දුම්රිය සේවකයෝ 9වැනිදා සිට වැඩවර්ජනයක
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් ලබන 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.