කොරෝනා වයිරසය හේතුවෙන් පහළ යමින් තිබෙන ලෝක තෙල් මිල ගණන් අද (06) සියයට 5.0 කින් තවදුරටත් පහළ ගියේය.
තෙල් නිමැවුම සීමා කරන්නැයි ද ඔපෙක් සංවිධානය පසුගිය දා නිර්දේශ කළ අතර එය ප්‍රමාද කරන්නැයි ද රුසියාව ඉල්ලා ඇත. ඔපෙක් සංවිධානය තුළ සිටින රුසියාවේ මිත්‍ර රටවල් එම ඉල්ලීම කර තිබිණි.
උතුරු මුහුදින් ගන්නා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 47.02ක් දක්වා පහත වැටුණු බව ලන්ඩන් නුවරින් වාර්තා විය.
2017 වසරේ ජූලි මාසයෙන් පසු ලන්ඩන් වෙළෙඳපොළේදී උතුරු මුහුදින් ගන්නා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එතරම් පහළ වැටුණු පළමු අවස්ථාව එය විය.
‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්‘ හි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 43.28 ක් දක්වා පහත වැටුණු අතර 2018 න් පසු වාර්තා වූ අඩුම අගය එය විය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිල සුත්‍රය තිබුණා නම් ලංකාවේ තෙල් මිල අඩුවෙනවා නේද?
ලෝකේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ තෙල් පහළ යන්නේ නැහැ.
මිල සුත්‍රය වැඩක් නැහැ. මිල වැඩිවුණොත් සූත්‍රයක් දාමු කෝ ගෙම්බන්පිලලා...
ලොකු මහත්තයා කිව්වේ මගේ දින සීය ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ කියලා. අපට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි දින සීය නෙවෙයි.. අවුරුදු 10ක් වුණත් ඔය ටිකම තමයි. දිනා ගන්නකම් බෙරිහන් දුන්නා මිල අඩු කරන්න කියලා. පත්වුණාම ඒ ගැන කතාවක් නැහැ. ආපු දවසේ ඉඳලම හෙනේ... වතුර කපනවා, ලයිට් කපනවා, එළවලු ගිනි ගණන්, රෝහල්වල බෙහෙත් නැහැ. වැඩි කරපු පඩි කපනවා, රස්සා දෙනවා කියලා ඡන්දෙ කටේ තියන් පොරොන්දු වෙනවා. එ්කත් මැතිවරණ ලේකම් කපලා දානවා. ආබාධිත හමුදා භටයන් ගැන කිව්වා. දැන් ඒ මිනිස්සුන්ට එලව එලවා ගහනවා. අනේ 69 ලක්ෂය. ඔය 69 නාමය නිසා අනිත් එවුන් විඳවනවා. ඇවිල්ල කරේ බයිස්කොප් පෙන්නපු එක තමයි. ඔවුන් කළ දේම දිගටම ගෙනියනවා. ඔවුන්ම හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ මදිවට ආයේ විල්පත්තුවේ කෝමාරිකාත් වවනවා. මරු වැඩකරන විරුවා .
ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවෙලා නෙමෙයි, නිකම් දුන්නත් අපේ රටේ මිල නම් අඩුවෙන්නේ නෑ..
ලංකාවේ අපට මෙය අදාළ නැත.
ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව අධික ලෙස පාඩුලබන ආයතනයක් නිසා මිල අඩුකර වාසිය ජනතාවට දීමට නොහැක.
නැගෙනහිර පළාතේ කටුපොල් වගා කරන්න යෝජනා කරනවා.
කෝ මේ ගොම්මන්පිළ ? මෙන්න ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් අඩුවෙලො. හැංගිච්ච තැනින් එළියට එන්න. මොකක් හරි කරන්න.
දැන්වත් ටිකක් හිතලා බැලුවොත් නරකද? මේ කාට ඡන්දෙ දුන්නත් සිදු වෙන්නේ ඔය ටිකම නේද කියලා. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමයත් වෙනස් කරලා යම් කිසි වෙනසක් වෙන්න ඡන්දය දීමෙන් වැළකිලා සිටියොත්. එතකොට මේ ක්‍රමය වලංගු නොවන එකක් බවට පත්වෙයි. දීලා වැඩක් නැති නිසා නොදීවත් බලමු.
අපේ අය කට ඇරගෙනම ඉන්නේ නිකම් ඉඳගෙන කන්න, නිකම් ලැබෙනවා නම් මුන් කොරෝනා වුනත් හා හොඳයි කියල බාර ගනීවි. තෙල් මිල චුට්ටක් බැස්සම හිතාගෙන ඉන්නේ බාල්දියක් අරන් ගිහින් පැට්‍රොල් ගන්න වෙන්න ඇති. ඕව වලින් එකතු වෙන සල්ලි වලින් තමයි සමෘද්ධිය සහන මලු අරවා මේවා දෙන්නේ. නිකම් තෙල් පිච්චීම නිසා පරිසර හානියක් වෙනවා, රටේ සල්ලි සව්දියට යනවා. ඉතින් රට ගැන හිතල ඔය නාහෙන් අඬන එක නවත්වන්න.