මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැත්වූ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 April 2019
කොකේන් කිලෝ 769 විනාශ කරයි පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 යි ග්‍රෑම් 469 ක ප්‍රමාණය විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හා ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.එම්.එම්. නිෆාර් මහතාගේ අධීක්ෂණය යටතේ අද (01) සිදුකෙරිණි. 01 April 2019
අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් ගන්න අවබෝධතා ගිවිසුමක් මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට අද (1) අත්සන් තැබුවේය. 01 April 2019
වැවිලි අමාත්‍යාංශයට අයත් තේ වත්තක් ඇලෝසියස්ලට බදු දීලා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේ වත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියන්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දී ඇතැයි කියන සිද්ධිය හෙළිදරව් වී ඇත. 01 April 2019
මන්නාරම සහකාර පොලිස් අධිකාරී අලවත්ත අත්අඩංගුවට පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (01) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 April 2019
වෛද්‍ය සභාවේ සමාජිකයින් අතර මත ගැටුමක් වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති එහෙත් ඊ.ආර්.පී.එම් විභාගය සමත් විදේශ වෛද්‍ය උපධිධාරීන් පිරිසකට ලියාපදිංචිය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සමාජිකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. 01 April 2019
රටවල් 14කට නම් කළ තානාපතිවරුන්ට අනුමැතිය රටවල් 14 ක් සඳහා නම් කළ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ නාමයෝජනා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 01 April 2019
‘‘බක්මහ දිවුරුම‘‘ අප්‍රේල් 03 වැනිදා මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වැනිදා පෙ.ව 8.15 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ. 01 April 2019
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය දෙවසරකින් රටින් අතුගා දානවා දැනට මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බළකාය වැනි අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති සැලැස්ම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ඉදිරි දෙවසර තුළ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හැකි බවට එම අංශ විශ්වාසයක් ඇතිකරගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය. 01 April 2019
සෞඛ්‍ය පහසුකම් වැඩිකරන්න මිලියන 60 ක් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. 01 April 2019
එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට ලංකාවට වදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත කණ්ඩායමක් හෙට (2) මෙරටට පැමිණීමට නියමිතය. 01 April 2019
පළාත් පාලන ආයතනවල රාජ්‍ය සේවකයන්ට අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක්ලු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (1) ගාල්ලේ දී පැවසීය. 01 April 2019
කුවේට් ගිය ශ්‍රමිකයින් 56 ක් යළි ලංකාවට කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56 දෙනකුගෙන් සමන්විත පිරිසක් අද යළි ශ්‍රී ලංකාවට පැමිණියහ. 01 April 2019
‘මහත්වරුන් නොවන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා’ වැයශීර්ෂ සඳහා බෙදීමක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ඇතිකරගෙන තිබූ එකඟතාවය කඩකළේ පාර්ලිමේන්තුවේ මහත්වරුන් නොවන පිරිසක් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 April 2019
දිමුත්ට ලක්ෂ දෙකක ශරීර ඇප බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියම කළේය. 01 April 2019
රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවු අනතුරේ ප්‍රධාන සැකකරුට ඇප බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි උමේෂ් රත්නායක නැමැත්තා ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද නියෝග කර තිබේ. 01 April 2019
බාලවයස්කාර දැරිය ගැබිනියක් කළ සෙබළා අත්අඩංගුවට පහළොස් හැවිරිදි දැරියක තෙමස් ගැබිනියක් බවට කළ හමුදා සෙබළෙකු අද (01) අලියවිද්දවැව ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 01 April 2019
කොකේන් කිලෝ 769 ක් විනාශ කිරීම ඇරැඹේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ. 01 April 2019
කුඩා ජල විදුලි බලාගාර තැනීමට අයදුම්පත් 3500ක් ලංකාව පුරා පිහිටි ඇළදොළ ගංගා ආදියේ ජලය උපයෝගී කරගෙන කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර තැනීම සඳහා අයදුම්පත් 3500ක් ඇතත් තව ඉදිකළ හැක්කේ කුඩා පරිමාණ විදුලිබලාගාර 75 ක් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනන බලශක්ති අධ්යක්ෂ අතුල ජයතුංග මහතා පවසයි. 01 April 2019
බන්ධනාගාර බසයේ බීමතින් සිටි ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පවසයි. 01 April 2019
දිමුත් කරුණාරත්නට පොලිස් ඇප දීම ගැන පොලිස්පතිගේ අවධානය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතාට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට ලක්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 31 March 2019
සජිත් ප්‍රේමදාසට ගෞරව නාමයක් ආගමික මූලස්ථානයකින් ලබා දෙන ගෞරව නාමය ඉතා වැදගත් හා උසස් බවත් තම පියාගේ අඩිපාරේ යමින් කරනු ලබන ජාතික හා ආගමික සේවාව අගයමින් සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශවය මගින් මෙවැනි ගෞරව නාමයක් පිරිනැමීම රජය මගින් පිරිනමන ගෞරව නාමයකට වඩා වැදගත් අවස්ථාවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය. 31 March 2019
මෙගාවොට් 100ක විදුලිය මිලදී ගන්න යයි මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් හදිසි මිලදීගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 31 March 2019
ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු හෙට එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (1) සිදුකෙරේ. 31 March 2019
කොකේන් කිලෝ 770 ක් විනාශ කරන්න අවසර නඩු තුනකට අදාළ කොකේන් කිලෝ ග්‍රෑම් 770ක් කැලණිය ගෝනවල ඩී එන් එස් ගබඩා සංකීර්ණය තුළදී දියකර විනාශ කර දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අවසර ලබා දුන්නාය. 31 March 2019
බස්රථ 2ක් ගැටී 12ක් රෝහලේ කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය හංදියේදී අද (31) බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් 12දෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි. 31 March 2019
දිමුත් පොලිස් ඇප මත මුදාහරී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි. 31 March 2019
වාරියපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට වාරියපොල මාමුණුව ප්‍රදේශයේදී අද (30) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 30 March 2019
නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගෙනආ ඉන්දීය ජාතිකයකු අල්ලයි අයිස් නමින් හදුන්වන මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 30 March 2019
දයා අබේසේකර අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ දයා අබේසේකර මහතා අද (29) අභාවප්‍රාප්ත විය.ඒ මහතා මාධ්‍ය තුල මෙන්ම රංගන ශිල්පියකු ලෙසද කටයුතු කළේය. 29 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026