(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (18) නියම කළේය.
සිය නීත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට ඔහු චෝදනා ලැබ සිටින.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාට නයි කයිද දන්නේ නැහැ.
කලින් ලියපු කමෙන්ට් එකම මෙතෙන්ටත් ගැළපෙනවා. මැතිවරණෙ කවද්ද කියලවත් මට මතකක් නැති හැටි
මේවා බරපතල චෝදනා තියෙන නඩු. ඇයි මේ නඩු මැතිවරණයට පෙර විභාග කොට වරදකරුවන්ට දඩුවම් නොකර කල් මරමින් ඉන්නේ ? මෙවැනි දේශපාලකයින් නැවත බලයට ගෙනෙන්න ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන කාට හරි උවමනාවක් තියෙනවද?