( ටී.කේ.ජී.කපිල )
රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් දෙදෙනෙකු අද(04) කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම රන් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂ අසූ නව දහස් හාරසිය අසූවක් පමණ වන බව රේගු නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සෙල්ලම් බඩු සහ ඇදුම් අලෙවි කරන සාප්පු දෙකක සේවය කරන තරුණයන් දෙදෙනෙකි .
මින් එක් තරුණයෙකු 25 හැවිරිදි වියේ පසුවන දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , අනෙක් තරුණයා රාගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි .
ඔවුන් ඇද සිටි කළිසම් වල සාක්කු වල සහ ඉන ප්‍රදේශයේ මෙම රත්තරන් තොගය සගවා ගෙන තිබී ඇති අතර එහි කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 103 ක් බර ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ රත්තරන් කැබලි තොගයක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කියන්න.. තිබුණේ ඔච්චරද..?