( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පොලිස් මුලස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක මෙන්ම හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇතයි කියන සිද්දිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ගෙවී ගිය කාලය තුළ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද විවිධ බරපතල චෝදනා එල්ලවී ඇතැයි ද එම නිසා මේ තරම් විශාල මුදලක් ඇමරිකානු බැංකු ගිණුමට බැරවීම බරපතල සැක සහිත බව ද මොහොමඩ් මුසම්මිල් මහතා ඉදිරිපත් කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙයි.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘බදියුදීන්ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් ආ හැටි සොයන්න‘
athura Thursday, 13 February 2020 07:23 AM
අලුත්ම නාට්‍ය අද සිට විකාශය වේ.
NishanThursday, 13 February 2020 10:57 AM
මේ නාට්ටියේ පැමිණිලිකරුට රඟපාන කෙනාටත් දූෂණ, වංචා නඩුවක් තියෙනවා... 2010-2015 ආණ්ඩු කාලේ අමාත්‍යාංශයේ වාහනයක් බිරිඳගේ පාවිච්චියට ගත්තා කියලා. ඒකට ආණ්ඩුවේ සල්ලි වලින් ඩීසල් ගැහුවා කියලා.
BamunuarachchiFriday, 14 February 2020 04:48 AM
ඕකත් දෙයක් ද යහ පාලකයෝ බිලියන් ගණන් දීලා ගෙන්වපු වාහන දැන් කොහෙද තිබෙන්නේ කියා සොයන්න ජෙප්පෝ රහස් පොලිසියට පැමිණිලි කොරලා තිබෙන්නේ. 1977 පස්සේ සිටිය හැම ඇමති කම පවුලේ වැඩවලට වාහන පාවිච්චි කළා. ඇමතිලා පමණක් නොවෙයි රජයේ නිලධාරීන් පවා එය කළා එය කරනවා. හේතුව ඔවුන්ට වාහන වෙන්කර දීමයි.
mohan Thursday, 13 February 2020 07:33 AM
අනේ මහත්තයෝ, බලයට ආපු ගමන් ඇතුළට දානවා කියලා නේද කිව්වේ..? නිකම් බොරු සංදර්ශන පෙන්වන්න එපා. මිනිස්සු ඔක්කොම මෝඩයින් නොවේ.
duminda Thursday, 13 February 2020 07:48 AM
ඊට කලින් වයිෆ්ගේ ගිණුමට සල්ලි ආපුහැටි හෙව්වොත් නරකද? මේ සේරගේම බොරුනාටක විතරයි.
hemantha Thursday, 13 February 2020 08:24 AM
ඊට කලින් ඔහේගේ ලොක්කගේ මාලිගාව හැදුවේ කොහොමද කියලා කියන්න. නිකම් බොරු මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතුව ඉන්නවා හලෝ... තමන්ගේ ඇහේ පොල් පරාලේ පෙනෙන්නේ නැහැ. නමුත් අනුන්ගේ ඇස්වල තියන පොල් කොස්ස ගැන කතා කරනවා.
hemantha Thursday, 13 February 2020 08:26 AM
ඊට කලින් ඔහේගේ ලොක්කගේ මාලිගාව හැදුවේ කොහොමද කියලා කියන්න. නිකම් බොරු මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව...
rihan Thursday, 13 February 2020 08:31 AM
දැන් තිරගතවන නාටකවල 2020 හොඳම නළු නිළියන්ට වටිනා තෑගි දෙන්න ඕනෑ...
tarzan Thursday, 13 February 2020 08:48 AM
ඉස්සර ඡන්දෙ ආවම තාජුදීන්.... දැන් බදුර්දීන්....
rizwan Thursday, 13 February 2020 09:24 AM
මේගොල්ලෝ බලයට අවහම ඒගොල්ලෝ ගැන හොයන අතර ඒගොල්ලෝ බලයට අාවහම මේගොල්ලෝ ගැන හොයති. නමුත් ජනතාවගේ දුක සැප සෙවීමට කව්රුත් ඉදිරියට ගෙන නොඒම දුකකි.
ජනක Thursday, 13 February 2020 10:14 AM
මම නඩුවක් දමනවා.. මේ දමන නඩුවලට වෙනදෙයක් දාන්නේ නැහැ කියලා.. හැමදාම ෆයිල් උස්සන් එහෙ දුවනවා මෙහෙ දුවනවා..
සිරිලිය Thursday, 13 February 2020 10:15 AM
මෙයා විතරක්ද එහෙම බැලුවා නම් ගිණුම් තියෙන අය තව කොච්චර ඉන්නවද? හොරකම වංචාව, කොමිස් ගැහිලි දූෂිත බලලෝභි බඩගොස්තරවාදි දේශපාලුවන් කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි.
