(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රන් බිස්කට් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 36 හැවිරිදි වියේ පසුවන කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු පැළඳ පැමිණි පාවහන් තුළ, මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර, රත්තරන් බිස්කට් 12 ක් සඟවා ගෙන, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd