වැඩවර්ජනයෙන් සියලු විශ්වවිද්‍යාල කටයුතු අඩාලයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල වැඩකටයුතු අඩාල වී ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය. 28 August 2019
දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම් දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 28 August 2019
කුණු ලොරිවල ආරක්ෂාවට හමුදා - පොලිස් ආරක්ෂාව වනාතවිල්ලුව අරුවක්කාලු කසළ අංගනය වෙත කොළඹ සිට කසළ ගෙන එන රථවල ආරක්ෂාවට යුද හමුදා හා පොලිස් නිලධාරීන් 55දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදවා ඇතැයි පුත්තලම පොලිස් අධිකාරි චන්ද්‍රසේන ජයකොඩි මහතා සඳහන් කළේය. 28 August 2019
ගලේවෙලදී වාහන 4ක් ගැටී 11 කට තුවාල ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 11දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලිසිය කියයි. 28 August 2019
දුම්රිය අනතුර නූලෙන් වැළකෙයි කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවන වන දුම්රිය සහ මරදාන සිට කළුතර දක්වා ධාවනය වන දුම්රිය මරදාන කෝවිල ආසන්නයේදී එකිනෙක ගැටීමට ගොස් නතර වී ඇතැයි දුම්රිය පාලන ආංශය කියයි. 28 August 2019
මඩකලපු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. 27 August 2019
ව්‍යාජ ලේඛන පෙන්වා ප්‍රංශයට යෑමට තැත්කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු අද (27) කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2019
ත්‍රස්තවාදය මඩින්න සහය දෙන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවත් ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (27) ප්‍රකාශ කළේය. 27 August 2019
‘‘බැටික්ලෝ සරසවිය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ‘‘ උතුරේ හිටපු මහ ලේකම් හිස්බුල්ලා මහතාගේ ‘බැටික්ලෝ කැම්පස්‘ ආයතනය ලබන ජනවාරියේදී විවෘත කිරීමට තීරණය කර ඇතැයිද එහෙත් ඊට කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 27 August 2019
ජනපතිවරණය ගැන හදිසි විය යුතු නෑ ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 27 August 2019
හකීම්ගේ ක්‍රියාකලාපය කැබ්නට් ඇමැතිවරු විවේචනය කරති බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රාවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ. 27 August 2019
මනෝ ගනේෂන්ගෙන් චන්ද්‍රිකාට චෝදනාවක් ජාතික සංහිඳියා කාර්යාලය තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් වුවද එහි සභාපතිනිය ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අමාත්‍යංශ ලේකම්වරයාගෙත් අනුදැනුමකින් තොරව කටයුතු කරන බව ජාතික ඒකබද්ධතා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා අද (27) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 27 August 2019
මෛත්‍රීපාල සිරිසේන මහතා යළි තරඟ කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්රීලනිපය ඉවත් වී නෑ එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඉවත් වී නැතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 27 August 2019
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය - විපක්ෂනායක අතර හමුවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා මාකස් මහත්මිය අතර හමුවක් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක නිල නිවසේදී අද (27) පැවැත්විණ. 27 August 2019
පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර යළිත් ගැසට්ටුවක් පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් අද (27) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 27 August 2019
අගමැති ලේකම්ගෙන් පැය 5 ක් ප්‍රකාශ ගනී කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (27) වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත. 27 August 2019
ජනපතිට ජාත්‍යන්තර පොලිසියෙන් සම්මානයක් ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සම්මානයක් ලබාදී තිබේ. 27 August 2019
‘‘පාස්කු ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයේ අදහස් වලින් ජනතාවගේ දුක පහව යන්නේ නෑ‘‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති. 27 August 2019
සැප්තැම්බර් 2 ඉන්දීය සාගර සමුළුවට අගමැති මාලදිවයිනට මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 02 දින මාලදිවයින් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි. 27 August 2019
නියෝජ්‍ය පොලිස්පති වාස්ගේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බරයට කල් යයි මාලඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් නිරුවත් කර පහර දෙන ලද බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිඳ ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (27) නියම කළේය. 27 August 2019
බන්දුලගෙන් තවත් පෙත්සමක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එද පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබූහ. 27 August 2019
ඇමසන් ලැව්ගිනි නිවීමට ජී-7 රටවලින් ලැබෙන සහය බ්‍රසීලය ප්‍රතික්ෂේප කරයි ඇමසන් වනාන්තරය සුරැකීම සඳහා ජී 7 රටවල නායකයින් ලබාදීමට එකග වූ ඩොලර් මිලියන 20 ක මූල්‍ය ප්රදානය බ්‍රසීලය ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බව එරට ජනපති කාර්යාලය පවසයි. 27 August 2019
කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට ඇප මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් එම දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප මත ඔහු මුදා හැරීමට අද (27) නියම කළේය. 27 August 2019
‘ආර්ථික ආරක්ෂාව ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නෑ’ රාජ්‍ය ආරක්ෂාව ගැන මිසක් ආර්ථික ආරක්ෂාව ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. එහෙත් ත්රස්තවාදීන්ගෙන් රට ආරක්ෂා කරනවා වගේම ආර්ථිකය රැකගත්තේ නැත්නම් රටකට පැවැත්මක් නැතැයි හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (27) පැවසීය. 27 August 2019
කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙකුට විනය පියවර කැබිනට් නොවන ඇමැතිවරුන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි පක්ෂයේ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 27 August 2019
සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර පොලිසිය අද(27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2019
දරු දෙදෙනකු ඝාතනය කර සැකකරු පොලිසියට බාරවෙයි වෙන්නප්පුව , වයික්කාලේ තරුණියක සහ ඇගේ සොහොයුරා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. 27 August 2019
පලෙයි වෛද්‍යවරයාගේ තොරතුරකින් පුපුරණද්‍රව්‍ය රැසක් සොයාගනී දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුලු යුද උපකරණ රැසක් සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි. 27 August 2019
ශ්‍රීලනිපයේ තනතුරු කිහිපයක වෙනසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති. 26 August 2019
ගෝඨා - මැතිවරණ කොමිසන් සභාව අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර අද (26) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. 26 August 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026