IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි

(අජන්ත කුමාර අගලකඩ)
 
සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
 
වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.
 
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
 
වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

 



අදහස් (29)

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි

Nandalal DE SILVA - France Wednesday, 12 February 2020 08:14 AM

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත්... සමහර මැති ඇමතිවරුන් නම් පම්පෝරි ගහන්නේ බඩු මිල පහල දැමීමට "දෙවරක් රාජපක්ෂ" රජය සමත්වූ බවයි. එය එසේ නොවන බව මේ පුවතින් සනාථ වෙන බව ඕනෑම කෙනෙකුට පේනවා. කොහොම උනත් සහල් ආනයනය කිරීම නතර කලොත් අඩු අදායම්ලාභීන්ට පටි තද කරගැනීම හෝ වැල්, මුල්, පොතු ආදියට නැඹුරු වෙන්න සිදුවෙනු ඇත.

:       3001       2951

හේරත් Wednesday, 12 February 2020 08:42 AM

අද සහල් මිල රටේ ජනතාවට දරා ගැනීමට අමාරු කාලයක් වුනත්, පිට රටින් සහල් ගෙන් වීම නතර කිරිමට ගත් තීරණය අගය කල යුතුයි. එය ඉතාම නිවැරදි රාජ්‍ය තීරණයකි! එකාධිකාරය නැති කිරිම, සහල් නිෂ්පාදනයට රජය මැදිහත් වීම සහ සහල් නිෂ්පාදනය සඳහා කුඩා පරිමාන ව්‍යාපාරකියන් දිරිමත් කිරිමට (මරඳගමුල සහල් වෙලඳ පොල වැනි දේ) රජය මැදිහත් විය යුතුයි! - දේශීය සහල් නිෂ්පාදනය ක්‍රමවත් කරන්නේ නම් කන්න දෙකකින් සහල් මිල පහත දැමිමට හැකිය.

:       572       1210

de silva Wednesday, 12 February 2020 08:47 AM

අස්වනු ලැබෙමින් පවතිනවා, රජය මැදිහත්වෙලා ඒවා මිලදී ගන්නවා කියලා කියනවා. මේ අතරේ රටින් සහල් ගෙන්වීමත් නතර කරලා දමලා, නමුත් වෙළඳපලේ සහල් මිල ඉතා ඉහලය. මේකත් අර පොළොන්නරුවේ මුදලාලිගේ ප්ලැන් එකක්ද දන්නේ කවුද ? එතුමා ඔය ලොකු දේශපාලකයෝ සියලුදෙනාම එක්ක හොඳය.

:       204       371

Chris Wednesday, 12 February 2020 09:41 AM

ඉතිරි කරගත් මුදල්, වී මිලදී ගැනීමටත් ගොවිතැන් දියුණු කිරීමටත් ජනතාවට මිලදී ගැනීමේ ශක්තිය ඇතිකිරීමටත් යොදාගත හැකියි.

:       206       172

NishanThursday, 13 February 2020 09:54 AM

පෙරලුණු පිට හොඳයි නොකියා වෙන මොනවා කියන්නද?

:       0       238

කරුණාපාල Wednesday, 12 February 2020 09:57 AM

64 ට 68 කාපු සුදුකැකුළු, රතු කැකුළු ලස්සනට 98ට 100ට කනවා. 80-85ට තිබුණා නෝමල් සම්බා 120ට 130ට... කීරි සම්බා වගේ හිටගෙන කනවා. ජයවේවා ඔහොම යමු...

:       460       443

NishanThursday, 13 February 2020 09:43 AM

රට රැකගන්නනේ ඕන උනේ බඩ ගින්නේ මලත්. දැන් එම.සී.සී. එක හොඳ වෙනවා බඩේ බතුත් නැති වෙනවා. කටවල් වහගෙන ඉන්නවා ලැජ්ජාවේ පෙරලුනු පිට හොඳයි කියලත් කියනවා.

:       0       135

nalin Wednesday, 12 February 2020 10:05 AM

නන්දලාල්ට ඕනෑකරලා තියෙන්නේ රට තවත් ණය කරවන්නද? අපේ අයියලාටත් ණය වෙලා හරි කන්න දෙනවා නම් ඒ ඇති... මේක හොඳ තීරණයක්... පුළුවන් තරම් රටින් බඩු ගේන එක සීමා කරන්නම ඕනේ. රට දියුණු වෙන්න නම්...

:       309       502

NishanWednesday, 12 February 2020 10:18 PM

ඒත් නායකයින්ගේ මාලිගා රසමසවුලෙන් පිරිලා. පරම්පරා ගාණකට හොයාගෙන... ගමන බිමන හෙලිකොප්ටරෙන්...

