( ජයන්ත සමරකෝන්)
අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ සිරකරුවන් රඳවා සිටි සිර වාට්ටු දෙකක කළ හදිසි සෝදිසියකදී සඟවා තිබූ ජංගම දුරකතන 26 ක් ඇතුළු නීතී විරෝධි උපකරණ හා ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර බුද්ධි අංශ බාරයට ගෙන තිබේ.
බන්ධනාගාර බුද්ධි අංශයට ලද තොරතුරක් මත බී1 සහ ඊ 1 යන සිරවාට්ටුවල ජංගම දුරකතන 26 ක් ,සිම්පත් 30 ක් බැටරි 30, මුදල් රුපියල් 2,700 මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමට බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් 24 දෙනකු සහභාගී වූ බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd