හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව මැයි 17 ප්‍රකාශයට හම්බන්තොට මාගම්පුර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනෙකු ඇතුළු පිරිසකට 2014.04.17 වන දින හම්බන්තොට වරාය පරිශ්‍රයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවේ විභාගය අවසන් කරමින් ඊට අදාල නියෝගය මැයි මස 17 වන දින ප්‍රකාශයට පත් කරන බව හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පැවසීය. 29 March 2019
පැනගිය සැකකරු අහසට වෙඩි තබා අල්ලාගනී ගාල්ල බන්ධනාගාරයේ සිට අධිකරණයේ පැවති නඩු විභාගයකට ගෙන ගොස් සිටි දරුණු සැකකරුවෙක් අද (29) දහවල් එක්වරම නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඒ අසළ මුහුදට පැන පීනා යමින් සිටියදී අහසට වෙබි තබා නැවත අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය පවසයි. 29 March 2019
ශ්‍රීමා දිසානායක සමුගනී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අභාවප්‍රාප්ත වූවාය. 29 March 2019
ඌවේ වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියට කරන ලද තර්ජනාත්මක බැණවැදීමකට එරෙහිව ඌව පළාත් රජයේ වෛද්‍යවරු වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙති. 29 March 2019
‘‘මොරගහකන්ද ජලාශයෙන් කන්න තුනක් වගා කරන්න ජලය දෙන්න පුළුවන්‘‘ මොරගහකන්ද ජලාශයේ ජල සම්පත ප්‍රයෝජනයට ගනිමින් පරාක්‍රම සමුද්‍රය යටතේ මෙතෙක් වගා කළ කන්න දෙක වෙනුවට මින් ඉදිරියට කන්න තුනක් වගා කිරීම සඳහා ජලය ලබාදීමට හැකියාව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 29 March 2019
විදුලි අර්බුදය පවතින්නේ තව දින 10 ක් බව රවී කියයි අලුත් අවුරුදු දිනවලදී රටපුරා කිසිදු ස්ථානයක විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා කීය. 29 March 2019
මධූෂ් ගැන විමර්ශනයට හත් දෙනෙක් ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 29 March 2019
ඩුබායි රටින් පිටුවහල් කළ අමිල සම්පත් රිමාන්ඩ් මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කර පසුව රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සේපාල රත්නායක අමිල සම්පත්ව අප්‍රේල් 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරවක මහෙස්ත්‍රාත් ශශිකා මිතුනආරච්චි මහත්මිය අද (29) නියම කළාය. 29 March 2019
මත්ද්‍රව්‍ය මර්දනය සඳහා වන ජාතික බක්මහ දිවුරුම 3 වැනිදා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිරාවරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස (03) වැනිදා කොළඹ, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 29 March 2019
‘කිරිහරක් ගෙන්වීමට ගත් මුදල් පෞද්ගලික සමාගමකට දීම ඔප්පු කරනවා’ විදේශ රටවලින් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ අදියරක් යටතේ විදේශ රටකින් ලබාගත් රුපියල් කෝටි 131 මුදලක් පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (29) දඹුල්ලේ දී පැවසීය. 29 March 2019
කුලියාපිටිය මැදි විදුහලේ නිවුන් දරුවන් තිදෙනාටම ඒ-9 සාමාර්ථ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගනුම ලබන නිවුන් සහෝදර සහෝදරියන් තිදෙනෙකු සාමාර්ථ නවය බැගින් ලබාගෙන සමත්වී තිබිණ. 29 March 2019
සා පෙළ ප්‍රතිඵල නැවත ඇගයීමේ අයදුම්පත් 12 දා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2018 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් අප්‍රේල් මස 12 වැනි දා දක්වා බාර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය. 29 March 2019
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයෝ පත්කරති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කර තිබේ. 29 March 2019
කිලෝ 1456ක බීඩී කොළ තොගයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගැනේ නාවික හමුදා නිලධාරීන් සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (29) මන්නාරම දකුණු මුහුදු තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. 29 March 2019
සිනමා අඹරේ රිදී සීනුව නිහඬ වෙයි සිනමා අඹරේ රිදී සීනුව යන විරුදාවලිය ලද ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. 29 March 2019