:       1       292

saliya Wednesday, 12 February 2020 10:43 AM

හොඳ අස්වැන්නක් ලැබී ඇත්නම්, අතරමැදි ගසාකෑමත් නැත්නම්, සහල් සඳහා පාලන මිලද ඉතා ඉක්මණින්ම අඩු කළයුතුව ඇත. දැන් වියදම් දරා ගන්න අමාරු තත්වයක් උද්ගත වී ඇත...

:       2       184

Wimal Wednesday, 12 February 2020 11:07 AM

ප්‍රංශයේ ඉඳලා ලංකාවේ හාල් හිඟය ගැන කරදර වෙන අයත් ඉන්නවා. හාල්මිල ඉහළ ගිහිල්ලා. ලක්ෂ 69 කටවහ ගෙන බත් කන එකම මදිද? අනේ මගේ ලංකාව... රට ඇතුළේත්, පිටත් ජෝකර්ස්ලා පිරිලා. එක්කෝ දේශපාලනය... එහෙම නැත්නම් පෙන්නන්න හදනවා. මම නම් පිටරට...

:       27       201

කළු කොටා Wednesday, 12 February 2020 11:56 AM

ඔබ ඕනෑවට වඩා ඔළුවට අරගෙන බව පෙනෙනවා. ටිකක් ප්‍රවේශමෙන්.. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව තමන්ගේ යමක් කරනවා. හරිද...?

:       131       106

ranjith Wednesday, 12 February 2020 11:39 AM

කොහොම හරි අන්තිමට ගොවියාත් පරාදයි. පාරිභෝගිකයත් අමාරුවේ වැටිලා... හාල්මෝල් මාෆියා කාරයන් දෙතුන්දෙනෙක් මේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි සූරාකනවා.

:       34       168

Duppaatha Wednesday, 12 February 2020 12:47 PM

වාසුවා කිව්වා නේද හාල් ගණන් ගියාට වැලි, පස් ලාබයි කියලා...

:       126       312

indra Wednesday, 12 February 2020 01:07 PM

හොඳම තීරණයක්... සිරිමාවෝ මැතිණියගේ කාලයේ මෙවන් දෙයක් කරන්න ගියා... ජනතාව එය වටහා ගත්තේ වැරදි විදිහට. පිටරටින් ගේන දේවල් බොහෝ දුරට අඩු කරොත් කොමිස් කාරයොත් අඩු වෙනවා. අපේ රටේ දේ, අපි අගය කළයුතු සංකල්පය ජනතාව අතරට දෙන්න සූදානම් වෙනවා නම් වඩා හොඳයි.

:       261       175

NishanWednesday, 12 February 2020 10:15 PM

එ්ත් නායකයෝයි, පවුල්වල අයයි හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් යන්නේ...

:       0       185

Raveendra Wednesday, 12 February 2020 02:25 PM

වැඩිදෙනෙකු මෙයට අකමැති වනු ඇත. නමුත් මෙය හොඳ තීරණයක් යන්නයි අපගේ අදහස...

:       332       273

NishanWednesday, 12 February 2020 10:13 PM

මිල වැඩි වෙන්න වෙන්න... බඩගින්නේ ඉන්න ප්‍රමාණයත් වැඩියි. 70-77 ආණ්ඩුවත් ඔය වගේ හොඳ තීරණ ගත්තු නිසානේ අවුරුදු 17 ක් විපක්ෂේ ඉන්න උනේ... හැබැයි නායකයින්ටයි එයාලගේ පවුල්වල අයටයි නම් හොඳට කන්න බොන්න තියෙනවා. යන්න එන්න හෙලිකොප්ටර් තියෙනවා. ඔහොම යමුකෝ...!!! 

:       0       182

de silva Wednesday, 12 February 2020 02:59 PM

තීරණය හොඳයි.. නමුත් එ්ක නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැත. රටින් සහල් ගෙන එන එක නතර කරපු එක හොඳයි. නමුත් රජය සතුව තිබෙන සහල් තොග සහ රජය විසින් අලුතෙන් මිලදී ගත් වී තොග වෙළඳපළට ප්‍රමාණවත් ආකාරයට නිකුත් නොකිරීමත් නිසා සහල් මිල ඉහල ගොස් ඇත. මෙහි වාසිය මහා පරිමාණ සහල් වෙළෙන්ඳන්ටයි. පාරිභෝගික අපි අමාරුවේ වැටි ඇත.

