(බිඟුන් මේනක ගමගේ )
වරකාපොල ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ ගැන කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කර ඇත.
ඝාතනය කළ බවට සැක කරන යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු වන හර්ෂ ජයරත්න නමැත්තා හා වරකාපොල පොලිසිය අතර මිත්‍රත්වයක් ඇතැයි ද එමනිසා ඝාතනයට අදාළ පොලිස් විමර්ශන අපක්ෂපාතී අයුරින් සිදුනොවන බවට සාධාරණ සැකයක් ඇතැයි ද කියමින් මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය වන නිශානි මධුෂිකා නිමල්ශාන්ත මහත්මිය ජාතික පොලිස් කොමිසමට කළ පැමිණිල්ලකින් පසුව එම කොමිසම මෙම තීරණය ගෙන ඇත.
සිය නැගණිය ඝාතනය කර මසකට ආසන්න කාලයක් ගෙවී ඇතත් සැකකරු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලිසිය අසමත්ව ඇතැයි ද එමනිසා අදාළ පොලිස් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ වෙනත් ඒකකයක් යටතට පත්කරන්නැයි එම මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය ජාතික පොලිස් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ පසුගිය 7 වැනිදාය.
මෙම ඝාතනයෙන් පසු තම බාල නැගණිය ආරක්ෂාව සඳහා ඉගෙනුම ලැබූ පාසලෙන් ද ඉවත් කරගත්තේ යැයි නිශානි මධුෂිකා නිමල්ශාන්ත මහත්මිය ‘ලංකාදීප’ යට පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරකාපොළ පොලිසිය කියන්නේ අපරාදකරුවන්ගේ ඔඩොක්කුවේ තියන ආයතනයක් කවදාවත් සාධාරණයක් පතන්න එපා ඔවුන්ගෙන්. මමත් වරකාපොළ. මගේ වාහනය බීමත් ත්‍රිරොද රථ රියැදුරෙක් හප්පලා අලාබ කළා. ඔහු පොලිසියට හිතවත් නිසා මට නඩු දැම්මා
ගම්වල මිනිස්සු අසරණයි. දොරවක, අඹේපුස්ස, වරකපොල, අවට ගම්බදව මේ මත්ද්‍රව්‍ය උවදුර තදටම තියනවා. ගම්වාසීන් බලයට, මැරකමට බයේ ඉන්නවා.
ඔය මරණේ වෙන්න කලිනුත් කීප පාරක්ම ඔය පොලීසියට පැමිණිලි කරන්න ගියත් සොහොයුරියව මරන්න කලිනුත් කීපවරක් උත්සාහ කළ බව දැනුම් දුන්නත් පොලීසියෙන් වචනයක් තරම් වත් පිළිසරණක් නොවුනු බව ප්රවෘත්ති පළවුනා. තමන්ට දේශපාලන වශයෙන් වාසිදායක ප්‍රචාරයක් ලැබෙන තරමට සිද්ධියක් නරක අතට පත්වන තුරු බලධාරීන් බලන් ඉන්නවා. මේ දූෂිත පොලිස් ස්ථානය ගැන පරීක්ෂණයක් පැවැත්වෙන්නේ කවදද?