(මුදිතා දයානන්ද )
ජපානය, වියට්නාමය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල් ගණනාවකට ප්‍රහාර එල්ල කර ලක්ෂ ගණන් මිනිස් ජීවිත විනාශ කර දෑත්වල ලේ තවරාගත් ඇමරිකාව අපේ හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිලුවක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (17) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි ඔහු මෙසේද පැවසීය.
''යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව යුද අපරාධ චෝදනා නගමින් ඇමරිකාවට ඇතුල්විම තහනම් කරන්නේ පදනම් විරහිතවයි. ඔහු වැරදිකරුවෙක් කළ අධිකරණය කුමක්ද? ඒවගේම ඔහු යුද්ධය කළේ තනිවම නෙවෙයි. ඇයි ඔහුට පමණක් මේ චෝදනා? මේ තහනම් ගේන්නේ ත්‍රස්තවාදය පරාජය කිරිමට ඔහු කළ තීරණාත්මක දායකත්වයද?
ඒක එහෙම නම් ඇමරිකාව 2001දි ත්‍රස්තවාදයට එරෙහිව ඇරඹූ ලෝක යුද්ධය බොරුවක්ද? ඔවුන් ජනාපනයට පරමාණු බෝම්බ ගහලා ලක්ෂ දෙකක් පමණ ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකළා. වියට්නාමයට පහර දීලා ලක්ෂ තිස් අටක් ඝාතනය කළා. ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරලා ලක්ෂ පහළොවක් ඝාතනය කළා. මේ විදිහට මිනිස් ඝාතන කළ ඇමරිකාව තමයි අද ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්න යුද වැදුණ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා නගන්නේ'' යැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ඉතිහාසයේ පටන්ම කලේ අනුන්ට හිරිහැරය, රතු ඉන්දියානුවන්ගේ භුමිය බලහත්කාරයෙන් අල්ලාගැනීමෙන් පටන්ගත් මේ හිංසනය අද දක්වාම කරගෙන යන්නේ ලෝක බලවතා ලෙස ඔවුන්ට හිමි වරප්‍රසාද වලට මුවාවිගෙනය. තමන්ගේ වැරදි වසන්කර ගැනීමට මෙන් ඉදහිට අනිකුත් රටවල මානව හිමිකම් ගැනද අතපොවමින් සිටියි. විශේෂයෙන්ම අභ්‍යන්තර යුද්ධ, ගැටළු විසදගෙන දියුණුවීගෙන එන රටවල් ඔවුන්ට පෙනෙන්නට බැරිය. එම රටවල නැවත නැවතත් යුද්ධ ඇතිවෙනවානම් ඔවුන් කැමතිය. මේ දැන් කරමින් සිටින්නේත් ජාතින් අතර නැවතත් වෛරය පතුරා ටිකෙන් ටික යුද්ධයකට තල්ලු කර දැමීමකි.
කවුරුත් ඇහුවේ නැද්ද ඇමෙරිකාව එංගලන්තය මැදපෙරදිග ට ගහල ඉරාකය, ලිබියාව, ඇෆ්ගන්ස්ථානය වගේ රටවල මිනිස්සු මැරුවහම මානව හිමිකම් කඩවෙන්නේ නැත්තේ ඇයි කියලා.?
කිව්ව විදියටම එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ නේද.?
ට්‍රම්ප්ට ජයවේවා. දැන්වත් එම්සිසී ගිවිසුම අත්සන් කරන්නේ නැතිව ඉදීවිද දන්නේ නැහැ. නැත්නම් තණ්හාවට රට පාවා දේවිද දන්නේ නැහැ.
මහා මැතිවරණයට අලුත් මාතෘකාවක් ගේන්න වගෙයි යන්නේ
මෙන්නෝ ඡන්දෙට කතන්දර හදනනෝ
අනේ මෙයාගේ තර්ක විතර්ක . කට ඇරියොත් බොරු තර්ක තමා.