හිටපු නාවික හමුදාපති ගැන පරීක්ෂණය කල්යයි හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධ පරීක්ෂණය ලබන අප්‍රේල් මස 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (3) නියෝග කළේය. 03 April 2019
ලක්ෂ පහක හෙරොයින් සමඟ 8ක් අල්ලයි විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරම කළ පුද්ගලයකු සහ මත්කුඩු මිලදීගත් පුද්ගලයන් හත්දෙනෙකු රුපියල් ලක්ෂ පහකට අධික මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 03 April 2019
ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් පොස්පේට් සභාපති ධූරයට සීමාසහිත පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පත්කර තිබේ. 03 April 2019
වීරකැටියේ මව්පියෝ ප්‍රධාන මාර්ගය අවහිර කරති වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 15 දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මව්පියෝ පිරිසක් අද (03) වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නියැළුණහ. 03 April 2019
අප්‍රේල් 11-12 නිවාඩු ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී අද (02) ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 April 2019
පරාජය වූ අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කරන්න පරිපූරක ඇස්තමේන්තු දෙකක් අයවැය කාරක සභා ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ වෙනුවට එම අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්කු දෙකක් හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 02 April 2019
ලංවිම-කොමිසමේ ගැටුම විසඳෙන තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නෑ ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 April 2019
අයවැය ඡන්දය ගැන අවසන් තීන්දුව ගන්න සන්ධානය 4 වැනිදා රැස්වෙයි අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳ අවසන් තීන්දුව අනිද්දා (4) පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට අද (2) පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. 02 April 2019
ඉන්දුනීසියාවේ ගුවන් යානයක් හදිසියේ කටුනායකට ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ දුමාරයක් ඇති වීම හේතුවෙන් අද (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ. 02 April 2019
ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය බලශූන්‍ය කරයි විදුලි ඉංජිනේරුවන් සහ ඉංජිනේරු සහකාරවරුන්ට විශේෂ වැටුප් තලයක් නිර්මාණය කරමින් පිහිට වූ ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය නීතියට පටහැනි බව අද (02) තීන්දු කළ අභියාචනාධිකරණය එම චක්‍රලේඛය බලශූන්‍ය කරමින් සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කළේය. 02 April 2019
ලංකාව ආනයනය කරන ඖෂධවලින් සියයට 80 ක් අනෙක් රටවල් ආනයනය කරන්නෑ ශ්‍රී ලංකාව ආනයනය කරන ඖෂධවලින් 80%ක් වෙනත් කිසිදු රටක් ආනයනය කරන්නේ නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ගෝපි ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ඊයේ (01) පැවසීය. 02 April 2019
ලංකාව යහපත් රටක් කරන්න දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්ය වැදගත් ආර්ථික සහ සමාජ මට්ටම්වලින් ඉහළට යමින් තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් දියුණුව අත්පත් කරගනිමින් ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත් කිරීම සඳහා දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්ය වඩා වැදගත් යැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) ප්‍රකාශ කළේය. 02 April 2019
ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සම්බන්ධ තොරතුරු මුදා හරියි අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකිර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ උපදේශක සමාගම් හා අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් පත්කළ කමිටුවේ වාර්තාවේ පිටපතක් තොරතුරු කොමිෂන් සභාවේ නියෝගය පරිදි ප්‍රසිද්ධ ලියැවිල්ලක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය කාර්යාල අද (02) කටයුතු කළේය. 02 April 2019
‘කැබිනට් නොවන අමාත්‍යාංශයක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා’ ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් එම තනතුර නොලැබුණොත් තමා ඉල්ලා අස්වන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පැවසිය. 02 April 2019
විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී සිදුවී ඇති බව කියන මහ පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සඳහා කරුණු දැක්වීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට අද (02) සිදුවිය. 02 April 2019
නොදන්වා විදුලිය කැපීමේ නඩුවට විදුලිබල මණ්ඩලයට නොතීසි විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගිතා කොමිසමට ලබා නුදුන් බව කියන සිද්ධියක් පිළිබඳව විමිසීම සඳහා විදුලි බල මණ්ඩලයට ලබන 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද නොතිසි නිකුත් කළේය. 02 April 2019
ඊටීඅයි අධ්යක්ෂවරුන් තිදෙනෙකු පෞද්ගලික ඇප මත මුදා හැරීමට නියෝග ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන තුනකට අධික මුදලක් සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන පෞද්ගලික නඩු තුනකට අදාළව නොතීසි මත අධිකරණයේ පෙනී සිටි ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් මූල්‍යායතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සිව්දෙනෙකු එක් අයකුට රුපියල් ලක්ෂ 15ක් වූ පෞද්ගලික ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද(02) නියෝග කළේය. 02 April 2019
කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ පිළිම ගෙයි කැණීම්වලින් ක්‍රි. පූ. 3 හා 4 සියවස්වලට අයත් යැයි සැක කරන පූර්ව බ්රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 April 2019
අලුගෝසු තනතුර බාරගන්න උපාධිධාරියෙකුත් ඇවිත් අලුගෝසු තනතුර සඳහා අද (02) පැවැති සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකුද සහභාගීවී සිට ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 02 April 2019
වතුරත් කපන්න වෙයි වගේලු දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමට බාධා සිදුවිය හැකි බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවයි. 02 April 2019
ජලසම්පාදනයේ වංචාවකට 37 වසරක් හිරේට යවා ලක්ෂ 130 ක වන්දියක් නියම කරයි ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය. 02 April 2019
සීමාවාසික පත්වීම් ප්රදානය වැළැක්වූ අතුරු නියෝගය විසුරුවා හරී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා ගත් තීරණයකට අනුව සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්රදානය කිරීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(2) තීන්දු කළේය. 02 April 2019
රථවාහන වැරදි 5 ක අවම දඩය 25,000 රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 02 April 2019
කෝටි 2ක හෙරොයින් සමඟ සොත්ති උපාලිගේ පුතෙකු අත්අඩංගුවට කටුබැද්ද කුඩුවන්මුල්ල පාරේ දෙමහල් නිවසකදී රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික හෙරොයින් සහ විදේශයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ ඝාතනයට ලක් වූ සොත්ති උපාලි නම් පාතාල නායකයාගේ පුතෙකු වන අරබේවෙල දොන් ලක්ෂ්මන් ප්‍රසන්න නමැත්තා අද(02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 April 2019
වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් පහළොස් දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මවුපියන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසයේදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මව්වරුන් දෙදෙනෙකු අද (2) දහවල් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 02 April 2019
ඌව පළාතේ වෛද්‍යවරු වර්ජනයකට අනතුරු අඟවති ඌව පළාතේ සියලු රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල රාජකාරියේ නිරත වෛද්‍යවරුන් හෙට (03) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව සඳහන් කරයි. 02 April 2019
මන්නාරම සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(02) නියෝග කළේය. 02 April 2019
මැතිසබේදී ආබාධිතයන්ට අපහාස එපා යයි කතානායක කියයි ආබාධිත තැනැත්තන්ට අපහාසයක්, අවමානයක් හෝ වේදනාවක් ඇතිකරවන වදන් භාවිත නොකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය. 02 April 2019
අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 April 2019
පිහි ඇනුම් කෑ කොස්තාපල් රෝහලේ හොරොයින් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 02 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026