‘‘දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නෑ‘‘
අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ ජනතාවට එපා වෙලා තියෙනවා, අපිම කියනවා පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන 225 ම එපා කියලා. හැබැයි මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා උපාධිධාරීන් හමුවේ පැවසීය.