IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට පඩි ගෙවන්න කෝටියක් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට වැටුප් ගෙවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රජයෙන් රුපියල් කෝටියක පමණ මුදල් ඉල්ලා ඇත.

ඒ සඳහා අනුමැතිය ඉල්ලා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කැබිනට් සංදේශයක් ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට ඉකුත් වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වැටුප් ගෙවීමට රුපියල් ලක්ෂ 40  පමණ මුදලක් ද ඉල්ලා ඇත.

කන්තලේ සිනි සමාගම ආයෝජකයකුට ලබාදෙන තෙක් 34 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහිදී රඳවා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.



අදහස් (5)

කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට පඩි ගෙවන්න කෝටියක් ඉල්ලයි

kamal Sunday, 16 February 2020 12:01 PM

නිකන් මහජන මුදල් ගෙවනවාට වඩා නරකද එම 34 දෙනාට ඇතුලේ ඉදගෙන කරන්න වැඩකට යොමු කලානම්

:       0       3

Raveendra Sunday, 16 February 2020 12:34 PM

මේ මිනිසුන් විදින දුක අපද දැක ඇත. ඒ අය මෙතෙක් කල් එසේ හරිහමන් වැටුපක්ද නොමැතිව හැකි පමණින් එම මහජන දේපොළ ආරක්ෂා කරගෙන සිටින එකත් පුදුමය. එබැවින් අප රටේ මුල් පුරවැසියාට මෙසේ යෝජනා කරන්නෙමු. ඔය එක එක " ගොන් පාට්" විවුර්ත කිරීම සහමුලින්ම නවතා දමා ඒ සදහා වැයවන මුදල් මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හැකි ඉක්මනින් යොදවන මෙන් ඉල්ලා සිටින්නෙමු. එලෙසම මෙම කර්මාන්තශාලාව හැකි ඉක්මනින් නැවත පටන් ගැනුමට හැකි නම් එය රටට කරන හොද ආයෝජනයකි.

:       23       21

janahitha Sunday, 16 February 2020 01:09 PM

ආයෝජකයෝ එන්නේ නැහැ. මැති ඇමතිවරු කොමිස් ඉල්ලනවා කෝටි ගණන්. ජනතාවනි, දුෂකයන්ගෙන් රට බේරා ගැනීමට පියවර ගන්න දේශපාලනය පසෙක දමා දැඩි තීරණ නොගත්තොත් දු දරුවන් අනතුරේ.

:       4       105

vidya Monday, 17 February 2020 04:42 AM

ගිය වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා සීනි කර්මාන්ත ශාලාව වහලනේ තිබුනේ. තරුණයෝ ටිකක් ගිහිල්ලනේ සුද්ද කරන්න පටන් ගත්තේ කාටද එතකොට පඩි ගෙවන්නේ.

:       5       3

lalithm Tuesday, 18 February 2020 10:40 AM

ඕනෙම කම්හලක් අවුරුදු ගණනක් වහලා තිබුනම කරන්න තියෙන්නේ එක දෙයයි. පරණ යකඩ වලට දීලා අලුත් යන්ත්‍රාගාරයක් , වැඩි කාර්යක්ෂම එකක් සවි කරන එක. ඒකට අපිට සල්ලි නැති හින්දා පරණ වෙච්ච ලදරන් තියාගෙන කම්හල් කියලා නඩත්තු කරනවා. මේ නිසා තමයි ආර්ථිකය කඩා වැටෙන්නේ. ගන්න පුළුවන් නිපැයුම් ධාරිතාව අඩුයි. විදුලිය හෝ ඉන්ධන වියදම වැඩියි. අවශ්‍ය සේවකයින් ගණන වැඩියි. ඔක්කොම එකතු වුනාම මේවා පුද්ගලික අංශයට දීලා බදු අරගන්න එක රජයට ලාභයි. සේවකයින්ට(වැඩකරන) හොඳයි. හොර සේවකයින්ට නම් ඉතින් දෙවි පිහිටයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site