( ජයන්ත සමරකෝන් )
ඉඩම් ලියාපදිංචි කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පත්තිරු ලිවීමේ ක්‍රමවේදය වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා අද (19) පැවසීය.
ඒ අනුව පැරණි ලේඛන ඡායාරූපගත ගත කිරීමත් නව වැඩපිළිවෙළ යටතේ සියලුම ලේඛන (පත්තිරු) නව තාක්ෂණය යටතේ ‘විද්‍යුත් පිටපත්‘ ලෙස නිකුත් කිරීමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම නව ක්‍රමවේදය යටතේ ඉඩම් ලියාපදිංචිය ඉදිරි මාස දෙක තුළ ආරම්භ කළ හැකි වන අතර එය සිංහල,දෙමළ හා ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම එය සිදු කෙරෙන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
මේ ආකාරයට ඉඩම් විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි කිරීම සමඟම ඉතා අඩු කාලයක් තුළ ඉඩම් හිමිකම් පිළිබඳව දිනක් තුළ පත්තිරු නිකුත් කිරීමට හැකි වීම හා නොතාරිස්වරුන් හරහා ඉතා කඩිනමින් ඒවායේ පිටපත් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දෙන බවද ඔහු කීවේය.
මෙම නව ක්‍රමවේදය යටතේ ඉඩම් ලියාපදිංචිය ඉදිරි මාස දෙක තුළ ආරම්භ කළ හැකි වන අතර එය සිංහල,දෙමළ හා ඉංග්රී යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ‘ඊ ඉඩම්‘ ලියාපදිංචිය ක්‍රියාත්මක වීමත් සමඟම අවම කාලයක් තුළ ඉඩම් හිමිකම් ලියාපදිංචි එක් දිනක් තුළ පත්තිරු පරිත්‍යාග කිරීමට හැකි වීම හා නොතාරිස්වරුන් හරහා ඉතා කඩිනමින් ඒවායේ පිටපත් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දෙන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු එම්.සී.සී ගිවිසුම හොර රහසේම ක්‍රියාත්මක වෙනවාවත්ද? මේ තොරතුරු පරිගණක මෘදුකාංග හරහා විදේශයන්ට විටවෙනවා වෙන්න බැරිද?
මෙය ඉතාමත් හොඳ ප්රවනතාවක්. මේ දෙයින් මිනිසුන් ඉඩම් නඩුවල පැටලී අවරුදු ගණන් උසාවිවල රස්තියාදු වීම නවතා ගත හැකියි. මෙවැනි දෙයකට විරුද්ධ වන්නේ පෙරකදෝරුවන් පමණි.
හොඳ ක්‍රමයක්. මේවට විරුද්ධ වෙන්නේ අසාධාරණ නීතිවේදියෝ විතරයි. මගෙත් ඉඩම් නඩුවක් තියෙනවා. අවුරුදු පහක් විතර ඇති. උසාවියට කැඳවනවා. දිනයක් දෙනවා. නීතිඥ තුමා අත මිට මොලවා ගන්නවා. මේ විදියේ නීති ක්‍රමයක් මොන රටේවත් නැතිව ඇති.
එම්.සී.සී එක ගැන මහජනතාව දැනුවත් කරන තාක් කල් මේ වගේ වැඩ ගැන ජනතාව සැක පහළ කරන එක නවත්වන්න බැරිවෙයි. මටත් ඔලුවට ආවේ අර කාලයක් අධ්‍යාපන ධවල පත්‍රිකාව කියලා එකක් එක්ක නටලා පෙළපාලි ගිහිල්ල කොල්ලෝ කෙල්ලෝ ගුටි කාල හිරේ ගිහින් අන්තිමේ ආණ්ඩුව ප්‍රසිද්ධියේ වැඩේ අකුලාගෙන එක එක වගන්තිය එළියට දැම්මනේ. ඒ වගේ එකක් වෙන්නත් බැරි නැහැ. මොකද අපේ පාර්ලිමේන්තුව ඒ තරම්ම දුෂිතයි.
මේක එම්.සී.සී ගිවිසුමේ කොන්දේසි. මුලින්ම කරන්න හැදුවේ රනිල් පස්සේ මහජන විරෝධය හමුවේ නැවැත්තුවා. දැන් රනිල් නතර කරපු තැන ඉඳන් යූ ටර්න් ආණ්ඩුව එම්.සී.සී ගිවිසුමේ පූර්ව කොන්දේසි සපුරාගෙන යනවා. රජය එකතුව කරගන්න ජනතාවගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරන්න පනතක් සම්මත නොකරපු එකේ මේ තොරතුරු සියල්ල විදේශිකයන්ට දෙනවා.