පොලිස් කාකි ඇඳුම වෙනුවට නව නිල ඇඳුමක් පොලිස් නිලධාරීන් සඳහා දැනට භාවිතාවන කාකි ඇඳුම වෙනුවට ඉදිරියේදී නව නිල ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 28 March 2019
ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් නැතැයි නීතිපති කියයි තම නඩු විභාගයට ගැනීමට ත්රීපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සංශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා අද (28) මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. 28 March 2019
ආණ්ඩුව වැය ශීර්ෂ කිහිපයක් පරදියි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක අද පරාජයට පත් විය. 28 March 2019
විදුලි ඇමැති පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලයි විදුලිය කැපීමට සිදුවීම සම්බන්ධයෙන් තමා පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදුලි බල , බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි. 28 March 2019
බංගලාදේශයේ ගින්නෙන් මියගිය අය අතර ශ්‍රී ලාංකික සිසුවකුත් බංගලාදේශයේ ඩකා නුවර කාර්යාල සංකීර්ණයේ හටගත් ගින්නෙන් පස් දෙනකු මියගොස් ඇති බවත්, මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික සිසුවකු ද වන බවත් රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි. 28 March 2019
ජිනීවා යෝජනාව ගැන සොයන්න ජනපති කොමිසමක් ඉල්ලයි ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කරයි. 28 March 2019
දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන් නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව වශයෙන් කුලියාපිටිය මූලික රෝහලේ හිටපු විශේඥ වෛද්‍යවරයකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදී. 28 March 2019
බන්ධනාගාර තාප්පයට උඩින් හෙරොයින් පැකට් විසිවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත හෙරොයින් පැකට් ගල්කැටවල ඔතා එහි වයිඕ වාට්ටුව වෙතට විසිකරන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 28 March 2019
කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය බාරයට පතාල නායක මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් නැමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 28 March 2019
ගෝඨාභයට එරෙහි මූලික විරෝධතා පෙත්සමේ තීන්දුව මැයි 7 ප්‍රකාශයට ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මැයි මස 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළේය. 28 March 2019
‘‘රට වැටෙන්නට ප්‍රධාන හේතුව රටේ ආණ්ඩු ගණනාවක් පැවැතීමයි‘‘ මාධ්‍ය හා ජනතාව කතා කරන මොන වීරයා විස්සයි විස්සේ මේ රට බාර ගත්තත් රටේ විප්ලවීය වෙනසක් නොකළහොත් රට ගොඩ ගත නොහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 28 March 2019
විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 28 March 2019
ටී.එන්.ඒ ඉදිරි මැතිවරණයේදී කොළඹිනුත් තරග කරන්න යයි උතුරු නැගෙනහිර පළාත්වලින් පමණක් මැතිවරණවලට තරග කළ දෙමළ ජාතික සන්ධානය ඉදිරි මැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන්ද තරග කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි එම සන්ධානයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 28 March 2019
අරක්කු සිගරට්වලට දිනකට රුපියල් කෝටි 97ක් ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 97 ක් පමණ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි. 28 March 2019
‘විදුලිය කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි’ විදුලි බල කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) මැති ඇමැතිවරුන් සමග පැවසීය. 28 March 2019
අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි අභියාචනාධිකරණ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 28 March 2019
ඇෆ්ගනිස්ථානය-ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර තිබේ. 28 March 2019
කතරගම හර්තාල් රුහුණු මහා කතරගම පුදබිම තුළ වසර 04 ක කාලයක් පුරා සිදු වන විවිධ අක්‍රමිකතා වැළැක්වීමට වගකිව යුත්තන් පියවර නොගන්නා බව පවසා කතරගම ඒකාබද්ධ වෙළඳ සංගම් 05 සහ ප්රදේශවාසිහු එක්ව අද (28) හර්තාල් ව්‍යාපාරයක නිරත වූහ. 28 March 2019
ගුරුකන්ද විහාරයේ නඩු තීන්දුව අප්‍රේල් 22 ට කල් යයි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ දී ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (28) ලබාදීමට තිබුණ ද එක් පාර්ශවයක් පෙනී නොසිටීම හේතුවෙන් ලබන අප්‍රේල් 22 වැනි දා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කළේය. 28 March 2019
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැඳවයි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ වන විට අරඹා තිබේ. 28 March 2019
වෙලේ සුදාගේ සොයුරාගේ මත්කුඩු ගෙන ගිය අය අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු පැකට් 917ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු දෙහිවල නැදිමාලේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි. 28 March 2019
‘කිඹුලා ඇලේ ගුණාගේ’ සහෝදරයා ඇතුළු 4 ක් අත්අඩංගුවට ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින පතාල නායක ‘කිඹුලා ඇලේ ගුණා’ නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය. 28 March 2019
කංජිපානි ඉම්රානුත් රහස් පොලිස් බාරයට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නම් සැකකරු ද ලංකාවට එවනු ලැබ රහස් පොලිසිය බාරයේ සිටින බව පොලිස් ආරංචි කියයි. 28 March 2019
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 14 ක ප්‍රශ්න කිරීම් වලින් පසු අද (27) රාත්‍රී 8.30 පමණ කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. 27 March 2019
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන විශ්වාසයක් නෑ නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තමන්ට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (27) පැවැසීය. 27 March 2019
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මානව හිමිකම් ගැන කළ ප්‍රකාශය වැරදියි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 27 March 2019
මවක් සිය දරුවා සමඟ ගෙලවැල ලාගෙන මරුට බලංගොඩ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මවක් සිය දරුවා සමඟ අද (27) පස්වරුවේ ගෙලවැලාගෙන මිය ගොස් ඇතැයි බලංගොඩ පොලිසිය කියයි. 27 March 2019
ගෝඨාභය ඇමරිකා යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය. 27 March 2019
සාගරිකා දුම්රියේ මෝටර් රථයක් ගැටී අයෙක් මරුට දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (27) පස්වරුවේ කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 27 March 2019
මධූෂ්ගේ සාදයට ගිය බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම් මාකදුරේ මධුගේ ඩුබායිහි පැවැති සාදයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නැමැත්තාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකොන් මහතා පැවසීය. 27 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026