(කාංචන කුමාර ආරියදාස)
කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතර මැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම අද (02) සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන්ට සහ එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ට මහත් හිරිහැරයක් ව පැවැති අතරමැදි වෙළදාම නිසා කරදර රැසක් සිදු වූ බව වෙළඳ සංගමයක් හැටියට එය නවතා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බවද සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දැනුම්දීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නාඩි වෙළඳාම වහාම නතර කරන ලෙස තරයේ වෙළඳ සංගමයට දැනුම් දුන් බවත් ඒ අනුව කිසිම ආකාරයකින් මින් පසු නාඩි වෙළඳාම අතරමැදි වෙළඳාම සිදු කිරීමට ඉඩහසර ලබා නොදී පොලීසියේ සහාය ඇතිව ක්‍රියා කරන බව සභාපතිවරයා සඳහන් කළේය.
අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළඳාම සිදු කරනු ලබන්නේ උදෑසන කාලයේ ගොවීන් රැගෙන එන එළවළු අඩු මුදලකට කණ්ඩායමක් පැමිණ මිලදී ගෙන ආර්ථික මධ්‍යස්ථාන තුළම තබා ගෙන නැවතත් පිටතින් එන වෙළෙන්දන් ට වැඩි මුදලට අලෙවි කිරීම සිදු කරගෙන ගිය බව සභාපති චන්න රැවුල මහතා සඳහන් කළේය .
මේ නිසා ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් ද අසීරුතාවයකට පත්ව තිබෙන බවත් මින් ඉදිරියට ගොවියා සහ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දා එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයා අතර පමණක් ගණුදෙණු සිදුකෙරෙන බවද ඒ මහතා පැවසීය.
යම් හෙයකින් අතරමැදි වෙළඳ කණ්ඩායම් ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත ක්‍රියාත්මක වීම වුවහොත් වහාම නීතිමය පියවර ගන්නා බවත් ඒ සඳහා දැනටමත් පොලිසියේ ආරක්ෂාව යොදවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.... මිනිසුන් හුරතල් කරලා රටක් පාලනය කරන්න බැහැ. දුක් මහන්සි වෙන ගොවියාට සාධාරණයක් වුණොත් හොඳයි.
හොඳ අදහසක්... මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන වල වෙළඳුන් ලියාපදිංචි කර හැඳුනුම්පතක් නිකුත් කර පාරිභෝගිකයින්ට වන අපහසුතාවලින් වළක්වා ගැනීමට කැමරා සවි කළයුතුයි.
සමහර වෙලාවට UNP කට්ටිය අයින් කරලා ඒ අයගේ කට්ටියට වැඩේ බාරදෙන්න වෙන්න පුළුවන්... ඡන්දෙත් කිට්ටුයිනේ. හරියටම ඕක කරන්න ඕනේ නම් ඔතන ප්‍රධානියාව හමුදාවේ විශ්‍රාම ගිය කෙනෙක් දාන්න. අනෙක ඔය ඉවත් කලා කියන එක කොහොමද කෙරෙන්නේ? කියන එක ටික දවසක් ගියාම බලගත හැකියි. හැමතැනම මැරයන්, කුඩුකාරයන්, බර කාරයන් තමයි රජ කරන්නේ. ඕක හරියට ක්‍රියාත්මක වෙනවද කියලත් හොයලා බලන්න..
ප්‍රමාද වී හෝ ගත් හොඳ තීරණයක්...
අතරමැදි වැඩේ කරෙත් ජනකගේ සෙට් එකක්ම නේද?
සම -හරක් තියෙන කුහක කම හින්දා , තියන මෝඩකම හින්දා හැමදෙයක් දිහාම බලන්නේ දේශපාලන කෝනයෙන්නේ. හිතට එකඟව හිතන්න මේක හොඳ වැඩක් නෙමේද කියලා. අමතක අය මතක් කරගන්න අලුත් පෑලියගොඩ මාළු මාකට් එකේ කප්පම් ගන්න ආපු අයට " නාන්න " දුන්නෙත් මේ ගෝඨම තමයි.
ලොකුම නාඩියා ඔතනින් පැන්නුවානම් වැඩේ ගොඩ. කොහෙද ඉතින් ඡන්දෙත් ආවනේ. සල්ලිත් එපැයි.
ඔය වගේ වැඩ වලට දාන්න ඕනේ හමුදාව. පොලීසිය වවන් කයි ඕක.
අතරමැදියොත් මනුස්සයෝය.
අතරමැදියන්ට වඩා ඔතන මාෆියාව පාලනය කිරීමම වියයුත්තේ. කොළඹ පොදු වෙළඳ ස්ථාන වල තත්වයත් එසේමයි