(මුදිතා දයානන්ද )
දේශප්‍රේමය වෙනුවෙන් කෑ ගහපු, රණවිරුවන් වෙනුවෙන් කඳුලූ හලපු කිසිවෙක් හමුදාපතිට ඇමරිකාවෙන් පැනවු තහනම ගැන කතා කරන්නේ නැතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී මහජන අවධි සභාවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (16) පැවසීය.
ඔහු මේ බව පැවසුය් බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේද පැවසීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති තහනම අපි තරයේ හෙළා දකිනවා. මේක අපේ රටේ අභිමානයට විශාල කැළලක්. රජය ඊට දක්වන ප්‍රතිචාරය ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. විදේශ කටයුතු ඇමතිවරයා හා ලේකම්වරයා ඇමරිකානු තානාපතිට දැනුම් දී තිබෙනවා අමාත්‍යංශයට පැමිණෙන්න කියලා. එච්චරයි. ඉරානයේ හමුදා ප්‍රධානි සුලෙයිමාන්ව ඝාතනය කළාම ඒ රටේ සියලූ ජනතාව පාරට බැහැලා ඇමරිකාවට එරෙහිව දින ගණනාවක් දැවැන්ත උද්ඝෝෂනයක් කළා. මොකද ඒක රටේ ආරක්ෂාවට එරෙහිව කළ ප්‍රහාරයක් හා සමානයි.
මේ ආණ්ඩුවේ වගකිව යුත්තන් ගණනාවක් ඉන්නවා ඇමරිකන් පුරවැසිභාවය සහිත. ඔවුන් මේ රටට අවංකවම ආදරය කරනවා නම් කළ යුත්තේ මේ සම්බන්ධයෙන් ඇමරිකාවට පෙරළා ප්‍රතිචාර දැක්වීමයි. රටේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුයි. ඔහු මේ රටේ හිටපු හමුදා නිලධාරියෙක් වගේම ඇමරිකාවේ දිගු කලක් පුරවැසිභාවය ලබා සිටි අයෙක්.
පහුගිය කාලයේ දේශපේ‍්‍රමය වෙනුවෙන් කෑ ගහපු, රණවිරුවන් වෙනුවෙන් කඳුලූ හලපු කවුරුවත් දැන් කතා නැහැ. වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර, සරත් වීරසේකර, මාගල්කන්දේ සුදත්ත හිමි, බොදු බල සේනා වගේ සංවිධාන දැන් ඇයි කතාවක් නැත්තේ? ඇත්ත දේශපේ‍්‍රමයක් තිබේ නම් දැන් මේ වෙනුවෙන් පෙනී සිටින්න. අපේ පූර්ණ සහයෝගය ඒ සඳහා ලබාදෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නින්දෙන් නැගිටලද ?
කෑගහන්න බයයි ඒ අයටත් ඇමෙරිකාවට යන්න වීසා නොලැබෙයි කියලා.
අනේ ඉතින් ඔය ඇමෙරිකාවට කෙනෙක් නොගියට ඔහු මැරෙනවද?
අපි අනිවාර්යයෙන්ම ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ දැවැන්ත උද්ඝෝෂණයක් කළ යුතුය .
ඇයි ඉතිං ඔය ටී එන් ඒ එක හැරෙන තැපෑලෙන්ම අදහස් දක්වලා තියෙන්නෙ. රටේ ජනාධිපතිවත් තවම මුකුත් කීවෙ නැතුව මං මොනව කියන්නද?
කතා නොකරන්නේ මට වගේම ඒ ගොල්ලන්ටත් පේනව ඇති මේ නිවේදනය ඉල්ලලා ගත්ත එකක් කියල.
ඔය වගේ ජාත්‍යන්තර ප්‍රශ්න වලදී , රටේ වගකීමක් ඇති නායකයන් අදහස් ප්‍රකාශ කරනකොට බොහෝ ප්‍රවේශමෙන් කරන එක කොහොමටත් හොඳයි . රටේ ඡන්ද ගැන හිතල ගොන් කතා කියල අපේ සමහර නායකයන් මීට පෙර අසල්වැසි රටවල් තරහ කරගෙන තියනවා . ඒවායින් පාඩු සිදු වුනේ ශ්‍රී ලංකාවටමයි . අදාළ විෂය භාර ඇමති කල යුතු දේ කළා , අපි බලා ඉමු
ඕනෑම ජන කොට්ටාශයක පාවාදෙන්නන් , දෙෂත්ද්රෝහීන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැති බව මෙම නිවටයා හොදම උදාහරණයකි.තම තමන් වන්දනාමාන කරන පක්ෂ වල පරමාර්ථ ඉටුකරගැනීමට තමන් උපන් රට ලෝකය ඉදිරියේ " වචනයකින් හෝ බාල්දු කිරීම " සුදුසුද නැද්දවත් නොදත් මෙවන් මුසලයන්/අපතයන් අපගේ මව්බිමෙන් සදහටම තුරන් වේවා !!!තමන් උපන්දේශයේ දහසක් අඩුපාඩු ඇති නමුත් වචනයකින් හෝ උපන් රටට හනියක්විමට කටයුතු කිරීම හරිද වැරදිදවත් තම දෙමාපියන් කියාදී නොමැති මෙම "වාචාලයා " යන යන සෑම තැනකම ප්‍රතික්ෂේප වේවා !!!!!
