නොයන්න’යි පාප්තුමෝ දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ. 12 April 2019
‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දේශපාලන වේදිකාවල කථා කරමින් සිටියත් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැති බව පැෆරල් සංවිධානය පවසයි. 12 April 2019
බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 12 April 2019
නියම කළ බෙහෙත දෙන්න නොසිටි හෙදිය මරණ පරීක්ෂණයට කැඳවයි හෙද වර්ජනයක් අතරතුර වෛද්‍යවරයා නියම කළ ඖෂධ ලබාදීමට හෙදියන් නොමැති වීමෙන් නිසි පරිදි ප්‍රතිකාර නොලැබ තම බිරිඳ මියගියේ යැයි කාන්තාවකගේ මරණ පරික්ෂණයේ දී සැමියා සාක්ෂි දීමෙන් පසු කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා එකී කාන්තාවගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දෙමින් අදාල වාට්ටුව භාර හෙද නිලධාරිනිය පරික්ෂණය සඳහා කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය. 12 April 2019
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා දැදුරුඔයෙන් වැලි අදී වැලි ගොඩ දැමීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය නොතකමින් සංවිධානය වු පිරිසක් උපක්‍රමශීලිව මහ පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව වයඹ හඩ පරිසර සංවිධාන පෙන්වා දෙයි. 12 April 2019
ආවා කල්ලිය යාපනයේ නවක වදය නතර කරයි නවකවදය තහනම් බව පවසමින් ආවා කල්ලිය විසින් සකසන බව සඳහන් දැන්වීම් යාපනය සරසවියේ කලා අංශයේ අලවා තිබූ බවත් සරසවිය තුළ නවකවදය නොදෙන බවට පොරොන්දු වෙමින් එහි ශිෂ්‍ය සංගම් විසින් ද පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවත් යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 12 April 2019
ගෝඨාභය ආපසු එයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. 12 April 2019
සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ. 11 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026