‘ජිනීවා යෝජනාවට කල් ලැබුණේ රජයේ වැඩපිළිවෙළ නිසා’ ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබුණේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ලැබුණු ප්‍රසාදය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා කොළඹදී පැවැසීය. 29 March 2019
සාපෙළ සහතික එක්දින සේවාවකින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2018 විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර අප්‍රේල් මස 1 වැනි දා සිට එක්දින සේවාව මගින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 March 2019
කොළඹට හෙට වතුර කපයි විදුලිබල කප්පාදුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(29) උදෑසන 9.00 සිට ඉරිදා (31) පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අද(29) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 29 March 2019
‘වැයශීර්ෂ පරාද වුණේ මන්ත්‍රීවරුන් නොසිටීමෙන්’ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශයවල වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ නොසිටීමෙන් සිදුවූ වරදක් නිසා බව පිළිගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද(29) පැවසීය. 29 March 2019
සමාගමක පරිගණක පද්ධතියට රිංගූ සිසුවෙකු අත්අඩංගුවට පරිගණක පද්ධතියකට රහසිගතව ඇතුළු වී පැය පහක් තුළ එක්කෝටි අනූතුන් ලක්ෂයක පාඩුවක් සිදුකරමින් එම සමාගමේ අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ තොරතුරු තාක්ෂණවේදය හදාරණ විශ්වවිද්‍යාල සිසුවෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි. 29 March 2019
ඉරාන ජාතිකයන් 9 දෙනා තවදුරටත් රිමාන්ඩ් රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 108 ක් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළාය. 29 March 2019
ලක්ෂ 65ක මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය හන්දියේදී රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 29 March 2019
අලුත් රූපවාහිනි නාලිකාවක් - ගුවන් විදුලි සේවයක් ජනපති අතින් ඇරඹේ ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් එම ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සී ටීවී (SEE TV)’ රූපවාහිනි නාලිකාව සහ ‘එස්.එල්.එෆ්. රේඩියෝ (SLF Radio)’ ගුවන් විදුලි සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණි. 28 March 2019
කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබූ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනාගෙන් තිදෙනෙක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 March 2019
පොලිස් කොමිසම තීන්දුව වෙනස් කරයි - නෙවිල් සිල්වාට මාරුවක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව මින් පෙර ගත් තීන්දුව වෙනස් කරමින් ඔහුගේ ස්ථානා මාරුව අනුමත කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (28) තීන්දු කළේය. 28 March 2019
ජනපති රැස්වීමකට කඩා වැදුණු පිරිසට ඇප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රැස්වීමකට කඩා වැදුණ සැකකරුවන් පිරිසට අවවාද කර අප්‍රේල් 25 දින පුත්තලම අධිකරණයේ පෙනි සිටින ලෙස නියෝග කරමින් ඇප මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (28 ) නියෝග කළේය. 28 March 2019
පරාජය වූ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකියි අයවැය ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයන්ට අදාළ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද (28) පැවැසීය. 28 March 2019
පාර්ලිමේන්තු සූර්යය පැනල සැලසුම නවතියි පාර්ලිමේන්තුවේ විදුලි උත්පාදනයට දිය මත පාවෙන සූර්යය පැනල භාවිතා කිරීමට සකස් කළ සැලසුමක් අත්හැර දැමීමට සිදු වී යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති නීතිඥ අජිත් පී.පෙරේරා මහතා පැවැසීය. 28 March 2019
හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා එක්දින වැඩවර්ජනයකට සැරසෙති හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන් වලට අදාල වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධ කරගනිමින් දිවයින පුරා සියලුම රෝහල්වල ලබන 08 වැනිදා එක්දින වැඩවර්ජනයක නිරත වන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තිය සේවාවන්ගේ ඒකාබද්ද බල මණ්ඩළයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. 28 March 2019
සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026