
හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති උපදේශක අලි සබ්රි යන මහත්වරුන් මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ගේ නම් ද පොදුජන පෙරමුණෙන් නිර්දේශ කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චන්.
කබ්රාල් මහා බැංකුවට කල විනාශය තවම මිනිස්සුන්ට තේරිලා නැද්ද?
දර දිය ඇද්ද එකට ජනතාවගේ බදු මුදලින් සලකන්නත් ඕනනේ...
මේ ඔක්කොම ඍජුව හෝ වක්‍රව රට සමාජ හා ආර්ථික වශයෙන් විනාශ කිරීමට දායක වූ සුදු කරපටි ...
අලි සබ්රි ප්‍රශ්නයක් නැහැ. අනිත් දෙන්නගෙන් කබ්රාල් කොහොම පත් කරන්න යනවද දන්නේ නැහැ. මේකද මිනිස්සු බලාපොරොත්තු වුනේ.
අපට දුක මේ වගේ අය පාර්ලිමේන්තු ගියාම රටට යන කලදසාව ගැනයි.
බයියොන්ට දැන් සනීපද? පරණ හොරු එලවලා අලුත් ගමනක් යන්න කියලා ජනාධිපති කළේ?
මෙන්න බලා ගන්න, අප වෙනුවෙන් පත් කෙරෙන වියත්තු කිහිප දෙනෙක්. ඔවුන්ට ජයෙන් ජය ම වේවා.
ජී.එල්-අලි සබ්රි යන විදතුන් දෙදෙනා සම්බන්දව එතරම් විරෝදයක් නැතත් ජාතික ලැයිස්තුව යොදාගන්නේ ඉතා කීර්තිමත් ජාත්‍යන්තරය දිනු සමාජයට සේවාවක් ඉටු කල උගතුන් වෙනුවෙනුයි.
විමල් වීරවංශ ජාතික ලැයිස්තුවෙන් පත් කරන එක අපරාදේ. ඔහුට ඡන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන්. ලැයිස්තුවෙන් දාන්නේ ජන පදනමක් නැති, දිනන්න බැරි අය.
මෙතෙන්ට තව එක උගතෙක් දැම්මනම් අපට කියන්න පුළුවන් හතර දෙනාම ශුරයෝ කියලා.
ලැබෙයි තුනෙන් දෙකම...
මුදල්, පාස්පෝර්ට් වංචා කරපු, සාමාන්‍ය පෙළවත් හරියට පාස් නැති විමල්ව ජාතික ලැයිස්තුවෙන් දාන්නේ මොන හේතුවකටද? මේ ගොල්ලොත් ඉල්ලන් කන්නයි යන්නේ.
ජී එල් ලොක්කා. මේ මහා ලොකු මහාචාර්ය වරයාගේ "උසස් පරිපාලන ඉංග්‍රීසි තේරුම් ගැනීමේ නොහැකියාව"නිසා තමයි අපිට යුද අපරාධ චෝදනා එල්ලවුණේ. බැන්කිමූන් දුන් ලියවිල්ල මුලින්ම බැලූ මහාචාර්ය රජිව විජේසිංහ මහත්මයා කිව්වේ "මේක අත්සන් කරන්න එපා "කියලයි. පස්සේ මහින්ද ඒ ලියවිල්ල පිරිස් ලොක්කාට දුන්නා... ලොක්කා කීවා " ප්‍රශ්නයක් නැහැ අත්සන් කරන්න "කියලා. අපේ රටට යුද අපරාධ චෝදනා එල්ල කරන්න. ඒ ලියැවිල්ල තමයි මුල්වුණේ. ඊගාවට කබ්රාල්... මුළු ලෝකයම ග්‍රීක බැඳුම්කරවල ආයෝජනයෙන් ඈත් වෙද්දී මොහු අපේ රටේ මහාජනයාගේ මුදල් කෝටි ගණන් ග්‍රීක බැඳුම් කරවල ආයෝජනය කළා. ඇන ගත්තා. ඊට පස්සේ අපේ රටේ බැඳුම්කරවල ආයෝජනයෙන් හොර මගඩි පටන්ගත් පළමුවෙනි පුද්ගලයා... තුන්වෙනියා අලි සබ්රි කියන නීතිඥයා. මෙයා තමයි කිවේ දොස්තර සාෆිගේ කතාව හැදුවේ එ් ගොල්ලොයි කියලා. හරි.. දැන් ඔයගොල්ලන්ට දෙවරක් හිතන්න ඕනේ නැහැ.
කබ්රාල් මහතා යටතේ තමයි මේ රටේ ආර්ථිකය දියුණු වුනේ.. ඔහු යුද්ධයට කරපු සහයෝගය රටේ මිනිස්සු දන්නවා. මෙය ඉතා හොඳ තීරණයක්..
කබ්රාල් යනු ගණකාධිකාරවරයෙක්, පොලි අනුපාත තුලනය කරලා ආර්ථිකය යුද්ධයට සමගාමීව බැලන්ස් කරපු පොරක්, එයා හොඳයි ආර්ථික කටයුතු ඇමති වෙන්න..
අප විශ්වාස කරනවා... අල්සබ්රි මයා පිළිබඳව ගැටළුවක් නොමැති වුණත් අනිත් හාරත බූරුවන් දෙදෙනා ගැන නම් අවංකව සිය දහස් වාරයක් සිතාබැලිය යුතුය යන්නයි...