(ඩයනා උදයංගනී)
සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද (17) සිදුකෙරිණි.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2019 දෙසැම්බර් මස 18 වැනිදා සිට මෙම සිව් පුද්ගල විද්වත් කමිටුව පත් කෙරිණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
එම කමිටුව විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් සිදුකෙරෙන අතර ඔවුහු විවිධ පැතිකඩ ඔස්සේ මෙම විශ්ලේෂණය සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ලිපි ලේඛන විමර්ශනය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා සහ සම්මන්ත්රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර සහශ්රක අභියෝගතා සමායතනය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔවුන් විසින් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කරනවා නම් රටට ඉතා අහිතකර දෙයකි. අපි කරනවා නම් රටට ඉතා හිතකර ගිවිසුමකි. එසේ ලියා නැත්නම් පුදුමයකි.
රට පාවාදීමේ ගිවිසුම.....!!! මුළු රටම මිට විරුද්ධ වන්න.අපි පමා වුනොත් අපිට අපේ රටේ නිදහස නිතිවෙනවා නියතයි...මේ රට පර සුද්දන්ගේ යුධ බිමක් වෙනවා නියතයි..ඩොලර් මිලියන 480 ට රටක් පාවාදෙන ලෝකයේ පළමුවෙනි රට .මිට සම්බන්ධ ඔක්කොටම මරණය නියතයි.
ඔය කියන ගිවිසුම රජය විසින් මහජනතාවට බලාගැනීම පිණිස ප්‍රකාශයට පත්කොට තියෙනවාද? එසේ නම් අය ලබාගත හැක්කේ කොහෙන්ද?
බලය නැතිකාලේ හරිම බයානකයි නේද. දැන් කොහොමද කමිටු හදන්නේ. අර බෙලෙක්ජ් කට කෝ. මිනිසුන්ව උසි ගැන්නුවේ රට ගිල ගන්න එනවා කියල. හාමුදුරු වරු කෝ. සිංහලයෙක් ඕන කිව්වා මේ ගිවිසුමේ න් රට බේරා ගන්න. දැන්. සිංහල රජ්ජුරුවන්ගේ මල්ලි නේද මේ. අනේ අපේ බෞද්ධ. කමයි. සිංහල කමයි. ඔතල අරන් තියන්න දැනටත්. පුස් බැදිලා ජනතාවට වැඩිය වටින්නේ මුදල් කන්දරාව මැතිවරණය තියල බලය අව ගමන් තමන්ට ඕනද කරන්නේ. බලය නැති නිසා බොරුවට. කමිටු හදාගෙන. උගත් කට්ටිය කියනදේ. කරන. අයියයි මල්ලියි
තවදුරටත් අප රට රටවල ගැටවලට අහු වියයුතු නැත.
හරි හරි ... දැන් අත්සන් කරන්න කාලය හරි. ඉක්මනටම මෙය අත්සන් කරන එක හොඳයි . අඩුම ගානේ ඇමෙරිකන් කාරයෝවත් මෙහාට ඇවිල්ලා අපේ මොල වැඩෙන්න පොහොර ටිකක් අපේ උතුම් භූමියට දමයි. එතකොට දුන්නේ නැති වීසා ලැබෙයි. ටිකිරි මොලේ නේ?
ජනාධිපති මැතිවරණයට කලින් මේ රට ඇමරිකාවට පාවා දෙන එම්.සී.සී ගිවිසුම ගැන දැන් මොකටද විද්වත් වාර්තා කැඳවන්නේ?
රටේ අනාගතයට දැඩි ලෙස බලපාන නිසා වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට පාරදෘශ්‍ය විය යුතුයි
කෝ අර ඕක බාරගත්තොත් අනුරාධපුරයට යන්න ඇමරිකාවෙන් වීසා ගන්න වෙයි කියලා මොර දුන්න කට්ටිය දැන් කිසි සද්දයක් නෑනේ.
ඡන්දෙට කලින් නම් එම්.සී.සී නම ඇහෙද්දීත් කෑගහනවා. එත් දැන් ඒ කිසිම සද්දයක් වත් නැහැනේ
ඔය විද්වත් කමිටුවට අර වියත්මගේ අයත් ඉන්නවද? ඒ වියතෙකුට වත් කලපනා වුනේ නැද්ද මේ ගිවිසුම ඉරා විසිකරනවා කියලා කවුරුහරි මාස දෙකකකට කලින් කිව්වයි කියලා එහෙම? අපට ඇහිච්ච හැටි වෙන්න ඇති.
රටට එරෙහි කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියා පැමිණි ඔබතුමා මොනවාද ? මේ කරන්නේ. සමහර ජනතාව නොදන්නා ගිවිසුමක් , එක්කෝ ජනතාවට ඔය ගිවිසුම බලන්න දෙන්න ඕන. නැත්නම් ඔය ගිවිසුම එපා කියන්න ඕනේ. රට පවා දෙන ඔය ගිවිසුම අපට එපා.
අපේ සෑර්, දැන් ඉතින් ඔය රිපෝට් එක බලන්නත් එපා, වැඩේ දෙන්ඩ නියමෙටම. සිරිමහබෝධිය වදින්න යන්න වීසා ගන්නත් අපි රෙඩි. අර රට දෙකඩ කඩන ඇලේ බැහැලා නාන්නත් අපි ලෑස්තියි.
කෝ මේ උඩදුම්බර අය
ඔය ඇමෙරිකාව ගාව ගත්තොත් මහා තුවාලයක් ඔය ඉඩන් මනින්න ඒ අය ඕනේ නැහැ ...අපේ ලාංකික පිරිස ලෝකේ වටේම ඉන්නවා ...උදවු ඉල්ලුවොත් ඒ අය ඇවිත් ඕක කරලා දෙයි.එක නෙවේ කතාව රත්තරන් සහ යපස් 80% ගන්න පුළුවන්. ත්‍රිකුණාමලය අව ප්‍රදේශයෙන්. දැනට ඔකේ අනිත් රටවල් 20%යපස් තියෙන නිෂ්පාදනයි කරන්නේ. මේ වැඩේ නිසා තමයි මේ අය මේකට කෙල හලන්නේ. මෙරටේ ලොක්කන්ට ලොකු ගානක් ලැබෙන්ට ඕනේ මෙවට ඡන්දෙට ඉස්සෙල්ලා ඔය ගිවිසුම අවලංගු නොකොළොත් අපිට වන හානිය කියලා වැඩ ක් නැහැ....