IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා - මැතිවරණය අප්‍රේල් 25වැනිදා

(අජන්ත කුමාර අගලකඩ)
 
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
 
මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ගවලින් පැවැසේ.
 
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් දා ලිපියක් යවා තිබේ.
 
නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින්, ජනාධිපති ලේකම්වරයා ඒ ගැන විමසමින් මෙම ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇතැයි වාර්තා වේ.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට පිළිතුරු සහ දිවයිනට පැමිණි පසුව යවනු ඇති බවද ආරංචි මාර්ග කියයි.
 
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා තිබූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
 
නීතිපතිවරණයේ මත විමසීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ඒ පිළිබඳ ඉදිරි කටයුතු කරන ආකාරය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා ඇති බව දැනගන්නට තිබිණි.



අදහස් (19)

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා - මැතිවරණය අප්‍රේල් 25වැනිදා

C.K.Lankaputhra Monday, 17 February 2020 12:13 AM

මේ සැරේ තමයි අවුරුදු කන්න පුලුවන් අමතක නොවෙන්නම. පෙට්‍රල් ද හාල්ද, එලවලුද, පරිප්පුද අරවද මේවද?

:       1       59

Bamunuarachchi Monday, 17 February 2020 12:34 AM

ජම්පර් අන්දන්නයි ලැහැස්ති උනේ අන්තිමට පැන්ෂන් එකත් නැතිවෙලයි නැවතුනේ.

:       3       49

Raveendra Monday, 17 February 2020 02:01 AM

අප ප්‍රර්ථනා කරනවා අලුතෙන් මහජනතාවට සේවය කිරීමට පැමිණෙන පුරවැසියන් තමන් උපන් රටට අවංකව සේවය කිරීමට පැමිණ දියවන්නඔය අසුචි වල දියවන්නඔය සිරි මැදුරට පරිවර්තනය කර මුළු අනෙකුත් රටවල් වලටත් ආදර්ශයක් ලෙස ලෝකයා ඉදිරියේ හැසිරෙයි යන්න. ඡන්දදායකයන් වන අපගේ යුතුකම සහ වගකීම අපගේ පුද්ගලික සුකවිහරණය අමතක කර " කුඩුකාරයන්, කසිප්පු, ගන්ජාකාරයන්, නම් ගම් ලියාගැනීමට මුලිකත්වය නොදෙන" , මහත්මා ගතුගුන අගයන මිනිසුන් පත්කිරීමය.

:       82       120

Dr. Vajira FernandoMonday, 17 February 2020 03:57 AM

කිසිවෙකුටත් තනි බහුතර බලයක් නොදිය යුතුයි. එවිට බලයෙන් මත්වී රටට ජනතාවට අහිතකර තීන්දු ගැනීමට නොහැකි වේවි. දුෂණයට හොරකමට ජාතික සම්පත් විකිණීමට එරෙහිව අරගල කරන විකල්ප බලවේගයකට සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් ලබාදීමට ජනතාව බුද්ධිමත් උනොත් යන්තමින් හෝ මේ ප්‍රධාන පක්ෂ දෙකේ අමන දේශපාලකයින්ගේ විනාශකාරී ක්‍රියා පාලනය වේවි.

:       86       115

RaveendraMonday, 17 February 2020 06:25 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. නමුත් ඇයි අප ප්‍රධාන පක්ෂ දෙක ගැන පමණක් එසේ පවසන්නේ ?

:       44       0

Sanath KandyMonday, 17 February 2020 08:17 AM

ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම හා එකතුව මේ රට අවුරුදු 72ක් තිස්සේ පාලනය කර තිබෙනවා. ඔවුන් අපට උරුමකර දී ඇත්තේ දුෂණයෙන් වංචාවෙන් පිරි ණය බරින් මිරිකුණු මත්ද්‍රව්‍ය අපචාර වලින් පිරුණු මිනිසත්කම තුට්ටුවට වැටුණු රටක් නොවේද? මේ විනාශයට වගකිව යුත්තේ ඔවුන් හැර වෙන කවුරුද?

:       1       103

මුණසිංහMonday, 17 February 2020 03:16 PM

ඔබගේ අදහස නිවැරදිම නැත. හේතුව එක් පක්ෂයකට බහුතරයක් නොලැබුනොත් ඊළගට වෙන්නේ මන්ත්‍රීවරු මුදලට විකිණෙන එක - ඉහල ලංසුවක් තියනවා. අනෙක ජාතික ප්‍රතිපත්තියක් නැති රටක අස්ථාවර ආණ්ඩුවක ප්‍රතිඵල දැනටමත් අත් විදලා තියෙනවා. විශේෂයෙන්ම විදෙස් රටවල් අපව ඇපයට ගන්න බලනවා. ඒ නිසා හොදම දෙය තමා උගත් බුද්ධිමත් පිරිසක් යවන එක. ඒකට ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුයි. අනෙක අපට පැහැදිලි විකල්ප 3වන බලවේගයක් තවමත් නැහැ.

:       0       0

thusharaMonday, 17 February 2020 04:18 AM

හීන දැකීම දැන්වත් නවත්තමුද? මේක ලංකාව.

:       2       7

RaveendraMonday, 17 February 2020 06:14 AM

දකින හීන සැබෑ කරගැනුමටත් පුළුවන් අප අපට අවංකව අපගේ යුතුකම් නිසිලෙස කරන්නේ නම්.

