(දසුන් රාජපක්ෂ )
රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සියලු නිවාස ව්‍යාපෘති සඳහා දේශීය උළු පමණක් යොදාගැනීමට නියමිත බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගෙන තිබෙන මෙම තීරණය අනූව ඉදිකිරීමට නියමිත නිවාස 14,022 ක් සඳහා දේශීය උළු සෙවිළි කෙරෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්‍යන්ත මහතා ‘‘ලංකාදීප‘‘ යට අද (13) ප්‍රකාශ කළේය.
බිඳවැටී තිබෙන දේශීය උළු කර්මාන්තය නගා සිටුවීම සහ ජනතාවට හොඳ වාතාශ්‍රයක් ලබාදීම මේ හරහා අපේක්ෂා කරන බව ද රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
එමෙන්ම මෙම තීරණය හරහා බිඳවැටී තිබෙන උළු කර්මාන්තය යළි ශක්තිමත් වන අතර අලුතින් රැකියා අවස්ථා ද උත්පාදනය වන බව ඒ මහතා පැවසීය.
නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍යය කරන උළු සපයා ගැනීම සඳහා උළු නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ද විවිධ ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස සඳහා හිඟයකින් තොරව උළු ලබාදීමට උළු නිෂ්පාදකයින් එකඟ වූ බව ද වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොඳ තීරණයක්... නමුත් උසස් ප්‍රමිතියට මේ උළු නිෂ්පාදනය කළ යුතුයි. එසේ නැති වුවහොත් පාරිභෝගිකයා මිලදී ගන්නේ නැත...
දේශීය දෙය අගය කරන එක සතුටට කරුණක්.
විශේෂයෙන් අැස්බැස්ටස් තහඩු පිළිකා කාරක බැවින් සහ ලංකාවේ අධික උෂ්ණත්වයට නොගැලපෙන නිසා උළු ඉතා හොඳ ගොඩනැගිලි ද්‍රව්‍යයක්...
නාමල් උළු මෝල් පටන් අරන් වගේ .....!!!
හොඳ පියවරක්. නමුත්, උළුවලට අමතරව ඇස්බැස්ටෝස් වැනි අනිකුත් විකල්ප තිබිය යුතුයි. එසේ නොවුණොත් සිදු වන්නේ ලාභය ගැන පමණක් සිතා, බාල උළු වෙළෙඳ පොලට සැපයීම පමණයි.
මතකද එක්කෙනෙක් ඇස්බැස්ටස් තහනම් කරන්න ගිහින් තේ වල කුරුමිණියන් අහුවුණා.
එතකොට උළු පුච්චන්න යන දර. වන විනාශය, පරිසර හානිය. මැටි කපපු වලවල්වලින් වෙන හානිය? ඔක්කොටම වඩා ඇස්බැස්ටෝස් හෝ අමානෝ වලින් සෙවිලි කරනවට වඩා උළු සඳහා යන දැව ප්‍රමාණය? බාල උළු වලින්හැ තෙමෙනකොට වෙන හානිය. හැම අතින්ම හිතලා බලන්න ඕනේ තීරණයක්?
සම්ප්‍රදායික උළු නිර්මාණය නොකර යකඩ බාල්ක භාවිතාකර සෙවිලි කළ හැකි උළු ක්‍රමයක් සොයාගන්න පුළුවන් නම් හොඳයි..
බොහොම හොඳ තීරණයක් ඒ වුනාට රුසියාවට යවන තේ වලට කෘමි වහන්න පටන් ගනී. ඊට ටික දවසකට පස්සේ කියයි ඇස්බෙස්ටොස් පාවිචි කෙරුවට වරදක් නැහැ කියලා.
මෙවැනි අදහස් දරන අයගෙන් නිදහස් වෙන්න පුලුවනිනම් තවත් රටේ ප්‍රගතිය ඉක්මන් වෙයි.
යහපත් දෙයක් හරියටම කරන්න ඕන.