හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය. 21 March 2019
වෝඩ් පෙදෙස තාවකාලිකව වහයි රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස තාවකාලිකාව වසා දමා ඇත. 21 March 2019
‘ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගත් අයට ඉදිරි ආණ්ඩුවෙන් නඩු මඟට යනවා’ ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගැනීමට මූලික වූ නවින් දිසානායක ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාට ඉදිරි රජයක් යටතේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 21 March 2019
මුතුහෙට්ටිගමගේ නඩුව සැප්තැම්බරයේ සිට දිනපතා විභාගයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 16,17,18 යන දිනවල දිනපතා විභාගයට ගැනීමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (21) නියෝග කළේය. 21 March 2019
බස් දෙකක් ගැටී 8ක් රෝහලේ පෞද්ගලික බස් රථ දෙකක් අද(21) පුත්තලම ඒ-12 මාර්ගයේ ගොවිපල ආසන්නයේදී ගැටීමෙන් බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. 21 March 2019
නීතිවිරෝධීව රට යන්න හැදූ පිරිසෙන් යාත්‍රා හිමිකරු ඇතුළු 8 තවදුරටත් රිමාන්ඩ් නීති විරෝධි ලෙස බහුදින යාත්‍රාවකින් නවසිලන්තය බලා යාත්‍රා කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ලද පුද්ගලයින් 30 දෙනාගෙන් යාත්‍රාවේ හිමිකරු ඇතුලු 08 දෙනා තව දුරටත් අප්‍රේල් 4 වනදින දක්වා රිමාන්ඩ් කිරිම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (21) නියෝග කළේය. 21 March 2019
ජවිපෙ - අගමැති අතර විශේෂ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) පැවැත්වීමට නියමිතය. 21 March 2019
ජම්මු කාශ්මීරයේ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරීන් 3කට තුවාල ජම්මු කාශ්මීරයේ සොපෝර් දිස්ත්‍රික්කයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 March 2019
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ඩයස්පෝරාවේ වුවමනාවට හැදූ එකක් ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත දෙමළ ඩයස්පෝරාව් වුවමනාව මත රජය හදුන්වා දුන් පනතක් බවට හැඟි යන බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 21 March 2019
‘මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ’ සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ගොඩනැංවීමේ දී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසේ නායක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය. 21 March 2019
මන්නාරම් සමූහ මිනීවළ ගැන අවසන් සාකච්ඡාව හෙට මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ඉදිරියට සිදුකිරීම හෝ නතරකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) මන්නාරම් මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන බව සමූහ මිනීවළේ කැණීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියාසිටියි. 21 March 2019
සංගීත ගුරුවරිය අපයෝජනය කළ ගුරුවරයාට අත්හිටවූ සිර දඬුවම් කොළඹ ප්‍රධානපෙළේ පිරිමි විද්‍යාලයක සංගීත ගුරුවරියක අපයෝජනය කළැයි චෝදනා ලබා සිටි එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකුට වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය. 21 March 2019
ව්‍යාජ නෝට්ටු අච්චු ගැසූ මහමොළකරු ඇතුළු 4ක් අත්අඩංගුවට කිරිබත්ගොඩ දිප්පිටියගොඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වටලා පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 21 March 2019
බීඩිකොළ ගෝනි 27 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. 21 March 2019
දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ. 20 March 2019
ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කරන්න විද්වත් කමිටුවක් ථෙරවාදී පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ. 20 March 2019
රත්තරන් කැබලි තොගයක් කටුනායක දී අත්අඩංගුවට රුපියල් කෝටි හතරක් පමණ වටිනා කැරට් විසි හතරේ රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ගුවන් මගීන් නව දෙනෙකු අද (20) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. 20 March 2019
ස්වයං අයිතිය වෙනුවෙන් පෙනී සිටි අය රජයේ ඉලක්ක වුණා ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් ගෙන ගිය ප්රචණ්ඩත්වයම එම ජනතාවට අවි එසවීමට හේතු වූ බවත් කොටි සංවිධානය පමණක් නොව ස්වයං අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනා රජයේ ඉලක්ක බවට පත්වූ බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය. 20 March 2019
පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විදේශ සමාගමකට විකිණීමේ සැලසුමක් පුල්මුඬේ ඛනිජ වැලි නිධිය කුණු කොල්ලයට විදේශ සමාගමක් වෙත විකිණීමේ අරමුණකින් ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවැසීය. 20 March 2019
‘‘පශ්චාත් යුද සංක්‍රාන්තිය ගැන සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතුයි‘‘ ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (20) ප්‍රකාශ කළාය. 20 March 2019
නව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබේ. 20 March 2019
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව පුස්තකාලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර වෙනුවෙන් සංවිධානය කරන මානව පුස්තකාලය මේ මස 27 වැනිදා දවස පුරා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ. 20 March 2019
බියර් බෝතල් 600 ක් ඇල්ලෙන් අල්ලයි මැදින් පොහොය යෙදී තිබු අද (20) දවස තුළ මත්පැන් විකුණු බණ්ඩාරවෙල ඇල්ල සංචාරක කලාපයේ පිහිටි හෝටල් හතරක් වැටලු කොළඹ සුරා බදු විශේෂ වැටලීම් ඒකකය බියර් බෝතල් 600 කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත. 20 March 2019
රිය අනතුරකින් අඹු සැමි යුවළක් මරුට - 6 ක් රෝහලේ කෑගල්ල මොලගොඩදී වෑන් රියක්, මෝටර් රියක් සහ ලංගම බසයක් එකිනෙක ගැටී සිදු වු අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. 20 March 2019
ආමි මංජු ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් සැකපිට අල්ලයි මොරටුමුල්ල මෝල්පේ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ට සැගව සිටීමට අනුබල පුද්ගලයාගේ අනියම් බිරිද වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයි කියයි. 20 March 2019
“මෙත්සිරි සෙවණ“ ජනපති අතින් ජනතා අයිතියට ජාතික වකුගඩු අරමුදලේ රුපියල් කෝටි 44 ක මුදලක් වැය කරමින් ඉදිකරන ලද “මෙත්සිරි සෙවණ“ වකුගඩු රෝගී සහන සත්කාර සුභසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අනුරාධපුරයේ දී ජනතා අයිතියට පත් කෙරිණි. 20 March 2019
පක්ෂ 6 කින් ඉල්ලීම් තුනක් ඇතුළත් පෙත්සමක් ජීනිවා මානව හිමිකම් කොමසාරිස්වරියට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඇතුළත් කරමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් එක්ව සකස් කළ පෙත්සමක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත අද (20) වැනිදා බාර දී තිබේ. 20 March 2019
ඇමැති බදියුදීන්ට තවත් තනතුරක් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ. 20 March 2019
ශ්‍රී පාද නාම පුවරුවේ කළුතෙල් ගෑවාට විරෝධය නල්ලතන්නිය, ශ්‍රී පාද පිවිසුම් පියගැටපෙළ ආරම්භක ස්ථානයේ මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් ස්ථාපිත කර තිබූ ශ්‍රීපාදස්ථාන නාම පුවරුවේ දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් සඳහන් වැකි අද (20) දා රාත්‍රී කිසියම් පුද්ගලයෙක් විසින් කළු තීන්ත වලින් මකා දමා ඇති බව පවසමින් නල්ලතන්නිය ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය. 20 March 2019
ඌරුමලේ වෙරළ තීරයෙන් කේරළ ගංජා ගෝනි 05 ක් සොයා ගනී තලේමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ගෝනි 05 ක තිබී කේරළ ගංජා තොගයත් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 20 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026