(ඉන්දිකා රාමනායක)
අන්තර්ජාලයේ පළ වු ළමා අපයෝජන සිද්ධියක වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
අදාල වීඩියෝව අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාලගත පරීක්ෂණයක් ආරම්භ කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
පරීක්ෂණයේ ඉදිරි විමර්ශන සදහා මේ සිද්ධියට අදාල දැරියගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත් එම නිසා වීඩියෝ පටයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති ( 077 7-8 78 414, 071 8 26 40 24) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd