(එස්. ඩි .කොඩිකාර )
ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මාරුවෙනකොට වාඩි වෙන පුටුව අරගෙන තියෙන්නෙ රුපියල් ලක්ෂ හයක් වියදම් කරල.අපිට මේ පාලම හදන්න ගියේ රුපියල් ලක්ෂ පහයි යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (14) දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයේ දී පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මන්ත්‍රීවරයාගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් පන් ලක්ෂ විසි දහසක් යොදවා කොලවෙනිගම පුස්සවෙල ග්‍රාම නිලධාරී වසමේ දඟර ගහ ඇළ හරහා යෙදූ කුඩා පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය .
‘‘මේ රට හදන්න ඕන නම් ගමයි මිනිස්සුයි වැඩ කරන මිනිස්සු ඔක්කොම එකතු වෙන්න ඕන.අද අපේ රටේ දේශපාලනඥයින් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. රටේ සල්ලි ප්‍රශ්නයක් නැහැ. සල්ලි හොරකම් කිරිල්ලයි නාස්ති කිරිල්ලයි නැත්නම් මේ රට හදන්න පුළුවන්.
කෝටි 278 ක් වියදම් කරලා හිටපු ආණ්ඩුවේ ඇමතිවරු වාහන අරගෙන තියෙනවා. අපේ හැම ආණ්ඩුවේ ඇමතිවරයෙකුටම රථ මේනියාව තියෙනවා. කලින් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනය අලුත් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරන්න කැමැති නැහැ.
ඔය රථ මේනියාව නැතුව කලින් ආණ්ඩුවේ ඇමැති පාවිච්චි කළ වාහනය අලුත් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කලා නම් ඔය රුපියල් කෝටි 278 න් මේ වගේ ලක්ෂ පහේ කුඩා පාලම් 5560 ක් ලංකාව පුරා ඉදි කරන්න තිබුණා.
නලින්ද ජයතිස්ස සහෝදරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුවා කලින් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඇමතිවරු අවුරුදු පහට ගත්ත වාහන මොනවද කියලා.
දැන් ඒ වාහන කෝ ඒවට මොකද උනේ කියලා.අපි මේක අහන්න දැන් සී.අයි.ඩී.එකට ගිහින් තියෙනවා.
මේ වගේ තමයි මේ රට නාස්ති කරන්නේ.වාහන විතරක් නොවෙයි අමාත්‍යංශ මාරුවෙනකොට ඇමතිවරු පුටුත් මාරු කරනවා. ඒ නිසා ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන්න ඕන. ජනතාව මේවා ප්‍රතික්ෂේප නොකරන තාක් කල් මේ අය මේ වැඩේ දිගටම සිදු කරනවා.
නිලධාරියෙක් කතා කරනකොට ඒක මැජික් එකක් නෙවෙයි.අද ඒක මැජික් එකක් බවට පත්වෙලා තිබෙන්නේ එහෙම කතා කරන්න හැමෝටම බැරි නිසා.
රාජ්‍ය සේවය දේශපාලනඥයින් ඉස්සරහ කොන්ද කඩලා දණ ගස්සවලා තිබෙන නිසා තමයි අද දේවානි ජයතිලක මෙතරම් ප්‍රචලිත වෙලා තියෙන්නෙ .එතුමිය කරපු දේ විශිෂ්ටයි. ඒක විශිෂ්ට වෙලා තියෙන්නෙ වෙන අය එහෙම කරන්නේ නැති නිසා.
ඇමතිලාගේ ගෝලයෝ හිතාගෙන ඉන්නේ ඔක්සිජන් කියන්නේ හෙරොයින් වගේ දෙයක් කියල.අද ඒ වගේ ඇමතිල නිසා තමයි මේ රටට මේ වගේ තත්ත්වයකට උදා වෙලා තිබෙන්නෙ.මේ තක්කඩි දේශපාලඥයින් විතරක් නෙවෙයි ජනතාවත් වගකියන්න ඕන. මොකද ඒ හැම කෙනෙක්ම පුටු පෙරලන් ගිහිල්ලා නෙවෙයි පාර්ලිමේන්තුවේ වාඩි වෙලා තිබෙන්නේ. ඒ හැමෝම මහ ජනතාවගේ ඡන්දය අරගෙන ගිහින් වාඩි වෙලා ඉන්නේ‘‘ යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහතුනේ මේවා හෙළිදරව් කිරීම හොඳයි. මේවා සිදුවෙනකොට කරබගෙන ඉඳලා දැන් කියන්නේ මොනවද ?
ඔබලාගේ වටිනාකම් කවදා මේ රටේ මිනිසුන් තේරුම් ගනීද.?
ඔන්න පේනවා නේද මාස තුනට තරම පේනවා නේද ?
මහත්තයා.. කලින් ආණ්ඩුවෙන් වාහන ගන්නකොට ඔහෙලා පහුගිය කාලේ බුදියන්ද හිටියේ..? ඔයාලත් ඒ ආණ්ඩුවේ ජැක් එකක් වෙලා හිටියනේ.. දැන් නිකන් නින්දෙන් ඇහැරිලා වගේ කෑගහනවා... ඔයාලාගේ කටවල් යූ එන් පී ආණ්ඩු කාලේ අඩුයි. හරි නම් ඒ කාලේ වාහන ගන්න තීරණේ කරනකොට කෑගහන්න ඕන.. ගත්තට පස්සේ වැඩක් නෑ.. මෙයාලා කොහොමත් වැරැද්ද වළක්වනවාට වඩා වැරැද්ද වෙනවා නම් කැමතියි... මොකද අවුරුදු ගාණක් කාට හරි බැණ බැණ ඉන්න පුළුවන්නේ..
දැන් එකපාරටම ඇමතියෝ ගැන මතක්වුනේ මොකද ? බොහොම හොදයි පමාවෙලා හෝ එම අය ගැන මතක් වෙච්ච එක.
මගේ මුදලින් තව ලක්ෂයක් හෝ යන වියදම් දෙන්නම් මේ පුටුවට කරන්ට් එක සවිකර දෙන්න
සමස්ත රාජ්‍ය ප්‍රතිපත්ති සහ මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොකර මේ රටට ගො ඒමක් නොමැත. වන ගහණයේ වැදගත්කම නොදන්නා මිනිසුන් ඉන්න රටක රටට ගොඩ ඒමක් නොමැත. මොන සංවර්ධනයක්ද තිබෙන්නේ ?
මැලේසියාවේ පැදපු වාහනේ ගත්තේ කීයටද? මතක නැත්තම් ගොන්ජා කියලා එක්කෙනෙක් වාට්ටුවේ ඉන්නවා. එයාගෙන් අහගන්න.
ඉතින් දෙයියනේ ඉඳගන්නකොට වටිනා මොළ ටික නොතැලී තියාගන්න නේ මේ වගේ සැප පහසු පුටු අරගෙන ඇත්තේ මේවා මහජනතාව තේරුම් ගන්න එපැයි.
කලින් ආණ්ඩුවෙන් වාහන ගන්නකොට කසාය බීපු ගොළුව වගේ ඉදලා දැන් බොරුවට කියවනවා.
දැන් එක දෙයක් ඉතා පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා පාර්ලිමේනිත්තුවේ ඉන්න ඔක්කොම පට්ට හොරු කියලා.
එහෙම කියන්න එපා සුනිල්. ඔය ඉන්න ඇමතිලට මොළය තබා ගැනීම සඳහා හොඳට කුෂන් කරපු ලක්ෂ හයකවත් පුටුවක් නැතුව කොහොමද තැලීම් ආදියෙන් ආරක්ෂා කරගන්නේ.