Hafeel Thursday, 13 February 2020 10:41 AM
දෙදෙනාම විමර්ශනය කළයුතුයි. නමුත් හොරුන්ට දඬුවම් දෙන්න ලකුණු නම් පේන්න නැහැ.
Nimal Thursday, 13 February 2020 12:56 PM
කෝටි ගාණක දේපල ඇමති පඩියෙන් ගත්තේ කොහොමද පෙන්නන්න කියලා නඩුවකුත් තියෙනවා නේද...?
wimal Thursday, 13 February 2020 01:09 PM
ලෙමන් පෆ් ලොකු ගෙයක් හදපු විදිහයි.., එයාගේ නෑයෝ ගෙවල් ගත්ත විදිහයි, ඔයාගේ බිරිඳ වාහන ගත්ත විදිහයි ගැණත් පරීක්ෂණ කරමුද?
Mahesh Thursday, 13 February 2020 01:22 PM
වෙන මොනවත්ම තිබුනේ නැද්ද හොයාගන්න. හොරෙක් ගිහින් තව හොරෙක් ගැන කියන්න. පැමිණිලි කරන්න ගියපු හොරාගේ නායකයාත් හොරෙක්...
විපරමා Thursday, 13 February 2020 01:44 PM
ඉන්න හැම දේශපාලුවෙකුගේම ගිණුම් පරීක්ෂා කරන්න වෙයි. මෙයාගේ පක්ෂයේ නායකයා කියලා නිකම්ද? වැඩි හරියක් ඉන්නේ මහාපරිමාණ හොරු තමයි...
SL Thursday, 13 February 2020 03:13 PM
“බදුර්දීන් සහ ඩොලර්“ ළඟදීම තිරගත වේ. ඒ කියන්නේ “රන්ජා සහ හඬපට “ ඉවර වෙන්න ළඟද? කලින් කෙනෙක් විරිදු කීවා බෙර ගැහුවා..., දැන් නාට්‍ය හා රංග කලාව පෙන්නනවා. අනේ අපේ ඡන්ද... අර පිටරට ඉඳලා ඇවිත් ඡන්දෙ දාපු ලක්ෂ ගාණක ජනතාව. අයියෝ සල්ලි...
BamunuarachchiFriday, 14 February 2020 04:55 AM
"අයියෝ" කියන්නේ ඇයි ජනතාවට මොකද උනේ. ජනතාව ලංකාවට ඇවිත් ඡන්ද දුන්නේ තිබුන ජරා ආණ්ඩුව පෙරලන්න ඒක කළා අපිට දැන් සතුටුයි. ගිය ආණ්ඩුවේ හොර මැරකම් සොයන්නේ එක එක පුද්ගලයෝ ඒ ගැන ඔයා කලබල වෙන්න එපා.
ranjith Thursday, 13 February 2020 09:25 PM
කෝ හිස්බුල්ලාගේ ෂරියා විශ්ව විද්‍යාලේ තවම වහලා නේ නේද.?
Kumar Friday, 14 February 2020 03:32 AM
ඔය කියන්නේ මම ඉන්න ඇමෙරිකාවේ ගිණුමක් ගැන නොවේ කියා මම සිතන්නෙ. ඇමෙරිකා එසත් ජනපදයේ බැංකු ගිනුමක අරබන්න මුලින්ම ආරක්ෂක රහෂ්‍ය අංකයක් ඕනෙ. ඊට අමතරව බැංකු ශාකව තිබෙන ප්‍රාන්ත රජයෙන් නිකුත් කල හැදුනුම් පතක් හෝ රියදුරු බලපත්‍රයක් වැනි හඳුනා ගැනීමේ පතක් අවශ්‍යයි. ඒ කියන්නේ රෂිඩ් මෙරට පුරවසියක් හරි ස්ථිර පදිංචිකරුවෙක් හරි මෙරටට පැමිණි සිසුවෙක් වෙන්න ඕනෙ. එසේ නැතිනම් ඉහත සඳහන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අනෙක ලක්ෂයක් තැන්පත් කල ගමන් දේශි අදායම් බදු සේවාවලට දැනුම් දෙනවා. එසේ නොකලොත් බැංකුවට ලොකු දඩයක් ගෙවන්න වෙනවා. අනෙක මත්ද්‍රව්‍ය මර්දන අධිකාරියටත් දන්වනවා.
sharm warn Friday, 14 February 2020 04:03 AM
ඇයි මෙයා විතරද ? අර හිස්බුල්ලා ? කිසිම බැංකුවක් ගෑවෙන්නේ නැතුව එයාට ආව සල්ලි ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද ? හොරුන්ට ම හදපු රටක් වෙලා ලංකාව දැන්.
Nimal Friday, 14 February 2020 07:28 AM
ෂාම් මහත්තයෝ, හිස්බුල්ලා දේශප්‍රේමී කියාලා දන්නේ නැතිද? අර සාදුත් දැන් සද්දයක් නැත්තේ එ්කනේ.