හකීම් තමන්ගේ වෙලාව එනතුරු බලාසිටී
ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් නම් කිරීමෙන් පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශක්තිය, සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන සලකා බැලීමෙන් අනතුරුව තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ජල සම්පත් ජලාපවාහන සහ නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කිය.