(නිමල කොඩිතුවක්කු)
නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත් සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(09) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙකුට සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයෙකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරිමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේදී විවෘත කෙරිණි. සර්ව ආගමික කටයුතු කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භකෙරුණු අතර එහිදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ විශේස ප්‍රකාශයක්ද සිදුකරනු ලැබීය.
“අපි අද මේ විවෘතකලේ මේ රටේ පොදු ජනතාවගේ මහගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය මේ රටේ සෑම දෙනාගේම දුක්ගන්නාරාල බවට පත්වෙනවා” යැයිද එහිදි රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුනේ නායකයින් වන චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පී හැරිසන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකතුමාව අමතක කරලා...
නායකතුමාව අමතක කරලා වැඩේ කරගෙන යන්න. දුක්විඳින ජනතාව ඔබ සමගයි. මිනිසුන්ට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා... සුද්දගේ කාලේ ඉඳන්ම....
ඔය කියන දොර අර පහුගිය දවස්වල තවත් දේශපාලකයෙක් කියපු සැලෝන් එකේ දොර වගේද?
සජිත් ඔබ කොහොමද ජනතාව ගාවට යන්නේ? පරාජය නියතයි. මට පේනවා දුර ඔබට වඩා...
මංගලයි, රාජිතයි ඉන්නවා නම් සජිත්ට දෙයියන්ගේ පිහිටයි.
එක්සත් ජාතික පක්ෂේ අපේ අලියා එක්ක රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම වගේ හදවතින්ම පක්ෂෙට ආදරේ කරන අය එක්ක අකිල නම්බුකාර ගමනක් යන්නේ... ඔතන ඉන්නේ ඔක්කොම වැලේ වැළ නැති වුණු පක්ෂවල හොට බිම ඇනුණ කට්ටියක්. මේ අය එක්ක ගේම් ගහන්න පුළුවන්. මැතිවරණ දිනවන්න නම් අපිට අඬගහන්න නම් එන්න එපා...
මොහුගේ ක්‍රියාකලාපය ඉතාම කණගාටුදායක බව කිව යුතුමයි. එක්සත් ජාතික පක්ෂය කිසිදිනෙකදී බිඳී ගියේ නැත. එහෙත් පුද්ගලයන් සහ කණ්ඩායම් වශයෙන් වෙනස් මත දරමින් ඉවත් විය. රටේ ජනතාව ගැන නොතකා බල ලෝභයෙන් කරන දෙයකි. සජිත් ප්‍රේමදාස තවදුරටත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවේ. ඔහුව පන්නා දැමිය යුතු යයි අප කිව්වේ මෙයට බොහෝ කලකට පෙර සිටයි. එහෙත් එය නොකිරීමේ ප්‍රතිඵලය දැන්වත් අවබෝධ කරගත යුතුයි. දැන්වත් මෙම අමනෝඥ පුද්ගලයාව පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි...
අනේ අපේ රටට උන දෙයක්. රටට ආදරය කරන සිංහලයෙක් නැති උන හැටි. බලය ගන්න ඕනෙම ජරා වැඩක් කරන කාලකන්නි.
මම හිතන විදිහට සමන්ත මහත්මයා ලංකාවේ නෙවේ ජිවත් වෙන්නේ. ජිවත්වෙන්නේ ලංකාවේ නම් පාරට බැහැලා හම්බු වෙන මිනිසුන්ගෙන් අහන්න රනිල්ට කැමති කවුද කියලා. අනිවාර්යයෙන් 95% ක් රනිල්ට කැමති නැහැ. මම ජනාධිපතිවරණෙට එජාපෙට කැන්වසින් ගිය වෙලාවේ මේක හොඳට දැක්කා. රනිල්ට මිනිස්සු බනින විදිහ මේ තීරුවේ ලියන්න බැහැ. මෙතන තිබෙන ප්රශ්නය සජිත් නොවේ රනිල්. රනිල් ප්රමුඛ සන්ධානයට මිනිස්සු ඡන්දෙ නොදෙන බව දන්නා නිසා තමා එක්සත් ජනතා සන්ධානය සහ එජාපයේ වැදගත් තනතුරු දරන පුද්ගලයන් සහ විශාල ඡන්ද පදනමක් තිබෙන රන්ජන් රාමනායක වැනි පුද්ගලයන් සජිත් වටේ රොක්වෙලා ඉන්නේ. රනිල්ට මහාපරිමාණ වංචා දුෂණ තිබෙන පුද්ගලයන් සහ පවුලේ නෑයන් වන ඡන්ද පදනමක් නැති පුද්ගලයන්. රනිල් අලියාගෙන් ඔහුගේ කණ්ඩායම සමග ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඔහුට 5% වත් ගන්න බැරිවෙනවා.
ජනාධිපතිවරණෙන් පැරදුන මේ මනුස්සයා දැන් පක්ෂේත් කන්න වගේ හදන්නේ. සජිත් නම් දිනන්නේ නෑ. මිනිහගේ තණ්හාව වැඩි.
පොඩි කාලයේ අහපු සුරංඟනා කතාවක් මතක් වුනා. සිංහයෙක් සහ නරියෙක් ඉතා මිත්‍රව ජීවත් වුණා. සිංහයා දඩයම් කරන සතුන්ගෙන් ඉතිරිවන මස් වගේ හොඳ ආහාර අනුභව කරලා නරියාත් පුෂ්ඨිමත්ව වැඩුණා, කනාටු ඇඟෙහි මස් දාල හොඳ මහත නරියෙක් වුණා. ඉතින් දවසක් මූ කල්පනා කළා මමදැන් සිංහයාට සරිලන්නෙක් නොවෙම්ද ? මටත් හැකිය හස්තීන් දඩයම් කරන්න කියලා ඇතෙක්ගේ පිටට පැනලා මරාගන්න පිට හප හපා හිටියා. ඇතාත් මේ නරි කරදරේ උහුලන්න බැරිව අල්ලාගෙන පොළොවේ ගසා මැරුවා. ලස්සන කතාවක් නේද ? නරියෙක් කවදාවත් ඇතෙක් මරන්න පුළුවන් සිංහයෙක් වෙන්නේ නැහැ. මේක වර්තමානයට අදාළ වෙන්නේ කොහොමද කියල මගෙන් අහන්න එපා. මේක නිකම් කතාවක් විතරයි.