" ඒ හැම කෙනෙක්ම පුටු පෙරලන් ගිහිල්ලා නෙවෙයි පාර්ලිමේන්තුවේ වාඩි වෙලා තිබෙන්නේ. ඒ හැමෝම මහ ජනතාවගේ ඡන්දය අරගෙන ගිහින් වාඩි වෙලා ඉන්නේ‘‘ එහෙනම් මොන බම්බුවකටද රාජපක්ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කොරන්නේ රාජපක්ෂ්ලාත් මහ ජනතාවගේ ඡන්දය අරගෙන ගිහින් වාඩි වෙලා ඉන්නේ තේරුනාද? වරක් කෙනෙක් වැටුප් නැතිව ඔහෙලා වැඩ කොරන්නේ කොහොමද කියා කෙනෙක් අසු ප්‍රශ්නයකට උත්ත්රදීපු ඔබ කීවා ඔබලාගේ අවශ්‍යතාවයන් ජනතාව නිකන් සපයනවා කියලා. බාබර් නොමිලේ කොණ්ඩය කපන බව කීවා. යාළුවො ජනතාව ඔබලාට හැමදේම නිකන් දෙනවා නමුත් ඡන්දය දෙන්නේ නැතිබව දැක්කනේද?
ඔව් ඔව් මමත් දැක්ක ඇමතිවරු පුටු සාප්පුවකට ඇවිත් වාඩි වෙවී පුටු තෝරනවා. ඔයාලා ඇමතිලා උනොත් වාඩිවෙන්නේ බන්කුවලද? අනික පුටු ලක්ෂ ගණනක් උනාට කීදෙනාද ඔය පුටුවල වැඩිවෙලා ඉන්නේ? පුටුවෙත් නැහැ ගමෙත් නැහැ.
කඩුපුල් ආසනේ වගේ තියෙන්න ඕන නේ... නැත්නම් පුටුව රත් වෙන්නේ නැහැ මිනිස්සු දිහා බලන්න.
රටක් දියුණු වෙයිද.?
එහෙ කියන්න එපා. මොනවා වුනත් ලංකාවෙන්නේ හොයාගත්තේ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා. ඒකත් මීගමුවෙන් අල්ලගෙන තියෙන්නේ.
ඒ කතාව නම් සම්පුර්ණ ඇත්ත.
එහෙම තමා මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනකොට පාණ්ඩුකම්බ ශෛලාසනය වගේ උණුවෙනවනේ.
නිකන් බයිලා කියවන් නැතුව ඉන්න. ගිය ආණ්ඩුවෙන් විශාල වාහන ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණු බවට අද වෙනකොට පැහැදිලියි. ඒ කාලේදී ගන්න ඕනේ තීරණය දැන් කියවලා වැඩක් නැහැනේ. හාමුට කත් අදින කොට ඒවා අමතක වෙලා දැන් බයිලා කියවනවා.
6 නෙවෙයි ඕක 60 උනත් ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙනවා.......
ඉන්දුනීසියාවේ නටපු නැටුම් වලට මුදල් ලැබුනේ කොහෙන්ද ?
කඩුපුල් ආසනය වගේ තියෙන්න එපායැ. නැත්නම් පුටුව උණු වෙන්නේ නෑ මිනිසුන්ගේ දුක දැනේනේ නෑ.
පාර්ලිමේන්තුවේ 90 % කට වැඩිය අ පො ස සා පෙල වත් නැහැ. 4 වසරට පමණක් ගිහින්, කසිප්පු විකුණලා පාර්ලිමේන්තු ගිහින්, මිරිස් කුඩු ගහන ගරු මහත්වරුත් ඉන්නවා. හැබැයි ඔවුන්ට "පස්ස පැත්ත" තියන්න ලක්ශ 6 ක පුටුවක් ඕනේ. ඉතින් ඒ අයටම ඡන්දේ දෙන අය වගේම, අනිත් අයත් "තන කොල" මැල්ලුම් ටිකක් කන්න මහත්තයෝ.