අපි ඇමෙරිකාවේ නීතියට ගරු කරනවා .ශ්‍රී ලංකාවේ නීතියක් නැහැ.ඇමෙරිකාව ගොනාට අන්දන්න බැහැ.ඇමෙරිකාවේ කවුරත් නීතියට යටයි
ඔයා කඩේ යන එක කරන්න. අනිත් අය ඒක බලා ගනීවි.
ජනාධිපතිතුමා මේ ගැන කතාකරන්න ඕන නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ ගැන කටයුතු කරනවා. මෙයාගේ පක්ෂයේ නායක වීර විභූෂණ චම්පක උතුමාව නින්දෙන් අවදිකලොත් නරකද? මොකද එයා කියපු නිසාලුනේ යුද්ධය පටන් අරගෙන ජයග්‍රහණය කලේ.
පොඩ්ඩක් ඉන්න වංස තැඹිලි හොයා හොයා ඉන්නේ උපවාසේ පටන් ගන්න
යූ එන් පී යේ එල්ලී ජීවිකාව කරගෙන යන මේ අයට දේශප්‍රේමයක් ගැන කතා කිරීමට අයිතියක් නැත.
ඔයා කියන්නේ අන්තරේ කොල්ලන් කෙල්ලන්ට ජොබ් එක බාර දෙන්න කියලද? කතා කරන්න ඕනේ අය අදාළ පුදගලයින් අමාත්යඅංශ වලට ගෙන්වලා කතා කරලා තිබෙනවා. එහෙම නැතුව අපිට බෝඩ් කෑලි උස්සාගෙන ඇමෙරිකන් කොමසාරිස්කාර්යාලය වටලන්න බැහැ.
මේ කතාකරන වර්ණසිංහ පුළුවන්නේ චම්පික එක්ක පාරට බැහැලා ඇමෙරිකාවට විරුද්ධව උද්ගෝෂණය කරන්න.
ඇමෙරිකාව කතාකරලා ඩොලර් කෝටියක් දුන්න නම් ඔය කියන දේශප්‍රේමිත්වය කැලේ.
මේ අර හෙළ උරුමයේ කෙනෙක් නේද ?
පාරට බහින්න අපි සුදානම්, එත් ඔය කෑගහන දේශපාලුවන් කීදෙනෙක් ඒවිද?
ඇමරිකාවේ නීතියක් ඇති ඒ රටේ මිනිස්සුන්ට. නමුත් එයාලට නීතියක් නැහැ හැම රටක ම මිනිස්සුන්ට.. අපිට නම් එහෙ යන්න තරම් රුදාවක් නැති නිසා අපි අවඥාවෙන් හිනා වෙනවා මිදී ඇබුල් වගේ වැඩ ඇමරිකන් කාරයා කරනකොට… ඒ වගේම අපි එයාලගේ ප්‍රාන්තයක් ද කියලා අහන්නත් කැමතියි. එයාල මානව හිමිකම් එළිපිට අමු අමුවේ උල්ලංඝනය කරනකොට කතා කරන්න කවුරුවත් නැහැ. කොටි නිසා වෙච්ච මානව හිමිකම් උල්ලංඝන ගැන ඇමරිකාවට අවුලක් නැතුව ඇති. එයාලට ඕන ආයෙමත් යුද්ධයක් අවුලවලා ආයුධ විකුණා ගන්න , ඒ අතරේ මේ රටෙන් ඉඩම් ටිකක් අල්ල ගන්න. මේක තමයි මේ අයගේ වැඩේ සරල සත්‍ය.
හමුදාපතිට නැති කැක්කුමක් නේ අනික් අයට තියෙන්නේ, එතුමාගේ කතාවහරි, මට එන්න ඕනි නැහැ ඔය රටට හරිනේ කතාව.
ඒ කිව්ව කෙනෙක් ඇතිනේ ඔහුටත් ලංකාවට වීසා නොදී හිටියම හරිනේ.
එතකොට ඔය බැසිල්ලා වගේ අය ඕන වෙලාවක යනවා. ඕන වෙලාවක එනවා. කොහොමද ඒක කරන්නේ. ඇමරිකාවෙන් කිසිම ප්‍රශ්නයක් නැනේ.
හරියට හරි නියම හෙළ උරුමක්කාරයෝ. හෙළයට මොවුනට තිබෙන උරුමය එජාප අයට නැත. පාමන්කඩ ගිය අයට අලිමන්කඩට පාර සදා දුන්නේ මේ හෙළ උරුමක්කාරයින්ය. මොවුන් නොසිටින්න අපට ඉතිරිවෙන්නේ එජාප කරුමයයි.