ඕස්ට්‍රේලියාවේ හමුදා කණ්ඩායමක් ලංකාවට ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ‘ඉන්දු - පැසිෆික් එන්ඩේචර් 2019’ වැඩසටහන යටතේ ඕස්ටේ්රලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ වලින් සමන්විත කණ්ඩායමක් හෙට (23) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව මෙරට ඕස්ටේ්රලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 22 March 2019
එජාප - ජවිපෙ විධායක ජනපති ක්‍රමය ගැන ප්‍රතිපත්තිමය එකඟතාවයක් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ. 22 March 2019
විල්පත්තුව කැපූ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමක් විදිනවා‘ තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 March 2019
දිනපතා නොදන්වා විදුලිය කපන බව ලංවිම කියයි විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 22 March 2019
‘විල්පත්තුව ගැන බොරු ප්‍රචාර පතුරුවා ජාතිවාදය අවුස්සන්න එපා’ විල්පත්තු රක්ෂිතය හා ඒ අවට සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය සන්නිවේදනය තුළින් යළි ජාතිවාදය ඇවිස්සීමේ අවදානමක් ඇති හෙයින්, එවැනි උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති. 22 March 2019
බද්දේගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ් බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (22) නියෝග කළේය. 22 March 2019
මානව හිමිකම් - සංහිඳියාවට - වගවීමට තවත් වසර දෙකක් මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබාදීම ලංකාවේ දේශපාලනික කැපවීමත්, 2015 වසරේ සිට රජය විසින් දැනටමත් ගෙන ඇති ප්රගතිශීලී පියවරත් පිළිගැනීමේ සළකුණක් වශයෙන් ශ්‍රී ලංකා රජය සළකන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කර සිටී. 22 March 2019
වෙළෙඳසැලක හිමිකරු ඇතුළු 4ක් සිහිසුන්වී රෝහලේ වේයන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳසැලක හිමිකරු හා සේවිකාවන් සිව්දෙනෙකු සිහිසුන්ව ඇද වැටී අද(22) රෝහල් ගත කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 22 March 2019
‘කැවුමා’ තවදුරටත් රිමාන්ඩ් කෝටි 500 දියමන්ති මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික නොහොත් “කැවුමා” අප්‍රෙල් 5 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (22) නියම කළේය. 22 March 2019
පළාත් සභා පමාව ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත් සභා මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) ඉදිරි දෙසතිය ඇතුළත රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පවරන බව එහි සමකැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ’ලංකාදීප’ යට කීය. 22 March 2019
කොළඹ හෝටල් 143කට සහ ආපනශාලා 55කට නඩු සෞඛ්යාරක්ෂිත බවින් තොරව හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යාමේ චෝදනාව මත කොළඹ හෝටල් 143කට හා ප්‍රධානපෙළේ ආපනශාලා 55කට එරෙහිව නඩු පැවරූ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අද(22) පැවසීය. 22 March 2019
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයන්ට කෘතිම වැසි වස්සවයි මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය. 22 March 2019
චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 47 ක් මරුට නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 47 දෙනෙක් මිය ගොස් ඇති බව ඒ. එෆ්. පී පුවත් සේවය වාර්තා කරයි. අනතුරින් පුද්ගලයන් 600 කට අධික පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු කර ඇත. 22 March 2019
විල්පත්තුව ගැන පෙත්සම් විභාගය ජුනි 28 විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වැනිදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත. 22 March 2019
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකර ඇති නඩුව අද (22) දිනයේ කැඳවූ අවස්ථාවේදී නඩුව 28 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. 22 March 2019
විරෝධතාකරුවන්ට බැටන්පොලු ප්‍රහාර පුත්තලමේ විරෝධතාවයේ නිරත වී සිටි පිරිස විසුරුවා හැරීමට සඳහා පොලීසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇත. 22 March 2019
අරුවක්කාලු විරෝධතාකරුවන් හඹා එද්දී ජනපති සැලසුම් වෙනස් කරයි අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ. 22 March 2019
ස්පාඤ්ඤ තරුණියට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක කලාපයට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ එම හෝටලයේ හිමිකරු අද (22) අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි. 22 March 2019
කැබ් රථයකින් සිරුරක් හමුවෙයි මොනරාගල හොරොම්බුව සුදුවතුරආර ප්‍රදේශයේ කැබ් රථයක් තුළ තිබී අද (22) උදෑසන පිළිස්සී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයා ගත් බව මොනරාගල පොලීසිය පවසයි. 22 March 2019
වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂනායක මිය යයි වෙඩි වැදීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා අද(22) අලුයම මියගොස් ඇත. 22 March 2019
එජාපයේ මැයි දින සැමරුම කොළඹ නගර ශාලාව අභියස එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උත්සවය කොළඹ නගර ශාලාව පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය. 21 March 2019
මත්කුඩු පැකට් 60 ක් සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ මදුරන්කුලිය කනමුලෛ ප්‍රදේශයේදී හොරෝයින් මත්කුඩු පැකට් 60 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අද (21) මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 21 March 2019
මානව හිමිකම් සැසිවාරයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා සම්මත වෙයි ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක සම අනුග්‍රහාකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව අද (21) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 21 March 2019
බේරුවලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට බේරුවල මරදාන ප්‍රදේශයේ වෙළඳ සැලක් කරන මුවාවෙන් හෙරොයින්,අයිස් හා හෂිස් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අද (21) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 21 March 2019
ටයිග්‍රිස් නදියේ මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලී 80ක් මරුට ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 80ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. 21 March 2019
තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ 30 % ක් ඕමාන් ඔයිල් සමාගමට ඕමාන රජයට අයත් ‘ඕමාන් ඔයිල්’ සමාගම හම්බන්තොට ඉදි කිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ සියයට 30 කට හිමිකාරීත්වය කීමට පැහැදිලිවම කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (21) ප්‍රකාශ කළේය. 21 March 2019
අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණය කල්යයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ මේ මස 27 හා 28 දක්වා කල්ගොස් ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. 21 March 2019
තලෙයිමන්නාරමින් බීඩි කොළ කිලෝ 327 ක් සොයාගනී උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (21) තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද සෝදිසි කිරීමකදී කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩි කොළ ගෝනි 04 ක් සොයාගෙන ඇත. 21 March 2019
ක්‍රීඩාකරමින් සිටි සිසුවකු බිම ඇද වැටී මරුට මිතුරන් පිරිසක් සමඟ පාසල් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් සිටි බව කියන මොරටුව වේල්ස් කුමර විදුහලේ සිසුවකු අද(21) බිම ඇඳ වැටීමෙන් මියගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි. 21 March 2019
ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම ඉවත්කිරීම ප්‍රතික්ෂේප වෙයි නිව්යෝර්ක් නුවර පිහිටි සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුලූ වී ඇමරිකානු ඩොලර් මිලියන 2.104 ක (රුපියල් කෝටි 32කට ආසන්න) මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ සැකකාර ශලීල මුණසිංහ යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) ප්‍රතික්ෂේප කළේය. 21 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026