(ඩයනා උදයංගනී)
ඉන්ධන මිල අඩුකිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වත්මන් රජය බලයට ආ පසු ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළ බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා එම අලාභය ආවරණය වන තුරු ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට දිය නොහැකි බව ද සඳහන් කළේය.
තෙල් මිල අඩුවීම තුළින් එම අලාභය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එය ආවරණය වූ පසු මිල අඩුවීමේ පූර්ණ ලාභය ජනතාවට ලබාදෙන බව ද කියා සිටියේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවය ලැබෙන්නේ කවදාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් ඉන්ධන මිලේ වැඩියක් දැනෙන්නේ නැහැ.
ඔව් ඔව් ආණ්ඩු බලය ගන්නකන් අපි අඩු කරනවා. නිකන් දෙනවා. දැන් අපි ආණ්ඩුවනේ. දැන් එහෙම දෙන්න බැහැ. මොකද අපි දන්නා ආරථික නියාමන අනුව එහෙම කරන්න කොහෙත්ම බැහැ.
කොහොමත් 2015 ට පෙර ඔහෙලගේ කාලේ තිබ්බ මිලට වඩා අඩුවෙන් අදත් අපි පෙට්‍රල් ගහන්නේ. ඡන්දෙට කලින්ම ලෝක වෙළදපොලේ ඉන්ධන අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා බෙරිහන් දුන්නා.
එතුමා කියනවා වත්මන් ආණ්ඩුව බලයට ආ පසු මිල සුත්‍රය ක්‍රියාත්මක නොකළ නිසා උන පාඩුව පියව ගන්නා තෙක් සහනය දෙන්න බැහැ කියලා. ඒකට වගකියන්න ඕන ආණ්ඩුව. ජනතාව මේ මොලේ නැති ඇමතිලා සහ නිළදාරිවරුන්ගේ පව් ගෙවන්නේ මොකටද?
රෙද්දක් ඇදගෙන නම් ඔය වගේ කතා කියන්න බැහැ. ඔය මිල සුත්‍රය කියාත්මක වෙනකම් අර ආණ්ඩුවව විවේචනය කළා. දැන් කියනවා ඒක නැතුව පාඩුලු.
බන්දුල ගොයියෝ. තමුසෙත් එක්ක මේක හරියන මගුලක් නෙමෙයි. ඊළඟ ඡන්දයේදී අපි දානවා තමුසෙලව එලියට .
මොනා අඩු කරත් ඉන්ධන නම් අඩු කරන්න එපා. වායු දූෂණයයි මාර්ග තදබදයයි රටට දරන්න බෑ. ඒ ලාබෙන් අත්‍යවශ්‍ය භාන්ඩ මිල අඩු කරන්න, පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න.
අපි කොහොමටත් තවම 2500 න් මාසයක් කන කට්ටිය නිසා ඉන්ධන මිල අඩු නොකලත් කමක් නැහැ ඇමති තුමෝ.
මේ 2500 යෙන් ජීවත්වෙන්න පුළුවන් කියපු ඇමති නේ තව මෙන කතා ද.?
මෙයාල තමයි කබරයා තලගොයි කරන්නේ රුපියල් 2500 කින් මාසයක් ජීවත්වෙන්නේ පුළුවන් කිවුවේ.
බන්දුල මහත්තයෝ අහන්න ඉන්ධන නොමිලේ දෙන්නද කියලා. එ්ත් සමහර අය කියයි සල්ලිත් එක්ක දෙන්න කියලා.