( ජයන්ත සමරකෝන්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලට අතර මග පිවිසුම් වලින් මගීන් නංවා ගැනීමට සහ බැස්සවීම සඳහා පහසුකම් සැපයීමට අදහස් කර ඇති බවත් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම ලබා දෙන නිර්නායක දන්වන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ගමනාගම කොමිසමට දැනුම් දී තිබේ
මෙවැනි සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත්තේ ප්‍රථම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර 9 කට පසුවය.
දියමන්ති හැඩයෙන් යුතු කහතුඩුව, කඩුවෙල, දොඩන්ගොඩ, වැලිපැන්න, බද්දේගම, කසාගල, අඟුණකොළපැළැස්ස, බරවාකුඹුර යන පිවිසුම් ස්ථානයන්හිදී මෙම පහසුකම් සැපයිය හැකි බවද මාර්ග සංවර්ධන අධීකාරිය කියයි.
මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිසම වැඩපිළිවෙළක් සකස්කර ඒ බව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන් පසු අදාළ පිවිසුම් ස්ථානවල අවශ්‍ය පහසුකම් සළසන බවද එම අධිකාරීවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රමය අනෙකුත් රටවල මුල ඉඳන් තිබුණු දෙයක්. අපේ බුද්ධිමතුන්ට නුවණ පහල වෙලා තියෙන්නේ අවුරුදු 9 කට පස්සේ. අපේ නිලධාරීන් විදේශ වල පුහුණු වැඩසටහන් වලට යනවා එනවා මේ දේ දැක්කේ නැද්ද මෙච්චර කල්? මේ වගේ මාර්ග සංඥා පද්ධතියේත් වෙනස්කම් කළ යුතු වෙනවා. මං තීරු ලකුණු සහ වෙන් කිරීම ගැනත් අපේ අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා පිටරටවලින්.
මේක වෙනත් රටවලට ගැළපුනාට අපේ රටට නොගැළපෙන බවයි මගේ හැගීම. දැනටමත් අධිවේගී මාර්ගයේ යන බස් රථ මගින් නීතිය නැමීම සිදුවන බව ඔබ දන්නවද? ආසන සංඛාවට වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන යන සහ එසේ යාමට කැමති මගීන් ප්‍රමාණයක් සිටින බව ඔබ දන්නවද පිවිසුම් දොරටු වල සිටින පොලිස් නිලධාරීන් වාහනයට එබිකම් නොකරනුගේ ඔවුන්ට යම් ගතමනාවක් ලැබෙන නිසාදැයි සැකයක් උපදී. අධිවේගී මාර්ගයේ යන බස් රථ ධාවනය වන්නේ ඔවුන්ට ප්‍රමුඛතාවය ලැබිය යුතුයි කියන සාමාන්‍ය මාර්ගයේ නීතියටම බව ඔබ දන්නවද ?
අධිවේගී මාර්ග පහසුකම කුරුණෑගල නුවර අයට ලබන්න තව අවරුදු 999999999999999999999 ක් වත් යාවි.
තවත් ගොන් තකතීරුවන් වැඩකට අත ගහන්න යන්නේ.
පස්සේ හරි කමක් නැහැ වැරැද්ද හරිගස්සනවා නම්.....................
ජනතවට පහසුව සලසන්න යන කලක්
ආදී වේගේත් බස් කොට කොට යන්න පොටක් පදා ගනී අනිවාර්යෙන්ම.
ඇත්තටම මේවා මන්දගාමියි.
ගොන් වැඩක්. දැන් වැඩියෙනුත් ගෙවල් කොට කොටා යන්න තමයි වෙන්නේ. තමන්ගේ මලු විතරක් ගැන හිතන බස් කාරයෝ ටික ඔය වදෙන් අනිවාර්යන් ගොඩ යයි.
මොකද්ද ඔය ඩයමන්ඩ් හැඩේ කියන්නේ. මෙච්චර කාලෙකට මම නම් ඔහොම එකක් ඔය අධිවේගී පිවිසුම් වල දැක්කේ නැහැ.
මේ විදියට ළඟදීම ත්‍රී වීලර්ස් වලටත් අධිවේගේ ඉඩ දෙන්න වේවි.
අධි වේගේත් නාරාහේන්පිට කොටුව ගානට වැටෙයිද?
දියුණු රටවල අධිවේග මාර්ගවල බස් වලට වෙනම මන් තීරුවක් වෙන් කරලා තියෙනවා කියලා සමහරු කියනවා.
අනේ අපොයි......හදලා දීපු පාරේ යන්න දන්නේ නැති අයට ලංකාවේ අධිවේගී මාර්ග හැදුවා වාගේ.... චීන උපමා කතාවකි...
කමල් මහත්මයාණෙනි, ලංකාවේ ඉන්න අය ගැන අපි හොදට දන්නවනේ. දියුණු රටවල වෙනම බස් මන්තීරු වල බස් යනවා වෙන්න පුලුවන්. නමුත් නොදියුණු බස්කාරයෝ ඉන්න ලංකාවේ බස් මන්තීරු වෙන් කරලා තාප්පයක් බදින්න වෙන බවනම් විශ්වාසයි.
එහෙනම් එ්කත් ඉවරයි. තව ටික දවසකින් ත්‍රීවීලර් කාරයින්ට ත්‍රීවීලර් නවත්වා ගන්න ඉඩ ලැබේවි...!!!