බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 25 March 2019
ජිහාද් සාමාජිකයෝ හමුදාවට බාරවෙති ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජිහාද් සාමාජිකයන් උමං හා බිම් ගෙවල්වලින් එළියට පැමිණ හමුදාවට බාර වෙමින් සිටින බව කුර්දි ප්‍රකාශකයෙක් අද (24) පැවැසීය. 24 March 2019
දකුණු අප්‍රිකාවට ලකුණු 45 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 45 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 3-0 ක ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවිය. 24 March 2019
වලපනේ අනතුරකින් 50කට තුවාල ලපනේ - රාගල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 24 March 2019
යුද හමුදාවෙන් පාලනය කළ ඉඩම් අක්කර 71,172ක් යුද්ධයෙන් පසු මුදා හැරලා ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 71172ක් සාමාන්‍ය ජනයා වෙත මුදා හැර ඇතැයි යුද හමුදාව කියයි. 24 March 2019
දකුණු අප්‍රිකාව කඩුලු 2 ට 198 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 20 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තේය. 24 March 2019
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 24 March 2019
මාලි ගම්මානයක පුද්ගලයන් 100ක් මරා දමලා මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු අවිගත් පිරිසක් විසින් ගම්වැසියන් 100ක් පමණ මරා දමා ඇතැයි වාර්තා වේ. 24 March 2019
වාහන අලෙවිසැලක ගින්නක් බණ්ඩාරගම ගල් කඩේ හන්දියේ පිහිටි ප්‍රධාන පෙලේ සමාගමකට අයත් වාහන අලෙවි සැලක හදිසියේ ඇති වු ගින්නකින් වාහන කිහිපයක් මුළුමනින්ම ඇවිලි ගොස් විදුලි උත්පාදක යන්ත්‍රයද මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 24 March 2019
මාරපන ඇතුළු පිරිස එ.ජා. නිලධාරීන් හමුවෙන්නත් යති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් මිෂෙල් බැචලේ සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හමුවූ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි. 24 March 2019
‘ විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඕනෑ‘ විල්පත්තු වන සංහාරයක් පිළිබඳව නැගෙන විරෝධතා වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ඉලක්ක කරගත් එකක් බවට සැකයක් ඇතැයි ද රජය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 24 March 2019
‘සුමන්තිරන් ශ්‍රී ලාංකිකයෙක් කියලා එයාට අමතක වෙලා‘ මේ රටේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා ජාත්‍යන්තර අධිකරණය යාමට උත්සාහ කිරීම 83 දි මෙන් නැවත කළු ජූලියක් ඇති කිරීමට හේතුවිය හැකි කරුණක් බැවින් එවැනි ගොන් හා තකතිරු කතා නොකියා තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සිතා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාගෙන් තමා ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (24) හාලි ඇල දී පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය . 24 March 2019
‘වැඩ්ඩන්නට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’ ‘ජනාධිපතිවරණය ලං වෙනවාත් සමඟම එක එක තේමා පාඨ එනවා. ගියවර හලාල් ප්රශ්නය ගෙන ආවා. මෙවර විල්පත්තුව ගෙනල්ලා. මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඩැහැගනන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ. වැඩ්ඩන්ට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 24 March 2019
දිනපතා විදුලිය කපන වේලාවන් විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 24 March 2019
එල්ලුම්ගහේ අනුරුවක් මහජන ප්‍රදර්ශනයට එල්ලුම්ගහ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමට එහි ක්‍රියාකාරීත්වය සහිත අනුරුවක් මේ මස 27 සිට 31 වැනි දින අක්වා යන දිනයන්හි වීරවිලදී පැවැත්වෙන යොවුන්පුර ප්‍රදර්ශනයේදී මහ ජන ප්‍රදර්ශනයට තබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 24 March 2019
සිරකරුවන් 160 දෙනෙකුට ක්ෂය රෝගය මෙරට බන්ධනාගාරවල සිරකරුවන් 160 කට පමණ ක්ෂය රෝගය වැළඳී ඇතැයි කොළඹ දිස්ත්රිත් ක්ෂය රෝග හා ළය රෝග ජාතික වැඩසටහනේ වෛද්‍ය ලක්මාල් විජේරත්න මහතා පැවසීය. 24 March 2019
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට යයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. 24 March 2019
හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයෝ 9 ක් අත්අඩංගුවට බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය. 24 March 2019
දින 11ක් රිවස්ටන් මාර්ගය තාවකාලිකව වසා දමයි මාතලේ, ඉලුක්කුඹුර , ලග්ගල මාර්ගයේ රිවස්ටන් සිට පතන දක්වා මාර්ගය දින 11 ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. 24 March 2019
ජනපති රැස්වීමකට කඩා වැදුනු දෙදෙනාට ඇප ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැඳීමට සුදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (23) පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමේන් පසුව එක් සැකකරුවකුට ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට පොලිසියට නියෝග කළේය. 23 March 2019
බාල දක්ෂ කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පැවසීය. 23 March 2019
විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අද (23) පැවසීය. 23 March 2019
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ‘ශ්‍රී ත්‍රිපිටකාභි වන්දනා’ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ මහ මළුවේදී අද (23) පැවැත්විණි. 23 March 2019
වව්නියාව පුලියන්කුලම් කැලේ නිධන් හෑරු 4 ක් අත්අඩංගුවට පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලිසිය පැවසයි. 23 March 2019
මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි - පුරාවිද්‍යා වාර්තාවත් ඉල්ලයි මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 23 March 2019
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී අද (22 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16 ක පරාජයක් උරුම විය. 23 March 2019
ශ්‍රී ලංකාවට ලකුණු 181 ක ඉලක්කයක් රීසා හෙන්ඩ්‍රික්ස්ගේ (65) සහ රාසි වැන්ඩර් ඩුසේන්ගේ (64) වාර්තාගත සම්බන්ධතාව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. 22 March 2019
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටියේය. 22 March 2019
සවුදියේ දී මියගිය කතකගේ සිරුර වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් ලංකාව සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. 22 March 2019
සැමියාට පිහියකින් ඇන මැරූ බිරිඳ අත්අඩංගුවට කෝටිපති ව්‍යාපාරික සැමියාට නිවස තුළදී පපුවට පිහියකින් ඇන ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි. 22 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026