මහනුවර ඇසළ පෙරහරේ කප්සිටුවයි
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය අද (2 වැනිදා) අලුයම 5.10 ට යෙදුණු සුභ මොහොතින් උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කර තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.