(නිමන්ති රණසිංහ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් ඇතැයි මිරිහාන මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත එස්.එම්.එස් පණිවිඩයක් යොමු කළ ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු අද (25) පැවසීය.
වලංගු වීසා බලපත්රයක් නොමැතිව මෙරට රැදී සිටීමේ වරද සම්බන්ධයෙන් චෝදනා ලැබ මිරිහාන අතරමැදි සිර කඳවුරේ රඳවා සිටි මෙම ඉන්දියන් ජාතිකයා කොටුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්රණයට අදාළ නඩුවේ පළමු සැකකරුව සිට නිදහස් වූ තැනැත්තා බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන්නේ එක්කෝ අාපහු ගියාම හාල්, පොල් ගන්නවත් සල්ලි නැති නිසා අපේ ආණ්ඩුවේ සල්ලිවලින් බඩ පිරෙන්න කාලාබීලා හිරේ උන්නත් සැපයි කියලා හිතෙන්න ඇති. නැතිනම් ගෙදර උන්දැ උයන කෑම වල හැටියට හිරේ කෑම කන එක තරු පහේ හෝටලේකින් කෑවා වගේ වෙන්න ඇති. එහෙමත් නැතිනම් එහෙ ගියාම මිනිහට සොර සතුරන්ගෙන් නැතිනම් අල්ලපු ගෙදර මනුස්සයින්ගෙන් කරදර ඇති. හිරෙන් නිදහස් කරන්න කිට්ටු කරලා සතියක් දෙකක් දිය හොදියි බතුයි දුන්නා නම් අායෙත් හිරේට එන්න දඟලන්නේ නැතිවෙයි...
ඇත්තක්ද නාටකයක්ද කියලා හොයන ක්රමයක් තියේනම් කියන්නකෝ.., අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!!!
ඇත්තක්ද? නාටකයක්ද කියලා හොයන ක්රමයක් තියේ නම් කියන්නකෝ.., අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..!!!
මේ පුද්ගලයා මානසික රෝගියෙක්..., මොහු ඉන්දියාවට පිටුවහල් කරලා දමන්නේ නැතුව මෙහෙ තියාගෙන මොනවා කරනවද?
ඔය ඉන්දියානු කාරයාගේ මොලේ අමාරුවක් වෙන්න ඇති... සිරිසේනව මරලා හිරේයන්න තරම් ඒ අහිංසකයා කරපු වරද මොකක්ද? බලය තිබුණු වෙලාවේත් පාඩුවේ පැත්තකට වෙලා හිටියේ වැඩක් නොකර.., අනිත් දෙන්නට නම් වෙඩි නොවදින වාහනවල යන්න ආස හිතලද දන්නේ නැහැ. ආරක්ෂක භටයින් පිරිවරාගෙන, ලෝකේ ගොඩක් දෙනෙක් අපේ රටේ ජනාධිපතිලව දන්නේ නැහැ ප්රසිද්ධියකුත් නැහැ. රටේ සම්පත් හොරා කෑවට, පිටරටවල සම්පත් හොරකවේ නැහැනේ..., රටේ මුදල් පිටරට බැංකුවල ඇති ඕනෑ නම්..., ඉතින් ඉන්දියන්කාරයා මේ වගේ මෝඩ වැඩක් කරන්න හේතුව අහලා බලන්න කවුරුහරි කියල දිලද, සුවිස් කතට වගේ... අපේ අයියලා කතන්දර හදන්න සූරයෝනේ...