යුද සමයේ සරණාගතයින් ලෙසින් රටින් ගිය පවුල් 23 ක් හෙට ලංකාවට
යුද ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනෙකු හෙට (9) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.