(ඉන්දිකා රාමනායක)
ආයුර්වේද පානයක් (ගී්රන් ටී) ලෙසට ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබු ‘‘කාත්’’ නැමැති මත්ද්‍රව්‍ය කොළ කිලෝ 20 ක් සහිත පාර්සල් කිහිපයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පාර්සල් 2018-2019 වසර වල මෙරටට එවා ඇති බවත් ඒවා බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රේගු නිලධාරීන් විසින් සැකපිට විවෘත කිරීමේ දී එම පාර්සල් වල මත්වීම සදහා භාවිතා කරන කාත් නැමැති මත් කොළ විශේෂයක් ඇති බවට දැක සිද්ධිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී තිබිණි.
කාත් නැමැති මත්ද්‍රව්‍ය විශේෂ කොළ ජාතිකයක් බවත් මේවා විදෙස් රටවල ත්‍රස්තවාදී මුහුදු කොල්ලකරුවන් වැනි පිරිස් වැඩි වශයෙන් භාවිතයට ගන්නා මත්ද්‍රව්‍යයක් බවද පොලිසිය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ඒවා පසුව යුරෝපා රටවලට අපනයනය කිරීමට සුදානමක් තිබෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
මේවා ශ්‍රී ලංකාවට එවා ඇති පුද්ගලයන්ගේ ලිපින සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාත් කවුරුවත් නැති ‘‘කාත්‘‘
මේවා අයිතිකරුවන් ඉන්න උත්තරීතර පාර්ලිමේන්තුවේදෝ මන්දා..?
මේවා අයිතිකාරයන් වරප්‍රසාදවලට මුලාවෙලා වගෙයි..
ඉතියෝපියාවටත් වඩා ඔය මත්ද්‍රව්‍යයට ප්‍රසිද්ධ යේමනය, පොඩි ළමයි පවා ඒවා හපනවා. මෙහෙ බුලත් හැපිල්ල වගේ... හැබැයි ඊට වඩා ඇබ්බැහිවීම වැඩියි.. දවසේම නිකම් ඉඳගෙන කොළ හපහපා ඉන්නවා..
අයිති කරුවන් නැති හෙරොයින් මෙහෙමත් රටක්