(බිඟුන් මේනක ගමගේ )
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් රජයෙන් ලබාදෙන ඉන්ධන දීමනාවද ලබාගෙන දෙපාර්තමේන්තුව සතු වාහන යොදා ගනිමින් රාජකාරී මෙන්ම පෞද්ගලික ගමන් බිමන් පහසුකම් සලසා ගන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද (17) පැමිණිල්ලක් කර ඇත.
රාජකාරී කටයුතු සඳහා වාහනයක් ලබාදිය නොහැකි අවස්ථාවල දී තමන්ගේ පෞද්ගලික වාහනය පාවිචිචි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2009 අනුව ඉන්ධන දීමනාවක් ගෙවන නමුත් එසේ ඉන්ධන දීමනාව ලබාගත් මෙම නිලධාරීන් පිරිස වසරකට එක් දිනයක් හෝ රාජකාරී කටයුතු සඳහා සේවා ස්ථානයට පැමිණ නැතැයි ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන්ධන දීමනාව ලබාගෙන, දෙපාර්තමේන්තු වාහන වලින් ප්‍රවාහන පහසුකම් ලබාගන්නා නිලධාරීන් අතර, පරිපාලන අධ්යක්ෂවරයා සිටින්නේ යැයි ද WP-CAG -3228 දරණ මෝටර් රථය වෙනුවෙන් මසකට රුපියල් 61000.00 ක මුදලක් 2017 ජූනි මාසයේ සිට මේ දක්වා ලබාගෙන ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කර ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී (පරිපාලන) KG - 3328 මෝටර් රථය වෙනුවෙන් මසකට රුපියල් 61000.00 ක මුදලක් 2017 වසරේ සිටද, අංක 250-0578 දරණ වාහනය සඳහා 2013 ජූනි මාසයේ සිට රුපියල් 61000.00 විගණන අංශ ප්‍රධාන විසින් ද 2019 අවසාන භාගයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන ඇති අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (පරිපාලන) ලෙස කටයුතු කළ නිලධාරිනිය K H -7202 අංක දරණ වාහනය වෙනුවෙන් 2017 වර්ෂයේ සිට මාසිකව 61000.00 ක මුදලක් ද මෙසේ ලබාගෙන ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
මේ ආකාරයට විනය පාලන බලතල ක්‍රියාත්මක කරන නිලධාරීන් රැසක් මහජන මුදල් වංචා කිරීම්වල නිරත වන්නේ යැයි ද දුම්රිය සේවකයෙකුගෙන් සිදුවන සුළු වරදක් වුවද පලමු උපලේඛණ ගත වරදක් ලෙස සලකා චෝදනා පත්‍ර නිකුත් කරන මෙම නිලධාරින් සම්බන්ධයෙන් ද නීතිය එක සේ ක්රියාවේ යොදන ලෙස ඉල්ලාසිටින්නේ යැයි ද එහි සඳහන් වේ.
ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ජේදයේ 31:1:7 අනුව රජයේ මුදල් සාවද්‍ය ලෙස හෝ අයථා ලෙස හෝ පරිහරණය කිරීම හෝ වෙනත් අයෙකුට එසේ කිරීමට ඉඩ සැලසීම බරපතල විෂමාචාරයක් යැයි ද රජයේ මුදල් වංචා සහගතව පරිහරණය කිරීම මත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ජේදයේ 31:5 අනුව විනයානුකූල කටයුතු කළ හැකි යැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
එහෙත් දුම්රිය ඉහල නිලධාරීන් එවැනි විනය විරෝධී කටයුතු වල යෙදුණු විට සේවය පවත්වාගෙන යාමට බාධාවේ යැයි පෙන්වා වැඩ තහනම් නොකර අමාත්‍ය මණ්ඩල තීන්දු අනුව සේවයේ යෙදෙන අවස්ථා ඇතැයි ද එය ඉතාමත් නරක පූර්වාදර්ශයක් යැයි ද එහි සඳහන් වේ.
එනිසා මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකොට වහාම පරීක්ෂණයක් පවත්වා අදාල නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ යැයි වැඩිදුරටත් එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන ලෝක අපරාදයක්ද? නිකරුණේ ලක්ෂ ගනන් පඩි ගන්නව මදිවට කරනන දේවල්. මිනිස්සු බිල්ලට දීල වත ස්ට්‍රියික් කරනවා පඩි මදිකියල. කුඩු කාරයන්ට කලින් මේ හොරු එල්ලන්න ඕනේ.
හවසට නිලනිවසට යන්න නුවර ඉදල කෝච්චි අරන් ගියපු නිලධාරීන් ඉන්න දෙපාර්තමේන්තුවක මේවා එච්චර ලොකු දේවල් නෙවෙයි. උඩ ඉදල යටටම කිසිම වැඩක් කරන්නේ නැතුව පින් පඩි ගන්න කට්ටිය ඉන්නෙ,ෙ
අද මා දැක්කා මගේ ගෙදර ඉදිරිපිට ඇති ඉංගිරිසි පන්තියට දරුවෙක් ගෙනත් ඇරලුවේ රාජ්‍ය ලාංජනය සහිත කාරයකින්. දරුවාගේ පන්තිය ඉවරවෙනතුරු කාරය ඒසී දමාගෙන පණගන්වා තිබුනේ.
ඇමතිලත්/ එහෙමනේ කාර් පර්මිට් එකක් ලැබිලත් අමාත්‍යංශයට ඇමතිට කියල වෙනම වාහනයක් ගන්නවා...ඒකට කෝටිගානක් වියදම් කරා කියල ගිය සතිවල කතා වුනෙත්. මුන් ඔක්කොම හොරු වුනහම රටක් හැදෙයි ද ?
ඇයි දන්නේ නැහැ වෙලාවට යන දුම්රියේම මෙයලටත් යන්න. ලොකු පුටු වලට වෙලා කොමිස් කුට්ටි දිහා බලනවා හැරෙන්න වෙන වැඩක් නම් කරනවා කියලා හිතන්න අමාරුයි. කාර්යාල වෙලාවල් වල වෙලාවට ගිය එක දුම්රියක් තියෙනවනම් මෙයාලට මේ දීමනා දුන්නට ප්‍රශ්නයක් නැහැ තමන්ගේ රාජකාරි නොකර ඇමතියට ලොකු කම පෙන්වන්න වැඩ කරලා මගීන්ව අමාරුවේ දාන මෙයාලට ඉතින්දෙයියන්ගේම පිහිටයි.
ඔය එක්කෙනෙක්ට සවස වැඩ නිමවී ගෙදර යන්න සවස 5.10 ට මහනුවරට සීග්‍රගාමී දුම්රියක් දමාගෙන ඇති බව දන්නෝ දනිති. එසේම පසුදින උදැසන එම දුම්රිය අනිකුත් කාර්යාල දුම්රියන් මග නවතා හෝ 7.05 -7.20 අතර මරදානට ලගාවෙති. මෙවැනි අය පලවා හැරීමට මගීන් වන අප 100% එකගය.
එතකොට ඇමති / මන්ත්‍රි බිරිද දරුවන් යන්නේ කොහොමද?