කොරෝනා වයිරසයෙන් බැට කන රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක කඩිනම් ආධාර පැකේජයක් ලබාදෙන බව ලෝක බැංකුව නිවේදනය කරයි.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 70කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේග ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ චීනය, දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සහ ජපානය යන රටවලටය.
‘‘අපේ අරමුණ අවශ්‍ය රටවලට කොරෝනා වයිරසය මැඬීම සඳහා වේගවත් සහ ඵලදායී පියවර ගැනීමටත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමටත් සහයෝගය දැක්වීම’’ යැයි ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පැවැසීය.
‘‘දුප්පත් පෙළෙන රටවලට කොරෝනා තවත් අමතර බරක්. අපි එය හඳුනාගන්න ඕනෑ. කෝවිඩ්-19 ව්‍යාප්ත වීම වැළැක්වීමට අඩුම හැකියාවක් තිබෙන්නේ එම රටවලට. ඒ නිසා ඔවුන්ගේ තත්ත්වය හඳුනාගැනීම ඉතාම වැදගත්’’ යැයි හෙතෙම කීය.
ලොව දුප්පත්ම රටවල් ඉලක්ක කරගනිමින් ලෝක බැංකුව මෙම ආධාර පැකේජය නිවේදනය කර ඇත. එම ආධාර මුදල් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම හෝ සෞඛ්‍ය සේවා සඳහා මෙන්ම විශේෂඥ සහ ප්‍රතිපත්ති සහාය ලබාගැනීම සඳහා යොදාගත හැකි යැයි ද ලෝක බැංකුව සිය නිවේදනය සඳහන් කර ඇත.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දැන් මේ ගොල්ලෝ එ්ක මෙහෙ පතුරවයිද දන්නේ නැහැ...
අපේ අයියලා මේ කතාව දන්නේ නැත්ද? තවම එයාලා හැමදේම දකින්නේ මාධ්‍යයෙන්නේ. දැන් ඉන්දියාවට ගිහින් ලෙඩේ අරගෙන එයිද දන්නේ නැහැ.. චීනෙට නොකඩවා ගුවන් ගමන් ඇරියා ජනතාවගේ වාසනාවට ආරක්ෂා වුණා... දැන් මිලේනියම් අත්සන් කරන්නත් බැහැ. මේ බිලියන 12 ගන්න කොහොමහරි දඟලයි. කාටහරි හැදුණොත් මන්දිර දෙක ළඟට යන්න පළමුව එතැනින් රෝගය පතුරුවන්න පවුල් පිටින්ම යන්න සුනාමි අාධාරවලට කරපු දේ මතකනේ...
අනිවාර්යයෙන් මේක නම් අපේ සමහර දේශපාලකයන් හට වෙන රටවල් වලින් ගෙවල්, ඉඩම් ගන්න පුළුවන් වෙයි... කොහොම වුණත් මේ ණයත් අපිටම ගෙවන්නත් වෙයි.
සුනාමි ආධාර යම් කෙනෙක් හොරකම් කළේද ඔහු මේ පුවත දැකීමෙන් මහත් ආනන්දයට පත්වී රට පුරා කොරෝනා රෝගය පතුරවා කොරෝනා ආධාරද හොරා කෑමේ අවධානමක් ඇත...
ඕකට තමයි දැඟලුවේ... සමහර රටවල අය අපේ සුනාමියෙන් හම්බකළා වගේ ඒක වවාගෙන කන්න වගේ යන්නේ...