:       3       102

NishanWednesday, 12 February 2020 10:14 PM

ඔබ දකින හොඳට නෙවෙයි ආණ්ඩුව ඕක කලේ මුදලාලි මාෆියාව සතුටු කරන්න...

:       0       70

Aris Wednesday, 12 February 2020 05:48 PM

හාල් වෙළඳපළට අඛණ්ඩව සපයන්න පුලුවන්නම් නැවත්තුවට කමක් නැහැ. එහෙම නැතුව නැවත හාල් පොල්ල, මිරිස් පොල්ල දාන යුගයක් එහෙම ඇති කරන්න එපා...

:       0       3

mahinda Wednesday, 12 February 2020 06:10 PM

රජයක් තියෙන්නේ ඕකටද?

:       58       22

NishanWednesday, 12 February 2020 10:14 PM

දැන් සැපද?

:       1       24

Perera Thursday, 13 February 2020 12:13 AM

ලංකාවේ පරිභෝජනයට සරිලන අන්දමේ සහල් සැපයුමක් රට තුළ නොමැති නම් පිටරටින් සහල් නොගෙන්වීම තුළින් රට තුළ සහල් හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. සහල් හිඟයක් ඇති වූ විට වෙළඳපළ බලවේග අනුව සැපයුමට වඩා ඉල්ලුමක් ඇතිවීමෙන් සහල් මිල ඉහළ යාම නොවැළැක්විය හැක.

:       0       8

lalithm Thursday, 13 February 2020 02:22 AM

සහල් හිඟයි කියලා මතයක් ගොඩනැගුවේ මේ රජයමයි. කිසිම හිඟයක් නැහැ. එහෙත් මිල වැඩියි. මේ ඔක්කොම කතා මිල උස්සන්න කරපු මගඩියක් විතරයි. රටින් ගෙනෙන එක නවතපු එක හොඳයි. තව කොච්චර දේවල් නවත්වන්න පුලුවන්ද? ෆාම් තෙල්, අමු රබර් කිරි ආනයනත් නවතා මෙරට නිෂ්පාදන වලට මිලක් දෙන්න. ඡන්ද තව ඕනෑතරම් හම්බ වේවි...!!!

:       0       130

Bamunuarachchi Thursday, 13 February 2020 02:38 AM

වෙළෙඳපළේ සහල් මිල ඉහළ ගොස් ඇත්තේ වෙළෙන්ඳන්ගේ හා මෝල් හිමියන්ගේ සහල් සඟවා තැබීමේ උපක්‍රරමයක් නිසා නම් එයට එකම පිළිතුර සහල් පිටරටින් ගෙන්වීමයි. රජය ප්‍රතිපත්ති රකින්න ගොස් ජනතාවට බඩගින්නේ සිටීමට බැරිය. ප්‍රතිපත්තිය විය යුත්තේ කොක්කෙන් හෝ කෙක්කෙන් සහල් මාෆියාව නැතිකර දැමීමයි. වී කිලෝව රු 100 වුණත් ගොවියාට හැර ජනතාවට වැඩක් නැහැ. මෝල් හිමියා වී රු 50කට ගෙන සඟවා ගත්තොත් තැලෙන්නේ ජනතාවයි. සහල් මිල අඩුකරන්න පිටරටින් සහල් ගෙන්වන්න. සහල් නොගෙන්වීමේ සහනය හිමිවන්නේ මෝල් හිමියන්ටයි.

:       32       3

ajith Thursday, 13 February 2020 06:02 AM

සහල් පිටරටින් ගෙන්වන්න එපා. එහෙම උනොත් රජයට හිතවත් සහල් වෙළෙන්දන්ට පාඩු වේවි. ලංකාවේ සහල් වලට මිල පාලනයක් (98/-) තියෙනවා කියනවා. එහෙත් කහපාට බැග්වල කිලෝව 120/- ගානේ සතොසේත් විකුනනවා. මොකද ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිද?

:       0       4

නිමල්Thursday, 13 February 2020 08:55 AM

රුපියල් හැට ගන්නට තිබුන මිල පාලනය අනු අටට කලේ මොකද ? දැන් සැපද...

:       0       15

BamunuarachchiFriday, 14 February 2020 03:04 AM

කොහෙද හාල් රුපියල් හැටට ගන්නට තිබ්බේ? හඳේ ද? එහෙමනම් හාල් සේරුව සත 70 වටත් තිබුන කාලයක් තබුණා සහල් නොමිලේ දීපු කාලෙකුත් තිබුනා. අපි යහපාලානේ පෙරලුවේ කන්න බලාගෙන නොවෙයි රටට තිබෙන ආදරයට.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 573 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 145 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 71 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 560 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 520 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 177 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site