රත්නපුර කෝටි තුනේ කොල්ලයට ගුරුවරු දෙදෙනකු ඇතුළු 5ක් සැකපිට
රත්නපුර පැල්මඩුල්ලේ ව්යාපාරික ස්ථානයක සේප්පුවක් කඩා රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරන සොරා ගත්තේයැයි සැකපිට ගුරුවරුන් දෙදෙනකු , යුද හමුදාවේ හිටපු සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.