කසල ආනයනය වැළැක්වීමට ගොනු කළ රිට් පෙත්සම විභාගය සැප්තැම්බරයට
ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද, ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සැප්තැම්බර් 20 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය.