(නයනජිව බණ්ඩාර)
උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් මොණරාගල ඇතිමලේ ,කොටියගල හැවැන්පිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදි වියලි ගංජා කිලෝ 3,230ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද ගංජාවල වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 8 ක් පමණ වනු ඇතැයිද පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරු කොටියගල හැවැන්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.
වියළි ගංජා, කිලෝව බැගින් පැකට් කර ප්‍රවාහන ය සදහා සුදානම්කර කරමින් තිබියදී විශේෂ කාර්ය බලකාය අද (10) මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු සහ ගංජා වැඩිදුර පරීක්ෂණ සඳහා ඇතිමලේ පොලීසියට බාර දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල දක්වා හයිවේ තියෙන නිසා දැන් කොළඹටම ප්රවාහනය පහසුයි. ඒ ගැන අවධානය යොමු කළොත් හොදයි.