ටීඑන්ඒ තීරණය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ලස් නිර්මලනාදන් මහතා ලංකාදිපයට පැවසීය. 14 August 2019
දිවයින පුරා අලි සමීක්ෂණයක් දීප ව්‍යාප්තව වන අලීන් සමීක්ෂණයක් සිදු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 14 August 2019
කළුගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 14 August 2019
අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය. 14 August 2019
උදලු මිට පහරින් මියගිය පුතු බලන්න පියා බන්ධනාගාරයෙන් රැගෙන එයි පියාගේ උදලු මිට පහර වැදී මිය ගිය පාසැල් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට, මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පියා විශේෂ අවසරයකින් අද (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් බලන්ගොඩ මස්සැන්නේ දේහය තැන්පත් කර ඇති නිවසට රැගෙන එනු ලැබීය. 14 August 2019
කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සදහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 August 2019
'ජනතාවගේ ගැටළු ගැන මට වැටහීමක් තියෙනවා' ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය. 14 August 2019
සජිත්ගේ ඊළඟ රැස්වීම් මාතර සහ මාතලේදී ‘‘සජිත් එනවා’’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැළසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ ඊළඟ රැළි දෙක මාතර සහ මාතලේ දිස්ත්‍රික්ක ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිතය. 14 August 2019
‘අධ්‍යාපන කලාප ප්රවර්ධනවලට රුපියල් කෝටි 2 ක් නාස්ති කරනවා’ පාසල් වලට නිසි වෙලාවට පෙළපොත් ලබාදීමට අසමත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සෑම අධ්‍යාපන කලාපයකම ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් නාස්ති කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවසීය. 14 August 2019
එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල් යන ලකුණු එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම තවදුරටත් ප්‍රමාදවීමේ තත්වයක් උද්ගතව පවතී. 14 August 2019
ස්කාගාර සේවකයකුගේ නිවසකින් කෝටි 3 ක මත්පැන් ස්ප්‍රීතු සොයාගනී රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවකයකුගේ දොඩංගොඩ පිහිටි සුවිසල් නිවසක ගබඩා කර තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් ස්ප්‍රීතු බැරල් 15 ක් අද (14) දොඩංගොඩ පොලීසිය බාරයට ගෙන තිබේ. 14 August 2019
පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයකු අද (14) මිය ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 14 August 2019
සෙබළෙකු රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබාගෙන මරුට ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය. 14 August 2019
මල්ලීගේ පිහි පහරින් අයියා මරුට ඇල්පිටිය ගණේගොඩ මෛත්‍රීගම පදිංචි පුද්ගලයකුට තම සොහොයුරා විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 14 August 2019
බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක ගින්නක් බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබේ. 14 August 2019
කැබිනට් රැස්වීම පවත්වන වේලාවේ වෙනසක් කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා සිට උදේ 8.30 ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. 13 August 2019
2015 වසරට පෙර ජනපති කාර්යාලයෙන් කෝටි 440 ක හිඟයක් 2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය. 13 August 2019
පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 13 August 2019
ගුවන් තොටුපළ අවට කිලෝ මීටර් 5 ප්‍රමාණයක සරුංගල් යැව්වොත් දඩ ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඩුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී. 13 August 2019
කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක් කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. 13 August 2019
මහවැලි ගඟ පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 13 August 2019
ඉන්ධන මිලෙහි සංශෝධනයක් ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. 13 August 2019
කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළට පවතින දැඩි වර්ෂාපතනය සමඟ කැලණි කළු සහ ගිං සහ ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 13 August 2019
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි. 13 August 2019
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි. 13 August 2019
අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම 16 ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතියකට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ලබන 16 වැනිදා සවස 2.30ට පැවැත්වේ. 13 August 2019
සීමානිර්ණය ගැන ජනපතිගේ අයැදුම්පත විභාගය 23 දා සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපතිවරයා යොමුකර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය ලබන 23 වැනිදා පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය. 13 August 2019
ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන යාපනය ඩෙල්ෆ් දුපතේ සංවර්ධන කටයුතු සඳහා වන රජයේ අරමුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට, වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර ඇත. 13 August 2019
රිය අනතුරකින් එකම පවුලේ 5 ක් රෝහලේ හපුතලේ බෙරගල මාර්ගයේ උඩ විහාරගල ප්‍රදේශයේ දී අද (13) වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ 5 දෙනෙකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි. 13 August 2019
නායයාම් අවදානමකින් වෙළඳසැල් 7 ක පිරිස ඉවත් කරයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවෙන්, ගිනිගත්හේන නගරයට බලපෑ නායයාමේ අවදානම් තත්ත්ව හේතුවෙන් නගරයේ වෙළඳසැල් 7ක හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය. 13 August 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026