:       11       4

sisira Monday, 17 February 2020 02:54 AM

අවුරුද්දත් නැති කරන්න යන්නේ.

:       3       38

සිංහලයා Monday, 17 February 2020 04:16 AM

බාර් ලයිසන් කාරයන්, කසිප්පු කාරයන්, ගංජා කාරයන්, කුඩු කාරයන්, දාමරිකයන්, නුගතුන්, එහෙට මෙහෙට පනින ගෙම්බන් නැතුව උගත්කමක් ඇති තමාගේ හිතට එකගව රටට ජනතාවට ඔවුන්ගේ බදු මුදල් වලින් ගන්න සැප පහසුකම් වලට හරියන සේවයක් කරයි කියන බලපොරෝතුව ඇතුව සිටින, පළපුරුද්දක් ඇති දැන උගත් පුත්ගලයින් පක්ෂ බේදයක් නැතුව මේපාර වත් පාර්ලිමේන්තුවට පත්කර යැවීමට සියලු දෙනාම අදිටන් කරගත් යුතුයි.

:       28       6

ArisMonday, 17 February 2020 09:27 AM

රැකියා විරහිත උපාධිධාරීන් ගෙන් මේ 225 තෝර ගන්න පුළුවන්. නමුත් එවිට, දැන් මේ ඉන්න කට්ටිය පාරට බැහැලා ජනතාව එක්ක උද්ඝෝෂණ කරයිද?

:       109       6

Saththaya Monday, 17 February 2020 05:42 AM

අනේ, දිගටම විපක්ෂ නායකවය තියාගන්න පුළුවන් නේද ? පව්.

:       34       0

Bawantha karunarathne Monday, 17 February 2020 05:47 AM

අවුරුද්දත් නැති කරන්න.

:       0       4

අලුත් 225ක් තෝරමු Monday, 17 February 2020 06:42 AM

'බාර් ලයිසන්කාරයන්, කසිප්පුකාරයන්, ගංජාකාරයන්, කුඩුකාරයන්, දාමරිකයන්, නුගතුන්, එහෙට මෙහෙට පනින ගෙම්බන් හැර හොඳ අය කොහෙන් හොයන්නද ? අනික ඔය කියන හොඳ අය දේශපාලනයට එන එකක්යැ ........

:       0       0

Shanaka Tuesday, 18 February 2020 04:59 AM

උපාධිධාරීන්ට රැකියා දෙන එක බොරුවක් ද එතකොට

:       0       3

.විජිත් Tuesday, 18 February 2020 12:19 PM

ඇත්තටම ඔය මහා මැතිවරණය " අප්‍රේල් 1 වෙනිදට " තිබ්බානම් කොතරම් සාධාරණයක් වෙනවාද රට වැසියාට ? මම කියන්නේ කුමක්ද කියලා ඔබලාට නොවැටහෙන්න ඇති. මේකයි හේතුව. අප්‍රේල් 1 වෙනිදා හෙවත් මෝඩයාගේ දවස සහ දේශපාලුවන් අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවය නිසයි මම ඒ ගැන කිවේ. අපේ රටේ දේශපාලකයින් ඉස්සර ඉඳලා තියෙනවා. නමුත් දැන් ඉන්න දේශපාලුවන් ඡන්දෙට කලින් මහජනතාවට දෙන අසීමිත පොරොන්දු " මල්ල", ඔවුන් ජයග්‍රහණය කළ පසු ඉටු නොකිරීම නිසා රටේ මහාජනතාව නොහොත් රටේ " පරමාධිපත්‍ය " හිමි රටෙහි නියම පාලකයින් " මෝඩයින් " වන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඡන්දෙ මෝඩයාගේ දවසේ පැවැත්වුවොත් බුද්ධිමත් මහජනයාට නිරායාසයෙන්ම අවබෝධ වෙනවා.." මේ අපිව මෝඩයින් කරන්න හදන වැඩක්..." කියලා. එවිට ඔවුන් ඡන්දය පවිච්චි කිරීමෙන් වැළකෙනවා. ඡන්ද හිඟාකන " අයට " ලැබෙන ඡන්ද අඩුවෙන්න පුළුවන්. නමුත් ඔය කියන අය නැවතත් දුප්පත්, නුගත් රට වැසියන්ව රවටනවා. අරක්කු වීදුරුවක්, රෙදි කෑල්ලක්, රුපියල් 500ක්, ටකරමක් වගේ දෙයක් දීලා ඡන්දෙ දවස " මෝඩයින්ගේ දවස " ලෙස නම් කළොත් නරකද ?

:       0       18

Shanaka Wednesday, 19 February 2020 02:25 PM

උපාධි පත්වීම්වලට මොකද වෙන්නේ

:       0       0

Micheal B Thursday, 20 February 2020 02:26 PM

ඒත් ශ්‍රීලංකන් වංචාව, මිග් ගනුදෙනුව, ජනතා හැගි්ම් වෙනස් කරනවා. ඊටත් අමතරව රහස්පොලි්සිය දේශපාලනයට යටකරගෙන හොරකම වහන්න හදන බවක් තේරනවා අපේ ඡන්ද පාවෙන ඡන්ද ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 592 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 153 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 75 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 590 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 531 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 184 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site